සුරාබදු ආදායම ඉකුත් මාර්තු මාසයේදී සියයට 40කින් පමණ පහළ බැස ඇති නමුත් කිසිසේත් අරක්කු මිල අඩුකිරීමේ තීන්දුවක් ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. අරක්කු මිල ලබන ජුනි මාසයේ සිට අඩුවන බවට සමාජ මාධ්‍යජාලවල පළවන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නැතැයිද මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරියෙක් මෙරටේ ප්‍රධාන පුවත්පතකට පැවසීය.
මේ වසරේ ජනවාරි මාසයේදී සුරාබදු ඉහළ නැංවීම නිසා මේ වසරේ ඉලක්ක ගත සුරාබදු ආදායම සියයට 30කින් පමණ අඩුවනු ඇතැයි ගණන් බලා තිබෙන බවද ඔහු කීය. නිත්‍යාණුකූල අරක්කු අලෙවියේ බිඳ වැටීමත් සමග පාරිභෝගිකයන් නීති විරෝධී මත්වතුරවලට යොමුවීම ඉහළ ගොස් තිබෙන අතර එම නිසා රජයේ ආදායම අඩුවී ජනතාවගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන බවද මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයා පැවසීය. (ලංකාදීප)