Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » Binance සමාගම සිය ගෝලීය නීති පද්ධතිය බලාත්මක කිරීම ඉහළ නංවයි
Financial 5 Views

Binance සමාගම සිය ගෝලීය නීති පද්ධතිය බලාත්මක කිරීම ඉහළ නංවයි

Buzzer EditorBy Buzzer EditorSeptember 28, 2022No Comments3 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

දිනෙන් දින වැඩි වන ඉල්ලුම සපුරාලීම සඳහා පුහුණු වැඩසටහන්

එමගින්, වර්තමානය වන විට දක්නට ලැබෙන ක්‍රිප්ටෝ අපරාධවලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් වෙත සහයෝගය දැක්වීම Binance සමාගමේ අරමුණයි.

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු සේවාව හා සම්බන්ධ ගෝලීය Blockchain පද්ධතිය වන Binance සමාගම සිය ජාත්‍යන්තර නීති බලාත්මක කිරීම වෙනුවෙන් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ අතර, පසුගිය වසරට සාපේක්ෂව පුළුල් අයුරින් පැවැත්වුණු එම පුහුණු වැඩසටහන අති සාර්ථකව අවසන් විය. ලොව ක්‍රිප්ටො මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව පැවැත්වුණු ප්‍රථම සම්බන්ධීකරණ වැඩසටහන වන මෙම වැඩසටහන Binance විසින් නිර්මාණය කරනු ලැබුවේ මූල්‍ය හා සයිබර් අපරාධ හඳුනාගනිමින්, ඒ ආශ්‍රිතව නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් වෙත සහාය වීමේ අරමුණිනි.

Binance සමාගමේ ගෝලීය බුද්ධි හා විමර්ශන ප්‍රධානී ටිග්‍රාන් ගම්බරියාන්

“ක්‍රිප්ටෝ ක්ෂේත්‍රයේ නියාමකයින්, රාජ්‍ය නීති ක්‍රියාත්මක කරන ආයතන හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් මෙම ක්ෂේත්‍රය සමඟ වඩාත් සමීපව කටයුතු කරන නිසා ක්‍රිප්ටෝ අපරාධ පිළිබඳව දැනුවත් කිරීමට සහ ඒවාට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය පුහුණුව සම්බන්ධයෙන් අද වන විට ඉතා වැඩි ඉල්ලුමක් දක්නට ලැබෙනවා. එම ඉල්ලුම සපුරාලීම සඳහා අපගේ කණ්ඩායමට සුවිශේෂී පුහුණුවක් ලබා දීමට වගේ ම ලොව පුරා සිටින විවිධ පාර්ශ්ව සමඟ අත්වැල් බැඳගනිමින් කටයුතු කිරීමට අපි කැප වෙනවා.” යනුවෙන් Binance සමාගමේ ගෝලීය බුද්ධි හා විමර්ශන ප්‍රධානී ටිග්‍රාන් ගම්බරියාන් මහතා පැවසුවේය.”

පසුගිය වසර පුරා, Binance විමර්ෂණ කණ්ඩායම ආජන්ටිනාව, බ්‍රසීලය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය, පිලිපීනය, ස්වීඩනය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය ඇතුළු ලොව විවිධ රටවල නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්ව සමඟ එක්වෙමින් සයිබර් සහ මූල්‍ය අපරාධ පිටුදැකීමේ වැඩමුළු 30 කට වැඩි ප්‍රමාණයක් පවත්වා ඇත.

මෙම පුහුණු වැඩසටහන මෙහෙයවනු ලබන්නේ සේද මාවත ඇතුළු ලොව විශාලතම ක්‍රිප්ටෝ අපරාධ සිදුවන ස්ථාන කිහිපයක් හයිඩ්‍රා වෙත ගෙනයාමට සහයෝගය ලබා දී ඇති ආරක්ෂක විශේෂඥයින් සහ ලෝක ප්‍රකට විශේෂඥයින් ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන විශ්‍රාමික නියෝජිතයන්ගෙන් සැදුම්ලත් Binance විමර්ෂණ කණ්ඩායමේ ප්‍රධානීන් විසිනි.

