2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (22) පැවති තරඟවලින් ජයග්‍රහණ ලබා ගැනීමට සෞදි ආරාබි කණ්ඩායම හා ප්‍රංශ කණ්ඩායම සමත්වූ අතර අනෙක් තරඟ දෙක ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ආජන්ටිනා කණ්ඩායම හා සෞදි ආරාබි කණ්ඩායම අතර තරඟයෙන් ගෝල 02-01 ක් ලෙස ජය ගැනීමට සෞදි ආරාබි කණ්ඩායම සමත් වූ අතර සෞදි ආරාබි කණ්ඩායම වෙනුවෙන් SALEH ALSHEHRI, හා SALEM ALDAWSARI එම ගෝල වාර්තා කළා.
C කාණ්ඩය නියෝජනය කරන මෙක්සිකෝ කණ්ඩායම හා පෝලන්ත කණ්ඩායම අතර පැවති තරඟයේදී දෙපිළම කිසිඳු ගෝලයක් වාර්තා නොකිරීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව තරඟය අවසන් වුණා.
එසේම D කාණ්ඩය නියෝජනය කරන ඩෙන්මාර්ක කණ්ඩායම හා ටියුනීසියා කණ්ඩායම් අතර පැවති තරඟයේදීද දෙපිළම කිසිඳු ගෝලයක් වාර්තා නොකිරීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව තරඟය අවසන් වුණා.
මේ අතර ඊයේ (22) පැවති C කාණ්ඩය නියෝජනය කරන ප්‍රංශ කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරඟයෙන් ගෝල 04-01 ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ප්‍රංශ කණ්ඩායම සමත් වූ අතර එහිදී ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් Adrien Rabiot, Olivier Giroud, Kylian MBAPPE ගෝල වාර්තා කළා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.