Author: Buzzer Editorial

රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදි ඇතිවන අධික ප්‍රමාදය වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා විදේශ සේවා කාර්යාංශයේදී පැවැත්විණි. ඒ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් වන අතර රුමේනියා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව මෙය පවත්වන ලදි. රුමේනියාවේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යොමුකරන කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන 164ක් මේ සඳහා එක්ව තිබුණි. රුමේනියාවේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර එම රැකියා අවස්ථා සඳහා වීසා අයදුම් කිරීමේදී අධික ප්‍රමාදයක් ඇතිවන බවට විදේශ රැකියා නියෝජිතායතන විසින් කාර්යාංශය වෙත දැනුම්වත් කර තිබුණි. ඒ අනුව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්…

Read More

රජය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකරන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසෙන් ඉවත්වීමට සුදානම් බව පොදුජන පෙරමුණේ, මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, අදාළ නිල නිවස මහින්ද රාජපක්ෂ මහතා වෙත යහපාලන ආණ්ඩුව විසින් නිල වශයෙන් ලබාදී ඇති බැවින් ඉන් ඉවත්වීමට අවශ්‍ය නම් නිල දැනුම්දීමක් සිදුකළ යුතු බවය. එසේ දැනුම්දීමක් සිදුකරන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතා සුළු මොහොතක් හෝ එහි රැඳී නොසිටින බවත් තැන තැන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් ඵලක් නොමැති බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය. නිල නිවාසය භාරදීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට එල්ල විය හැකි…

Read More

77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතය. ඒ අනුව, දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් හෙට (04) දිනයේදී නිදහස් කිරීමට නියමිතව ඇත. ඒ අනුව ජාතික නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 279ක් ද, කාන්තා සිරකාරියන් 6 ක් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Read More

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදුකෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.

Read More

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරු ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල, පාර්ලිමේන්තු මහලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ. පෙත්සම්කරු අදාළ පෙත්සම මගින් දක්වා ඇත්තේ වග උත්තරකර ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් මස 18 වනදා පත්කරන ලද බවය. පසුව ඉකුත් දෙසැම්බර් මස 10 වන දා නිකුත් වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් ආනන්ද විජේපාල මහතා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත් කර තිබෙන බව…

Read More

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එමෙන්ම ලබන 11 වනදා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාළ නිලවරණයේ දී ඒ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබීය. සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර, බස්නායක නිලමේවරුන්ගේ සංසඳයේ සභාපති හේමන්ත බණ්ඩාර හේරත් සහ ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර යන අය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කර ඇත.

Read More

හෙට (04) උදෑසන නිදහස් චතුරස්‍රය හා නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 77 වන නිදහස් දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ. අද (03) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ හෙට දින ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1,000කට අධික පිරිසක් යොදවා ඇති බවය. ඒ අනුව පැමිණෙන පුද්ගලයින්ව පරීක්ෂාවකින් අනතුරුව නිදහස් දින සැමරුම් උත්සවය වෙත යොමු කරන බව ද පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා විශාල ජනතාවක් නිදහස් දින සැමරුමට සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය. හෙට දිනයේ විශේෂිත රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වීමට නියමිත බව ද පොලීසිය සඳහන් කරයි. මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති…

Read More

මෙවර ලොස් ඇන්ජලීස් හි පැවති 67 වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා සංගීත ක්ෂේත්‍රයේ සියලුම දැවැන්තයින් පැමිණ සිටියේය. සම්මාන උළෙල Crypto.com Arena හිදී පැවැත් වූ අතර උත්සවයට පැමිණි සියලුම අමුතන් රතු පලස මතට පැමිණ ඡායාරූප සඳහා පෙනී සිට තිබුණි. කෙසේවෙතත් රතු පලසට පැමිණි සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ වන බියංකා සෙන්සෝරි ට විශේෂ අවධානයක් යොමු විය. ඒ බියංකා සෙන්සෝරි හැඳ සිට ඉතාම දුහුල් විනිවිද පෙනෙන දැලැක් වැනි ඇඳුම හේතුවෙනි. එය පැමිණි සිට පිරිස මවිතයට පත්කර තිබුණි. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම යුවළට සම්මාන උළෙල සඳහා ආරාධනා කර නොතිබුණ නමුත් කන්යේ වෙස්ට් ගේ නම සම්මාන දෙකක් සඳහා යෝජනා…

Read More

ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය, සිය වාර්ෂික ගෝලීය සමුළුවට කොළඹ නගරය තෝරාගනී ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය වන Intrepid Travel සමාගම සිය වාර්ෂික ගෝලීය සමුළුව (2025) සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය පිහිටි Intrepid Travel සමාගම තම ගෝලීය සමුළුව ඕස්ට්‍රේලියාවෙන් පිටත පවත්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර, සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇති වැදගත්කම ඉන් මනාව පිළිබිඹු වේ. 2012 වසරේදී පළමු වරට කොළඹ කාර්යාලයක් පිහිටුවමින් මෙරට සිය මෙහෙයුම් ආරම්භ කළ Intrepid Travel සමාගම මේ වනවිට සාර්ථක ලෙස මෙරට සංචරණ කටයුතු මෙහෙයවනු ලබයි. විශේෂයෙන්ම සහාය තාක්ෂණය, ආදායම් කළමනාකරණය, මානව සම්පත්, නිෂ්පාදන සේවා, මූල්‍ය සහ…

Read More

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි. කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි ව්‍යාපාරික නායකයෙකි. ජෝන් කීල්ස් සමූහයේ සභාපතිත්වය දරන වකවානුවේ දී එහි පාලිත සමාගම් සියල්ලගේම සභාපතිවරයා ලෙසින් කෙන් බාලේන්ද්‍ර මහතා කටයුතු කළ අතර ඊට අමතර ලංකා දුම්කොළ සමාගම, බ්‍රැන්ඩික්ස්, යූනියන් ඇෂුවරන්ස් ඇතුළු සමාගම් ගණනාවකම සභාපති ධූර මෙන්ම අධ්‍යක්ෂ ධූර ද හොබවා ඇති බාලනේද්‍ර මහතා ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු (1998 – 2000) ද වේ. යාපනයේ, ඉනුවිල් රෝහලේ දී උපත ලද කෙන් බාලේන්ද්‍ර මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ ජීවත් වූ අතර…

Read More