2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (25) පැවති තරඟ 04 න් ජයග්රහණ ලබා ගැනීමට සෙනෙගල්, ඉරානය, යන කණ්ඩායම් සමත් වූ අතර තවත් තරඟ දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
පළමු තරඟය ලෙස වේල්ස් කණ්ඩායම හා ඉරාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 02-0 ක් ලෙස ජය ගැනීමට ඉරාන කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Rouzbeh Cheshmi හා Ramin Rezaeian ගෝල වාර්තා කළා.
දෙවන තරඟය ලෙස කටාර් කණ්ඩයාම හා සෙනෙගල් කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 01- 03 ක් ලෙස ජය ගැනීමට සෙනෙගල් කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Boulaye Dia, Famara Diedhiou,Bamba Dieng ගෝල වාර්තා කළා.
නෙදර්ලන්ත කණ්ඩායම හා ඉක්වදෝරය කණ්ඩායම අතර පැවති තරඟයේදී කණ්ඩායම් දෙකම එක් ගෝලය බැඟින් වාර්තා කිරීම හේතුවෙන් එම තරඟය සම තත්ත්වයෙන් අවසන් වූ අතර එහිදී එම කණ්ඩායම් වෙනුවෙන් Cody Gakpo හා Enner Valencia ගෝල වාර්තා කළා.
මේ අතර එංගලන්ත කණ්ඩායම හා අමෙරිකාව අතර පැවති තරඟයේදී කණ්ඩායම් දෙකම කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙන් එම තරඟයද ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.