ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායලයට විරෝධය පළ කරමින්, ඊශ්‍රායල වැසියන්ට මාලදිවයින තහනම් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබේ.

මාලදිවයින මුස්ලිම් දූපත් රාජ්‍යයක් වන අතර, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ට සහාය දෙයි. ඊශ්‍රායලය ඉවක් බවක් නොමැතිව දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන් මාලදිවයින රජය ඊශ්‍රායලයට මෙසේ විරෝධය පළ කර තිබේ.

මේ අතර, ඊශ්‍රායල රජය ද එරට වැසියන්ට අනතුරු ඇඟවීමක් කර ඇත. ඒ, මාලදිවයිනේ සංචාරය කිරීමෙන් වළකින ලෙසය. ඊට අමතරවම, ඊශ්‍රායලය මාලදිවයිනේ සිටින ඔවුන්ගේ වැසියන්ට දැනුම් දී ඇත්තේ හැකි ඉක්මනින් එරටින් පිටවන ලෙසය. (AFP)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version