- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editorial
රථවාහන අංශවල රාජකාරි කරනු ලබන නිලධාරීන් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ගෙවීම් වැඩිකිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ. ඒ අනුව, අදාළ නිලධාරීන්ට දැනට ගෙවනු ලබන ත්‍යාග මුදල් 2025.02.01 වන දින සිට බලාත්මක වන පරිදි 25% කින් වැඩිකර ගෙවීම් කටයුතු සිදුකරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත චක්‍රලේඛණයක් මඟින් දැනුම් දී ඇත. මෙහිදී, ක්ෂේත්‍ර රාජකාරි වල නියැලෙන රථවාහන අංශ ස්ථානාධිපතිරුවන්, ක්ෂේත්‍ර රාජකාරි හා කාර්යාල රාජකාරියේ නියැලෙන පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්, පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල්වරුන් සඳහා ද ක්ෂේත්‍ර රාජකාරියේ නියැලෙන පොලිස් කොස්තාපල් රියදුරුවරුන් සඳහාද ත්‍යාග මුදල් වැඩිකර ගෙවීම සිදුකරනු ලබයි. තවද, මෙසේ ගෙවනු ලබන…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති කාන්තාවට ඇප හිමිව ඇත. ඇයව ලක්ෂ 50 බැගින් වූ පුද්ගලික ඇප 3ක් මත මුදාහැර තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඇය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප ලබා දී තිබේ.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය හෙට (6) දිනයේ සිදුකිරීමට යෝජනා කර තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුව සිය වෘත්තියටද බලපාන බවට චෝදනා කරමින් ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කර තිබුණි. කෙසේ නමුත් අද (5) පස්වරුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ අනුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව එම වර්ජනය මාර්තු මස 17වනදා උදෑසන 8 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දිය අසලදී පසුගිය පෙබරවාරි 18 වනදා රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් එකම පවුලේ පියා, පුතා සහ දියණිය මිය ගියේය. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම පිරිසට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙලෙස වෙඩි තබා තිබුණි. එම වෙඩිතැබීමෙන් යතුරුපැදියේ ගමන්කළ 39 හැවිරිදි අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා ස්ථානයේදීම මියගොස් තිබුණි. ඔහු අපරාධ කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු බව පැවසේ. මෙම වෙඩි තැබීමෙන්, 6 හැවිරිදි කුඩා දියණිය සහ 09 හැවිරිදි පුත්‍රයා ද බරපතළ තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේය. පොලීසිය පැවසුවේ T56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩිතැබීම…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ. ඒ ඔහුට එරෙහි නඩුව අද (05) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකට අදාළව දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අධිකරණය මඟින් මීට පෙර විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.
පාරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළේ පවතින බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේග චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, පාරිභෝගික අධිකාරිය සිදුකළ වෙළෙඳපොළ නියදි පරීක්ෂාවක දී ඒ බව තහවුරු වී ඇති බවය. “පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර, පොල්තෙල් වෙළෙඳපොළේ ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරනු ලැබු වෙළෙඳපොළ සාම්පල පරීක්ෂාවෙන් හඳුනාගෙන ඇත. මෙලෙස ප්‍රමිතියෙන් තොර පොල්තෙල් දේශීය නිෂ්පාදකයින් විසින් ගුණාත්මකභාවය සම්බන්ධව නිසි අවබෝධයකින් තොරව නිපදවා වෙළෙඳෙපොළට නිකුත් කෙරේ. එසේම සමහර නිෂ්පාදකයින් සිතාමතාම නිෂ්පාදන පිරිවැය අවම කරගැනීමේ අරමුණින් සහ වැඩි ලාභ ලබාගැනීමේ අරමුණින් ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන…
ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මිය මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි. මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදු කරන විමර්ශනයට අදාළව එම ප්‍රකාශය ලබා ගෙන තිබේ. එම විමර්ශනයට අදාළව මීට පෙර යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. CSN නාලිකාවේ මුදල්, හවුල් ගිණුමක් මගින් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය ක්‍රියාත්මකයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අප්‍රේල් මාසයේ මුල් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද පසුගිය ජනවාරියේ නිවේදනය කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෙරට සංචාරයක නිරතවන බවය. එහෙත් ඒ පිළිබඳ නිශ්චිත දිනයක් සඳහන් කර නොතිබුණි.
සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පැවසීය. අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සමාජ සුබසාධන වැඩසටහනක් ද සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් පැවැත්වීමට නියමිත බවය. එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් සංචාරක ආකර්ෂණ 100ක් මේ වනවිට හඳුනාගනිමින් සිටින බව ද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා, එක් ආකර්ෂණයක් සඳහා රු මිලියන 10 බැගින් වෙන්කර එහි මුලික පහසුකම් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය. මේ අතර සංචාරකයින් වෙනුවෙන් Rest Centers ඉදිකිරීමට ද රජය මේ…
අලුත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක වෙනස තමන් තුළින් ආරම්භ කළ යුතු බවත්,සමුපකාරය නවීන ලෝකයට ගැළපෙන ලෙස සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. අරණායක, සුනන්ද රඟහලේ 02 දින පැවති කාන්තා බලමණ්ඩලයේ සාමාජිකාවන් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, දීර්ඝ කාලයක සිට කළ උත්සාහයෙන් අපි නිසි තැනට ඇවිත් තිබෙනවා. දැන් රට නිවැරදි මාවතට ගත යුතුයි. සියළු දෙනාටම සතුටින්, සෞභාග්‍යයෙන් ඉන්න පුලුවන් රටක් හදන්න අපි ආරම්භ කළා. ඒ සඳහා අවශ්‍ය පරිවර්තනයන් කරන්න, වැරදි නිවැරදි කරන්න අපි කටයුතු කළ යුතුයි. එය ආණ්ඩුවකට පමණක් කරන්න…