යල කන්නයේ වී මිලදී ගැනීම අද(27) සිට ආරම්භ වෙයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, වී මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.

අදියර වශයෙන් වී මිලදී ගැනීමට මුදල් නිකුත් කෙරෙන අතර, පළමු අදියර සඳහා ලබා දෙන මුදල රුපියල් මිලියන 500 කි.

ඒ අනුව හඳුනා ගත් ප්‍රදේශවල වී ගබඩා අද සිට විවෘත කර වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ය.

යළ කන්නයේ කිරිසම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130 කට මිලදී ගැනීමට නියමිතයි.

සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115 කි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105 බැගින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වු බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්විම ඊයේ පැවැත්විණ.

මේ අතර, පොහොර සහානාධාරය රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩි කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Share.
Leave A Reply

Exit mobile version