පෙර සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා විභාගය පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.
උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් ඊයේ (22) විභාගයට ගත් අවස්ථාවේදී එක් පෙත්සමක් නිෂ්ප්‍රභ වී ඇති අතර අනෙක් පෙත්සම ඉල්ලා අස් කරගෙන තිබෙනවා.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.