- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editorial
2025 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය කීරාන් කල්කින් දිනා ගෙන තිබේ. ඒ ඔහු රංගනයෙන් දැයක වූ “A Real Pain” චිත්‍ර පටය සඳහායි. මෙය ඔහුගේ ඔස්කාර් සම්මානයක් හිමි වූ පළමු අවස්ථාව වන අතර ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූ පළමු අවස්ථාව බවද සඳහන් වේ. 97 වන වරටත් පැවැත්වූ ඔස්කාර් සම්මාන උළෙල ඊයේ (02) අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත් විය. කීරාන් කල්කින් පළමු වරට වයස අවුරුදු 7 දී “Home Alone” චිත්‍රපටයේ ළමා චරිතයක් සඳහා රංගනයෙන් දායක වී තිබේ. මේ අතර හොඳම සහාය නිලය සඳහා හිමි සම්මානය හිමි වුයේ ‘Emilia Perez’චිත්‍ර පටයේ රංගනයෙන් දායක වූ සෝයි සල්ඩානාටය. හොඳම නළුවා ලෙස…
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අද (27) උදෑසන වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබේ. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස සිදුකළ පුද්ගලයෙකු විසින් සිදුකර තිබූ පැමිණිල්ලක වැඩිදුර විමර්ශන සඳහාය. පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඉරාජ් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ, දිගින් දිගටම අදාළ පුද්ගලයා විසින් යූටියුබ් හරහා තම දෙමාපියන්ට සහ ස්වාමීන් වහන්සේලාට අගෞරව කරමින් සිටින බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ ඉරාජ් වීරරත්න, “මට විරුද්ධව යූටියුබ් චන්ඩියෙක් පැමිණිල්ලක් දාලා. මම විශේෂ හෙළිදරව්වක් කලා පහුගිය දවස්වල මගේ යූටියුබ් නාලිකාවෙන්. මේ පුද්ගලයාගේ යූටියුබ් නාලිකාවට ගියොත් දිගින් දිගටම මේ පුද්ගලයා මගේ දෙමාපියන්ට, මේ රටේ ස්වාමීන් වහන්සේලාට නිද්දිත විදිහට අපහාස කරනවා. මේ ගැන විවිධ පාර්ශවවලින් මට තොරතුරු…
හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදුකළාය. ඒ අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය එක් එක් හිටපු ජනාධිපතිවරුන්ට විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය කළාය. 2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572 2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන – මිලියන 384 2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ – මිලියන 126 2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ – මිලියන 533 2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක – මිලියන 1.8ක් 2010…
සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා අද (27) පිටත්ව යෑමට නියමිතව තිබේ. රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේදී සිකුරාදා (28) මෙම දේශනය පැවැත්වෙනු ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරුද මෙහි දේශන පවත්වති. මෙහිදී දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දේශනය පවත්වනු ලබන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක්ද පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මෙහිදී ඔහු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ…
මේ දිනවල පවතින අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, එලෙස ජල සැපයුම දෛනිකව සැළකිය යුතු කාලයක් අඩාල වන බවත්, මණ්ඩලය මඟින් හඳුනා ගත් උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් සඳහා බවුසර් මඟින් සහ මුර ක්‍රමය යටතේ ජලය ලබාදීමට ද කටයුතු සලසා ඇති බවත්ය. මෙම තත්ත්වයන් අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලදී ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් ගෙවතු අලංකාර හා වාහන සේදීම වැනි අත්‍ය වශ්‍ය නොවන කටයුතු සඳහා නළ මඟින්…
මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට තරයේ අවවාද කර තිබේ. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතු බව ශ්‍රී ලංකා මහ බංකුව අදාළ…
ඩිජිටල් සේවා හරහා විදෙස් මුදල් උපයන පුද්ගලයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සමාජය තුළ දක්නට ඇති බව, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව ඩිජිටල් සේවා සඳහා බදු පැනවීමේදී යම් සහනයක් ලබාදී ඇති බවයි. “දේශීය අදායම් පනතට සිදුකරන ලද සංශෝධනවලදී සේවා අපනයනය සම්බන්ධයෙන් 15%ක බදු පැනවීමට අදාළව සමාජයේ යම් කතිකාවතක් පැනනැගිලා තියනවා. වැඩිපුර හා අලුතෙන් බද්දක් ගහලා කියන අදහස. ඇත්තටම අපි අදායම් බදු නීතිය යටතේ ආදායම් බදු ගෙවීමට සෑම තැනැත්තෙක්ම යටත් වෙනවා. නමුත් අපි තනි පුද්ගලයෙක් ගත්තොත් ඔබ ලංකාව ඇතුළත දී උපයන ආදායමක් තියනවනම් ඒ ආදායම ලංකාව ඇතුළෙන්ම…
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබේ. මෙම රැස්වීමේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බවද සඳහන්වේ. පසුගියදා පළාත් පාලන අමාත්‍යංශ විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ජූනි 02 වැනි දින පළාත් පාලන ආයතන රැස්වීමට නියමිතව ඇත. මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පැවසුවේ අප්‍රේල් මස අවසානයේදී හෝ මැයි මස මුල් සතියේදී පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවය. මෙම තතත්වය හේතුවෙන් අද දිනයේ පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීම තීරණාත්මක වනු ඇත.
වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද(27) දිවයිනට ළඟා වේ. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ, හම්බන්තොට වරායට ළඟාවන එම නෞකාවේ වාහන 300ක් පමණ පවතින බවයි. එලෙස ජපානයෙන් නව වාහන ආනයනය කරන්නේ, වසර 5කට පසුව වීම විශේෂත්වයකි. ඒවා ඇණවුම් කළ පුද්ගලයින්ට කඩිනමින් ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර තායිලන්තයෙන් ආනයනය කළ කැබ් රථ තොගයක් මේ වනවිටත් දිවයිනට ලැබී අවසන්ය. ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ, වාහන 3000කට වැඩි සංඛ්‍යාවක් ආනයනයට සැලසුම් කර ඇති බවයි.
යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතව තිබේ. එළැඹෙන සිකුරාදා දිනයේදී වොෂිංටන්හිදී මෙම හමුව සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදී දෙරට අතර ඛනිජ සම්පත් බෙදාගැනීම පිළිබඳව ගිවිසුමකට ද එළඹීමට නියමිතව තිබේ. රුසියාවෙන් සිය රටට එල්ල වන ආක්‍රමන සම්බන්ධයෙන් සහතිකයක් ලබාදෙන ලෙසට යුක්‍රේන ජනාධිපතිවරයා, අමෙරිකානු ජනාධිපතිවරගෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ එවන් සහතිකයක් අමෙරිකාවට ලබාදිය නොහැකි අතර එහි වගකීම යුරෝපය දැරිය යුතු බවය.