යුරෝපා සංගමය මඟින් ශ්රී ලංකාවට ලබාදෙන GSP + තීරුබදු සහනය තවත් වසර 4 කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම තීරණය කර තිබෙනවා. GSP + තීරුබදු සහනය මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන්වීමට නියමිතව තිබුණා.
ඒ අනුව 2027 දෙසැම්බර් 31 වනදා දක්වා මෙම සහනය දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් යුරෝපා සංගමය සඳහන් කරන්නේ.