ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදය සරල කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින රෙගුලාසීන් අනුව මෙරටදී පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා යන වීසා වර්ග තුන නිකුත් කරන අතර ඒ අතුරින් පැමිණීමේ වීසා සහ වාස වීසා යන වීසා කාණ්ඩ දෙකෙහි නිකුත් කිරීමේ ක්‍රමවේද සංකීර්ණ බව හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
මේ හේතුවෙන් වැඩි විදේශ ආකර්ෂණයක් ඇති රටවල ක්‍රියාත්මක වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති අතර දැනට පවතින වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.