පවතින ගංවතුර තත්ත්වය සමඟ ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හේතුවෙන් බෝවන රෝග පැතිරීමේ අවදානමක් මතුව ඇති බව කොළඹ මහ නගර සභාව පවසනවා. ජල මුලාශ්‍ර අපවිත්‍ර වීම හේතුවෙන් පාචනය හා මී උණ වැනි බෝවන රෝග පැතිර යෑමේ අවදානමක් ඇති බවයි එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන සඳහන් කළේ.
හැකි සෑම අවස්ථාවකම උණුකර නිවාගත් ජලය පානය කිරීමට පියවර ගන්නා ලෙසත් පලතුරු, එළවළු සහ පළාවර්ග භාවිතයට පෙර ඉතා හොඳින් පිරිසිදු ගත යුතු බවද ඇය සඳහන් කළා. පලතුරු, එළවළු සහ පළාවර්ග භාවිතයට පෙර ඉතා හොඳින් පිරිසිදු ගත යුතු බවත් ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් උපදෙස් ලබාගත හැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.