හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන අගෝස්තු මස දී නැවත ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව අද දිනපතා පුවත්පතක් වාර්තා කර තිබෙනවා. ඉදිරියේදී ද ක්රියාකාරී දේශපාලනයේ නියැලෙමින් මාතෘ භූමියට සේවය කිරීම තමන්ගේ අරමුණ වන බව එහිදී සන්ධාන වනවා.
පසුගිය ජුලි මස 9වන දින සිදී වූ මහජන අරගලය සමග හිටපු ජනපති සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරනු ලැබුවා. සිය ඉල්ලා අස්වීමේ ලිපිය හිටපු ජනපති විසින් කතානායකතුමාට පළමුව විද්යුත් තැපෑල හරහා යොමු කරනු ලැබුවේ ආරක්ෂාව පතා මාලදිවයින හරහා සිංගප්පුරුවට පැමිණි පසුබිමකයි. සිටපු ජනපති සිංගප්පුරුවේ තවමත් රැදී සිටින බවට නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරනවා.