Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
  • දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
  • ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
  • සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි
  • රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ණය නිසා හිර වුණු අයට සහන පැකේජයක්
Financial 1 Views

ණය නිසා හිර වුණු අයට සහන පැකේජයක්

Buzzer EditorialBy Buzzer EditorialJanuary 17, 2025No Comments2 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා රජය විසින් සහන පැකේජයක් සැලසුම් කර තිබේ.

මෙම සහන පැකේජය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකු සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයන් සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කරමින් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු සඳහා සහන සැලසීම සඳහා දිගු කාලීන දැක්මක් සහිතව සකස් කර ඇත.

බලපත්‍රලාභී බැංකුවකින් ණය පහසුකමක් ලබාගෙන 2019.04.01 දින හෝ ඉන් පසුව අදියර 3 (අක්‍රිය ණය) කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අවශ්‍ය සියලුම ලියකියවිලි සමඟින්, 2025.03.31 හෝ ඊට පෙර අදාළ සහන බැංකු ඒකකය සමග සාකච්ඡා ආරම්භ කරන්නේ නම්, එම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යෝජිත සහන පැකේජය සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබයි.

(අ) විශේෂිත සහන

1. 2024.12.15 දිනට පැවති සමස්ත ගෙවිය යුතු ණය ප්‍රාග්ධන වටිනාකම මත පදනම්ව කාණ්ඩ තුනක් යටතේ විශේෂිත සහන ක්‍රියාමාර්ග යෝජනා කර ඇති අතර ඒ අනුව එක් එක් කාණ්ඩය සඳහා හිමිවන විශේෂිත ප්‍රතිලාභ පහත වගුවේ දක්වා තිබේ.

රු. බි. 886ක පමණ වටිනාකමක් සහිත 494,000ක් පමණ වන ණය ලබාගත් අය 2019.04.01 සිට 2024.09.30 දක්වා කාලය තුළ බැංකු විසින් අදියර 3 ණය කාණ්ඩය (අක්‍රිය ණය) යටතේ වර්ග කර ඇති අතර, එසේ වර්ග කර ඇති ණය සංඛ්‍යාවෙන් 99% ක් පමණම රු. මි. 25ට අඩු ණය ගැනීම් ලෙස වාර්තා වී ඇත.

රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%කට වඩා වැඩි ආංශික දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය රටේ ආර්ථිකයේ දිශානතිය තීරණය කිරීමේ උපායමාර්ගික වැදගත්කමක් ඇති අංශයක් ලෙස හඳුනාගෙන ඇත.

එසේ වුවද, 2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ්-19 වසංගතය, 2022 ආර්ථික කඩා වැටීම සහ අනෙකුත් බාහිර බලපෑම් මත පසුගිය වසර කිහිපය තුළ රට මුහුණ පෑ කැලඹිලි සහගත තත්ත්වය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දැඩි ලෙස බලපෑ අතර, එම තත්ත්වය ඔවුන්ගේ ව්‍යාපාර සුපුරුදු ධාරිතාවයෙන් පවත්වාගෙන යාමේ හැකියාවට බලපෑම් කරන ලදී.

මෙය ඔවුන්ගේ ණය ක්‍රමවත්ව ගෙවීමේ හැකියාවට බලපෑ අතර ණය පැහැර හැරි අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බැංකු යොමු වීම හේතුවෙන් ඔවුන්ගේ ණය සුරැකුම්/වත්කම්වල අයිතිය අහිමි වීමේ අවදානමට ලක් විය.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් පසුගිය කාලය තුළ අත්විඳින ලද අහිතකර බලපෑම් හේතුවෙන් ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය විසින් සහන පැකේජය සැලසුම් කර තිබේ.

සම්පූර්ණ විස්තර පහතින්,

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවිදුලි ගාස්තුව ගැන PUCSL අවසන් තීරණය අද
Next Article මත්තල ගුවන් මෙහෙයුම් බදු දීමට ගත් තීරණය ගැන යළි අධ්‍යයනයක්
Buzzer Editorial

Related Posts

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 18, 20268 Views

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

By Buzzer EditorialJune 18, 202608 Views

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්…

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
  • දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
  • ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
  • සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි
  • රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.