Author: Buzzer Editorial

ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පුද්ගලයා ද මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ වෙඩිවැදීමෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අදාළ පුද්ගලයා මියගොස් ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි තරුණයෙකු බව සඳහන්ය. අද (07) අලුයම යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් දෙහිවල, වටරප්පල ප්‍රදේශයේ නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. 36 හැවිරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පැවසීය. කවුරුන් විසින් කුමන හේතුවක් මත එම වෙඩිතැබීම සිදුකළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගල්කිස්ස පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත් ගැසට් කර තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීට අදාළව කැඳවනු ලැබූ නාමයෝජනා අවලංගු කිරීම සඳහා වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝග පරිදි ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. එම පනත් කෙටුම්පතට අනුව පසුගිය 2023 වර්ෂයේ මාර්තු මස 9 වන දින පැවැත්වීමට දින නියම කරන ලද පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්කරන ලද නාමයෝජනා පත්‍ර අවංගු වනු ඇත. දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක්…

Read More

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ. ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08ක් වයසැති බිළිඳෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. කෙසෙවෙතත් ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වෛරස තත්ත්වය එතරම් බරපතළ නොවනු ඇති බවය.

Read More

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ. ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව පසුගිය 29 වනදා සැකකරුව ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්ම අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය. සැකකරු ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇත. එහි සඳහන්ව තිබුණේ, අදාළ පුද්ගලයා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා…

Read More

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබේ. මේ හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල අද (06) දින පැවැත්වීමට තිබූ අවසන් වාර විභාගය කල්දැමීමට කටයුතු කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසීය. ඒ අනුව අද උදෑසන වනවිට කලාප 8ක කොට්ඨාස 30කට අයත් පාසල් 600කට අධික ප්‍රමාණයක අදාළ ප්‍රශ්න පත්‍රය බෙදාහැරීම නවත්වා තිබේ. ඊට සමගාමීව විභාගය තාවකාලිකව අත්හිටුවා වෙනත් ප්‍රශ්නපත්‍රයක් ලබාදීමට කටයුතු කරන බව සිරිමෙවන් ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසීය. අනුරාධපුර මුලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇතැයි ද පැවසු ඒ මහතා, අක්‍රමිකතාව සිදුවුයේ…

Read More

රුපියල් ලක්ෂ අනුවක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ, ටොරින්ටන් ඇවනිව් හී පිහිටි ඉඩමක් පවරා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු වන්දි මුදලින් කොටසක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත් අවස්ථාවේදී මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත්දා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

Read More

ලොව ජනප්‍රියතම සජීවීකරණ චරිතයක් ලෙස සැළකෙන ‍ ශ්රෙක් සිනමාපටයේ එන බූරුවාගේ චරිතයට ආභාසය දුන් පෙරී නමැති බූරුවා මියගොස් තිබේ. කුඩා බූරුවෙකු වන පෙරී වයඹ දිග කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝ හි බෝල් උද්‍යානයේ සිටියදී මියයන විට වයස අවුරුදු 30කි. කුර රෝගයෙන් පීඩා විඳිමින් සිටි පෙරීට වම් පසුපස පාදයේ ආබාධයක් ද තිබූ අතර එය පෙරීට නැගී සිටීමට අපහසු වූ බව විදෙස් වාර්තා පවසයි. එඩී මර්ෆි විසින් හඬ කැවූ බූරුවාගේ චරිතය බිහිකිරීමට හේතුවූයේ පෙරීගේ හැසිරීමයි. බෝල් උද්‍යානය අසල ජීවත් වූ එක් සජීවිකරණ ශිල්පියෙකු එඩී මර්ෆිගේ චරිතයට පණ පොවා ගැනීමට උදව් කිරීම සඳහා ඔවුන්ගේ ගොවිබිම්වල සිටින බූරුවන් නිරීක්ෂණය කරන ලෙසට ඔහුගේ බිරිඳ පවසා තිබුණි. පසුව…

Read More

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනූව බස් රථ සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍ර වල අඩංගු කොන්දේසි මෙන්ම පළාත් සභා වලින් බස් රථ ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ දී අඩංගු කොන්දේසි සියල්ල එක්කර ගනිමින් මෙම මගී අයිතිවාසිකම් ලැයිස්තුව පිළියෙළ කිරීමට කටයුතු කෙරෙන බව වාර්තා වේ. අද දෙරණ කළ විමසීමක දී ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිලීප විතාරණ මහතා සඳහන් කළේ මෙම කරුණු සම්බන්ධයෙන් බස් රථ සංගම් සහ මගී සංගම් සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට නියමිත…

Read More

කොළඹ කොටුව පැරණි පොලිස් මූලස්ථානයේ සවිකර තිබූ cctv කැමරා 07 ක් අතුරුදහන්ව තිබේ. පොලිස් මූලස්ථානය විසින් මේ සම්බන්ධයෙන් ⁣ කොටුව පොලීසියේ පැමිණිල්ලක් ද සිදුකර ඇත. මේ වන විට පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤ වීදියේ පැරණි ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබේ. එම ස්ථානයට පොලිස් මූලස්ථානය රැගෙන යෑමෙන් අනතුරුව මෙම cctv අතුරුදහන් ව ඇති බව සඳහන් වේ. ⁣පැරණි පොලිස් මූලස්ථානයේ 05වන මහලේ මෙම cctv කැමරා සවි කර තිබී ඇති අතර ඒවායේ වටිනාකම මේ වන තෙක් ගණනය කර නොමැති බව වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ කලාපීය සමුද්‍රීය පාර්ශවකරුවන් හා එක්ව පසුගිය වර්ෂය තුල (2024) සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම්, අනවසර භාණ්ඩ ජාවාරම් සහ අනවසර සංක්‍රමණ ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 407 ක් සමඟ, රුපියල් මිලියන 28158 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය හා මත්පෙති ඇතුළු අනවසරයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කල භාණ්ඩ විශාල තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් විය. මෙරට සාගර කලාපය ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම උදෙසා ශ්‍රි ලංකා නාවික හමුදාව, කලාපීය සමුද්‍රීය පාර්ශවයන් හා එක්ව සාගර කලාපය නිරන්තර ආවේක්‍ෂණය කරමින් මෙහෙයුම් සිදුකරනු…

Read More