මෙම එක් දින පුහුණු වැඩසටහන සඳහා Blockchain සහ ක්‍රිප්ටෝ වත්කම් පිළිබඳ සංකල්ප පිළිබඳ අවබෝධය ලබා දෙන පුද්ගල වැඩමුළු ද ඇතුළත් වේ. කාලානුරූපීව විකාශනය වන නීතිමය හා නියාමන පරිසරය පිළිබඳ අවබෝධය ද මෙම වැඩමුළු හරහා ලබා දීම විශේෂිතය. මුදල් විශුද්ධිකරණ විරෝධී (AML) ප්‍රතිපත්ති හා වංචා හඳුනා ගැනීමට සහ ඒවා වළක්වාගැනීමට Binance සමාගම විසින් සකස් කරන ලද විමර්ෂණ ක්‍රමවේද පිළිබඳව ද මෙහි දී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරෙයි.

එහි ශක්තිමත් අනුකූලතාව සහ මුදල් විශුද්ධිකරණ විරෝධී වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස, Binance සමාගම මැතකාලීනව ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය වැනි රටවල අනුමැතිය හා ලියාපදිංචිය ලබා ඇති අතර, ඒ අනුව එම සමාගම G7 රටවල් තුළ මෙම සේවාව ලබා දෙන ක්‍රිප්ටෝ සමාගම් කිහිපය අතරින් එකක් බවට පත් විය.

“ අපගේ පරිශීලකයින් ආරක්ෂා කිරීම Binance සමාගමේ ප්‍රධානතම අරමුණක්. ත්‍රස්තවාදයට මුදල් සැපයීම, කප්පම් ලබා ගැනීමේ මෘදුකාංග, මිනිස් ජාවාරම්, ළමා අපයෝජන හා වෙනත් මූල්‍ය අපරාධවලට එරෙහි සටනට දායක වෙමින්, සැක සහිත ගිණුම් හා වංචනික ක්‍රියාකාරකම් සොයා ගැනීම සහ වැළක්වීමට අදාළ නීති ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් සමඟ අපි අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක වෙනවා.” යනුවෙන් ගම්බරියාන් මහතා පැවසුවේය.

2021 නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වූ Binance විමර්ෂණ කණ්ඩායම, සම්ප්‍රදායික මූල්‍ය ආයතනයකට වඩා වේගවත් (සාමාන්‍ය දින තුනක ප්‍රතිචාර කාලයක් සමඟ) නීති විසඳුම් ඉල්ලීම් 27,000 කට අධික ප්‍රමාණයකට ප්‍රතිචාර දක්වා ඇත. “ සාම්ප්‍රදායික මූල්‍ය ආයතන සියල්ලට ම වඩා වේගවත් ප්‍රතිචාර ක්‍රියාවලියක් ඇති නිසා ම නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්ව අතර Binance සමාගම වඩාත් ප්‍රසිද්ධයි,” ගම්බරියාන් මහතා තවදුරටත් අදහස් දැක්වුවේය.

Binance සමාගම පිළිබඳව

Binance යනු විශාලතම ඩිජිටල් වත්කම් හුවමාරුව ඇතුළත් මූල්‍ය නිෂ්පාදන කළඹක් සහිත ලොව ප්‍රමුඛතම Blockchain හා ක්‍රිප්ටො මූල්‍ය පහසුකම් සපයන්නා වේ. ලොව පුරා මිලියන ගණනක ජනතාවකගේ විශ්වාසය දිනාගෙන සිටින Binance සමාගම සිය පරිශීලකයින් සඳහා වැඩි මුල්‍ය නිදහසක් ලබා දීමට කැපවන අතර, ඒ හරහා ව්‍යාපාරික හා මූල්‍ය, අධ්‍යාපන, දත්ත හා පර්යේෂණ, සමාජ සුබසාධන, ආයෝජනය හා පුර්ව ලියාපදිංචි තක්සේරු කිරීම්, විමධ්‍යගත කිරීම්, යටිතල පහසුකම් විසඳුම් ඇතුළු ක්‍රිප්ටෝ නිෂ්පාදන හා සේවාවන් රැසක් ලබා දෙයි. වැඩි විස්තර සඳහා https://www.binance.com වෙත පිවිසෙන්න.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleතොටළඟ ගින්නේ නවතම තත්ත්වය
Next Article ඉතාලියේ නව අගමැති ධුරය මොලෝනීට
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.