වාරික ගෙවීම් ප්‍රමාදවී ලීසිං සමාගම් විසින් මෙහෙයවන පිරිස් විසින් බලහත්කාරයෙන් වාහන පැහැරගෙන ගිය විට කොල්ලකෑම නමැති චෝදනාව යටතේ විමර්ශන සිදුකළ හැකි බව පොලීසිය පවසනවා. ඒ අනුව මීට මාස කිහිපයකට පෙර මහනුවර නගරයේ දී එක්තරා රියදුරෙක්ව වාහන අත්පත්කර ගන්නා පුද්ගලයින් කිහිපදෙනෙක් විසින් අදාළ රියදුරුට පහරදී වාහනය රැගෙන ගොස් ඇති බවත් මේ වන විට ඔවුන්ට එරෙහිව වාහන කොල්ලකෑම යටතේ නීතිමය පියවර ගෙන ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
වාරික නොගෙවූ රථවාහන ඇත්නම් ලිසිං සමාගම් විසින් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
එසේ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිව දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ලබාදීම සිදුකරන බවත් අදාළ ක්‍රියාවලිය සිදුවන අවස්ථාවේදී යම් සාමය කඩවීමක් සිදුවන්නේ නම් සාමය ආරක්ෂා කිරීම සඳහා මෙලෙස පොලිස් නිලධාරීන් ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.