- ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි
- විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
Author: Buzzer Editorial
කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, 2025 මාර්තු මස 14 සහ 15 යන දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට අවශ්‍ය සියළු සැපයුම් මුහුදු මාර්ගයෙන් කච්චතිව් දූපත වෙත රැගෙන ඒමේ කටයුතු සඳහා නාවික හමුදා යාත්‍රා අඛණ්ඩව යොදවා ඇති අතර, උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත. ඒ අනුව, මෙම දේව මංගල්‍යය සඳහා පැමිණෙන යාත්‍රා සඳහා තාවකාලික ජැටි ඉදි කිරීම, පානීය ජල පද්ධති ස්ථාපනය කිරීම, සනීපාරක්‍ෂක පහසුකම් ස්ථාපනය කිරීම, මංමාවත් සකස් කිරීම, විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීම, වෛද්‍ය පහසුකම් ස්ථාපනය ඇතුළු යටිතල පහසුකම් ස්ථාපනය කිරීම අද (2025 මාර්තු 10) වන විට අවසන්…
වත්මන් සමාජයේ යම්තාක් දුරකට පසුබැස ඇති සම්ප්‍රදායන් සමාජයට ප්‍රදර්ශනය කිරීමේ සාමාජීය අරමුණ පෙරදැරි කරගනිමින් හා ජාතික සමගිය මුළු ලොවට විදහා පෑමේ අරමුණින් මෙවර ජාතික රාමදාන් උත්සවය “සලාම් රාමදාන්” යන මැයෙන් 2025 මාර්තු 21 සිට 31 දක්වා උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇත. බස්නාහිර පළාත් සභාව විසින් පත්කරන ලද ජාතික රමදාන් උත්සව කමිටුව විසින් මෙම ව්‍යාපෘතිය පිළිබඳව සැලසුම් කර ඇති අතර මෙම ජාතික උත්සවයට සමගාමීව 2025 මාර්තු 21 සිට 31 දක්වා දින 10ක් මුළුල්ලේ කොළඹ නගරය වටා ආලෝකමත් කිරීමට සහ ‘ග්‍රීන් පාත්’ (Green Path) පරිශ්‍රයේ දින තුනක් මුළුල්ලේ සංස්කෘතික උත්සවයක් පැවැත්වීමට අවශ්‍යය කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසූවේ අදාළ සැකකරුව අද (12) උදෑසන ගල්නෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය. සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බවට ඊයේ (11) දිනයේ දීම හඳුනාගෙන තිබූ අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් මඟින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. මෙම සිදුවීම මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල මේ වන විට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට…
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ‘ක්‍රිප්ටෝ’ මුදල් ව්‍යාපාර පිලිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් යොමුකර තිබේ. එහි දැක්වෙන්නේ මෙම වංචනික දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් විදේශීය ආයතන විසින් මෙරට ජනතාව නොමඟ යවන බවයි. එම නිවේදනය පහත පරිදි වේ. ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිලිබඳ වංචනික දැන්වීම් දැඩි ලෙස හෙළා දකීමු. මෙම වංචනික දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් මෙරට ජනතාව නොමඟ යැවීම සිදු කරන්නේ විදේශීය ආයතන විසින් වන අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අනෙකුත් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේ නම් භාවිත කරමින් මෙම…
සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර තිබේ. යුක්‍රේන සහ අමෙරිකානු නියෝජිතයින් සෞදි හී දී ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව දින 30ක කාලයක සටන්විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාව පළ කර ඇති බව සඳහන්ය. කෙසේවෙතත් සටන් විරාමය පිළිබඳව රුසියාවේ අදහස මෙතෙක් පළ කර නොමැත.
ඇද හැලෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් අද (12) උදෑසන 07.00 වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 06ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 05ක්, පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජලාශ 03ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජලාශ 03ක වශයෙන් මුළු ජලාශ 42ක් වාන් දමමින් පවතින බවය. මෙම වාන් දමන ජලාශ අතරින් මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ, රාජාංගන, ලුණුගම්වෙහෙර ජලාශ මෙන්ම සේනානායක සමුද්‍රය සහ පරාක්‍රම සමුද්‍රය ද ඇතුළත් බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දැනට පවතින ජලාශ ප්‍රමාණය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අද (12) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව පැවසුවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අයැදුම්පත්‍ර භාර ගැනීමේ කාලය අද මධ්‍යම රාත්‍රි 12.00 න් අවසන් වන බවය. තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඡන්ද බලප්‍රදේශයට අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි වෙත සහතික කිරීමේ නිලධාරීන් මගින් අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ හැකියාව පවති. නාමයෝජනා දැන්වීම පළකළ පළාත් පාලන ආයතන 336ක් සඳහා මැතිවරණයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂවල බලයලත් නියෝජිතයන් පත්කිරීමේ ලිපි මාර්තු 14වනදා පෙරවරු 8.30ට පෙර ඒ ඒ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර…
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (12) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ ඊයේ දින අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිද්ධියට විරෝධතාවට පළකරමිනි. ඒ අනුව අද උදෑසන 08 සිට ආරම්භ වන පරිදි එක්දින සංකේත වැඩ වර්ජනයක් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව අදාළ වැඩ වර්ජනය අද දෑසන 8.00 සිට හෙට (13) උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක වනු ඇත. එම සංගමය පැවසුවේ වර්ජනය සිදු කලද හදිසි ප්‍රතිකාර සේවා කිසිලෙසකින් හෝ අඩාල නොවන පරිදි අඛණ්ඩව සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ය. එමෙන්ම මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික…
උතුරු, උතුරු-මැද, නැහෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රහේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමාග ඇතිවිය හැකි තාවකාලික තද සුළවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ලෝක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියක් යටතේ ලෝක වෙළෙඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ පුද්ගලික හෝටලයේ ඊයේ (10) පැවති තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වන සමුළුවට එක්වෙමිනි. තිරිංග යොදා සිර කර තිබෙන ආර්ථිකය වෙනුවට යම් තරමක නිදහස් චලනයක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා මෙවර අයවැයෙන් කටයුතු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ආර්ථිකයෙහි නිදහස් චලනයක් ඇති…