ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ 2025 දෙසැම්බර් 10 වන දින හලාවත ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරත වෙමින් අඛණ්ඩ ආපදා සහන කටයුතු නිරීක්ෂණය කළේය.
මෙහිදී ජපන් ආපදා සහන වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයින් සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජේඅයිසීඒ) නියෝජිතයින් හමුවී, මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී ජාතිය වෙනුවෙන් ඔවුන්ගේ වටිනා දායකත්වය අගය කළේය. ශ්‍රී ලංකාවට ඔවුන්ගේ කඩිනම් සහාය සහ අඛණ්ඩ සහයෝගය සඳහා ඔහු සිය කෘතඥතාව පළ කළේය.
මීට අමතරව, ව්‍යසනය හේතුවෙන් ආපදාවට ලක් වු හලාවත-තොඩුවාව මාර්ගයේ තොඩුවාව පාලම යුද හමුදාපතිවරයා විසින් පරීක්ෂා කරන ලදී. ඉන්දීය හමුදාව විසින් පරිත්‍යාග කරන ලද පාලම, ශ්‍රී ලංකා හමුදාවේ සහාය ඇතිව ප්‍රවාහනය කර මාර්ග සංවර්ධන අධිකාරියට (ආර්ඪ්ඒ) නිල වශයෙන් භාර දෙන ලදී.යුද්ධ හමුදාපති ගංවතුරෙන් හානි වූ බුජ්ජොමුව දුම්රිය ස්ථානය අසල බුජ්ජොමුව පාලමෙහි සිදුවෙමින් පවතින අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණයටද එක් විය.


