නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද(27) දිනයේ ගමනාන්ත තැපැල් කාර්යාල වෙත බෙදා හරින බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ, විශේෂ තැපැල් මගින් ය.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, විශේෂ ආරක්ෂාවක් යටතේ නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු බෙදා හැරීම සිදුවන බවයි.

නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු ඊයේ දිනයේ තැපෑලට භාරදෙනු ලැබුවේ ය.

නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු බෙදා හැරිමේ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කළ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා.  

මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව, හත් ලක්ෂ 12,319 කි.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 04 ,05 සහ 06 යන දිනවල පැවැත්වෙයි.

එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 ඒ සඳහා අමතර අවස්ථාවක් හිමිවනු ඇති. 

Share.
Leave A Reply

Exit mobile version