- පොසොන් පුර පසළොස්වක පොහොය අදයි
- හරක් කටාගෙන් ප්‍රකාශයක් ගන්න අල්ලස් කොමිසමට පහසුකම් සලසන්නැයි නියෝගයක්
- හිටපු ඇමති මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
- පොලීසියේ ලොකු පුටු මාරුවක්
- ට්‍රම්ප්ගේ පය පැටලෙයි
- නීතිවිරෝධී දුම්වැටි සමඟ අයෙකු කටුනායකදී අල්ලයි
- හෙට සිට කාලගුණයේ වෙනසක්
- කොලොම්බියාවේ ප්‍රබල භූමිකම්පාවක්
Author: Buzzer Editorial
ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ. ඒ අනුව මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරනු ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.4ක) මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව මෙම ගිවිසුමෙන් නිරූපණය කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබීය. එමෙන්ම චීන මහජන…
දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) උදෑසන දුම්රිය ගමන්වාර 10ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇත. කෙටි දුරගමන් සේවා දුම්රිය කිහිපයක් මෙලෙස අවලංගු කර තිබේ. මෙම විභාගය 19 වන ඉරිදා පැවැත්වෙන අතර ඒ සඳහා රියදුරන් 80ක් පමණ පෙනී සිටීමට නියමිතය. මේ හේතුවෙන් අද පස්වරුවේදීත් දුම්රිය ගමන්වාර 15 පමණ අවලංගු කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.
උසස්පෙළ පිළිතුරු ප්‍රශ්න ඇගයීමේ මධ්‍යස්ථානයකට ගුරුවරියන් ගවුම්වලින් සැරසී පැමිණීමත් සමග ඇති වූ ගැටලු සහගත තත්ත්වයට විභාග දෙපාර්තමේන්තුව මැදිහත් වී ඇත. මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේ, එම ගැටලු සහගත කණ්ඩායම දෙක විභාග දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කරනු ලබන ඇගයීම් මධ්‍යස්ථානයට කැඳවා එහි සිට පිළිතුරු පත් ඇගයීම් කටයුතු සිදුකිරීමට තීරණය කළ බවයි. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථානයට ගුරුවරියන් ගවුම්වලින් සැරසී පැමිණීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගත විය. ඊයේ (16) දිනය පාසල් පැවැත්වෙන දිනයක් බැවින් පාසල තුළට පැමිණිය යුත්තේ සාරිය හැඳගෙන වුවද, ඔවුන් ගවුම්වලින් සැරසී පැමිණීම හේතුවෙන් එම පාසලේ විදුහල්පතිනිය විසින් ඔවුන්…
පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කිරීම සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම සේවකයින් තිදෙනා වැරදිකරුවන් ලෙස තහවුරුවී තිබේ. අනතුරුව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙනා සේවයෙන් පහ කිරීම සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා (09) අනුමතිය ලබාදී තිබේ. පාර්ලිමේන්තු සේවිකාවන්ට වර්ෂ 2021 සහ 2022 කාල පරිච්චේදයේදී ලිංගික හිංසනයන් වීම සම්බන්ධයෙන් පුවත්පතක 2023 ජූලි 30 සහ 2023 අගෝස්තු 02 දින කරුණු වාර්තාවීමෙන් අනතුරුව එවකට ගරු කථානායකවරයාගේද උපදෙස් මත මේ සම්බන්ධව විමර්ශනය කිරීම සදහා ත්‍රිපුද්ගල අභ්‍යන්තර විමර්ශන කමිටුවක් 2023.08.04 දින එවකට…
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (17) ඇප මත මුදාහැර තිබේ. නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප 2ක් මත උදයංග වීරතුංග මහතා මුදාහැර තිබේ. අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය සිදුකළ පරීක්ෂණයකට අනුව ඔහු පසුගිය 10 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් ඉන්දු රුසියානු සමාගම් දෙකකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි අධ්‍යයනයක් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, මෙහෙයුම් කටයුතු භාරදීමට තීරණය කළ ඉන්දීය සමාගම මේ වනවිට අමෙරිකාව විසින් අසාදු ලේඛනගත කර ඇති බවයි. එවැනි තත්ත්වයක් යටතේ ගුවන් තොටුපොළේ මෙහෙයුම් එම සමාගමට ලබාදීම ගැටලු සහගත වී ඇති බවද ඔහු පෙන්වා දෙයි. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙහෙහුම්වල ලාභය බෙදා ගැනීම සම්බන්ධ කොන්දේසිද රජයට අවාසි දායක බවයි. ඒ අනුව අදාළ තීරණය අධ්‍යනය කර කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඉන් ලැබෙන නිර්දේශ මත ඉදිරි පියවර ගනු ඇති.. දැනට ගුවන් තොටුපොළ…
ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා රජය විසින් සහන පැකේජයක් සැලසුම් කර තිබේ. මෙම සහන පැකේජය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකු සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයන් සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කරමින් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු සඳහා සහන සැලසීම සඳහා දිගු කාලීන දැක්මක් සහිතව සකස් කර ඇත. බලපත්‍රලාභී බැංකුවකින් ණය පහසුකමක් ලබාගෙන 2019.04.01 දින හෝ ඉන් පසුව අදියර 3 (අක්‍රිය ණය) කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අවශ්‍ය සියලුම ලියකියවිලි සමඟින්, 2025.03.31 හෝ ඊට…
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අවසන් වාර්තාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. ඉදිරි මාස 6 සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකර පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතු බවට විදුලි බලමණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත්කර තිබුණි. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන්ද ඊට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව එම යෝජනා සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීම පසුගිය වසරේ දෙසැම්බර් 17වනදා ආරම්භ කළ අතර, එය පසුගිය 10 වනදා අවසන් විය. එම සැසිවාරයන්වල දී පුද්ගලයින් 400 දෙනෙකු පමණ යෝජනා ඉදිරිපත් කිරීම සිදුකළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම…
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සැරසී පැමිණි ගුරුවරියන් පිරිසක් හරවා යැවීමට කටයුතු කර තිබේ. ඊයේ (16) දිනය පාසල් පැවැත්වෙන දිනයක් බැවින් පාසල තුළට පැමිණිය යුත්තේ සාරිය හැඳගෙන වුවද ඔවුන් ගවුම්වලින් සැරසී පැමිණීම හේතුවෙන් එම පාසලේ විදුහල්පතිනිය විසින් ඔවුන් පාසලට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් ය. මෙහිදී පිළිතුරු පත්‍ර ඇගයීමට පැමිණි ගුරුවරියන් පවසා ඇත්තේ එම ඇගයීම් මධ්‍යස්ථානයේ පාලනය විභාග කොමසාරිස් ජනරාල්වරයා සතු බැවින් ඒ පිළිබඳව විදුහල්පතිනියට වගකීමක් නොමැති බවය. විදුහල්පතිනිය පවසා ඇත්තේ පාසලක යම් විනයක් ඇති බවත් පාසල තුළට පැමිණෙන සියලුදෙනා ඊට අනුගත විය යුතු බවය. එහිදී දෙපිරිස අතර…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ වතුකරයේ ජනතා හඬ ( Voice of plantation people organization ) සංවිධානයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් අද (16) අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී පැවැත්විණි. මෙරට දකුණ හා බස්නාහිර පළාත්වල වෙසෙන ආන්තික ජන කොට්ඨාසයක් වන මලෛහම් වතු කම්කරුවන්ගේ ඉඩම්,නිවාස, අධ්‍යාපන ඇතුළු මූලික අයිතිවාසිකම් සම්බන්ධ ගැටලු පිළිබඳව මෙහි දී සාකච්ඡා විය. ඉදිරිපත් කෙරුණු දකුණ හා බස්නාහිර පළාත්වල වෙසෙන මලෛහම් ජනයාගේ මූලික ඉල්ලීම් සහිත ප්‍රකාශනය කෙරෙහි අග්‍රාමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමු වූ අතර දරුවන්ගේ පාසල් අධ්‍යාපනය හා වෘත්තීය පුහුණු පහසුකම් සම්බන්ධව සෘජුව මැදිහත් වී කටයුතු කරන බවත්, යටිතල පහසුකම් හා ඉඩම්, නිවාස ගැටලු සම්බන්ධව අදාල අමාත්‍යවරයා වෙත යොමු කර එම ඉල්ලීම් සඳහා…