ඊයේ (11) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කටුනාක ගුවන් තොටුපළේ සේද මාර්ගයේ පිටත්වීමේ පර්යන්තය ඔස්සේ රටින් පිටවීම සඳහා පැමිණ තිබෙනවා.
එහිදී කටුනාක ගුවන් තොටුපළේ සේද මාර්ගයේ පිටත්වීමේ පර්යන්ත ආගමන සහ විගමන නිලධාරීන් රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කර තිබෙනවා.
එබැවින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට දිවයිනෙන් පිටත්වීමට නොහැකිවී ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සේද මාවත මගී නිෂ්කාශන කටයුතුවලින් මධ්‍යම රාත්‍රීයේ සිට නැවත දැනුම්දෙනතුරු ඉවත්වීමට තීරණය කර ඇති බව සඳහන් කරයි.