ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණට පැමිණීමට පාකිස්තානයේ බාබර් අසාම් සමත්ව ඇත.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (31) පැවැති තරගයේ දී නොදැවී රැස්කළ ලකුණු 11ත් සමග ඔහු මෙලෙස ඉදිරියට පැමිණියේය.

එම ඉනිමත් සමග මේ වනවිට විස්සයි20 ඉනිම් 123කට ක්‍රීඩාකර ඇති අසාම්ගේ ලකුණු සංඛ්‍යාව 4,234ක් දක්වා ඉහළ ගියේය.

අසාම්ගේ දක්ෂතා අතර ශතක 03ක් හා අර්ධ ශතක 36ක් අන්තර්ගතය.

අසාම්ට වඩා ලකුණු 3ක් පිටුපසින් සිටි රෝහිත් ශර්මා මෙහි දෙවන ස්ථානයේ පසුවෙයි.

ඉනිම් 151කට ක්‍රීඩාකර ඇති රෝහිත් ශතක 5ක් හා අර්ධ ශතක 32ක් සමගින් ලකුණු 4,231ක් රැස්කර ඇත.

විරාට් කෝලි මෙහි තෙවන ස්ථානයේ රැඳී සිටින අතර, ඔහු ඉනිම් 117කදී ලකුණු 4,188ක් රැස්කර තිබේ.

මෙම සටහනේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා කුසල් ජනිත්ය.

ඔහු ඉනිම් 88කදී ලකුණු 2,276ක් රැස්කර එහි 33වන ස්ථානයේ රැඳී සිටියි.

Share.
Leave A Reply

Exit mobile version