- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editorial
පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියකදී අදාළ යෝජනාව සලකාබැලීම සඳහා විමර්ශන කමිටුවක් පත්කළ යුතු බව මානව හිමිකම් ක්‍රියාකාරී මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි. රක්ෂිත බන්ධනාගාරගතව සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදු කළයුතු ආකාරය පැහැදිලි කරමින් ඔහු ඒ බව පැවසීය. “පොලිස්පතිවරයාව ඉවත් කරන්න යෝජනාව ගෙනාවම.. විමර්ශන කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවට මූලික වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු විසින් නම් කරනවා දැනට ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්. පොලිස් කොමිසමේ සභාපතිවරයා, ඊළඟට පරිපාලනයේ ඉහළ නිලධාරියෙක්. මේ තුන්දෙනා අර ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ තිබෙන සියලුම කරුණු සලකාබලා ඒ අය නිර්දේශයක් දෙනවා. ඒ නිර්දේශය ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් සමග අඩකට වඩා වැඩි…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට තීරණය කර තිබේ. වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. මැදිකාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුළදී තියුණු ආයුධකින් පහර දී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඊයේ (25) දහවල් කාලයේ එප්පාවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. ඝාතනය වූ භික්ෂුව වයස අවුරුදු 69ක් වූ කිරලෝගම ප්‍රදේශයේ පිහිටි අසපුවක වැඩ වාසය කර ඇත. මරණයට පත් හිමිනම බැහැදැකීමට පැමිණි පුද්ගලයෙකු හා වෙනත් විහාරස්ථානයක හිමිනමක් මෙම ඝාතනය දැක ඒ පිළිබඳ පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි. අනතුරුව පොලීසිය විසින් විමර්ශන සිදුකර ඇති අතර එහිදී මියගිය හිමිනමට ත්‍රිරෝද රථයක් හා රියදුරෙකු සිට ඇති බවත්, මෙම රියදුරු දැනට අසපුව තුළ නොමැති බවට අනාවරණය වී ඇත. අදාළ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අද (26) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතරසහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා…
නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියම කර තිබේ. පියුමි හංසමාලි නමැත්තියගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව ඊට අදාළ පැමිණිල්ල අද (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම මෝසම කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා අද දින අධිකරණයේ පෙනී සිටියේය. එහිදී පියුමි හංසමාලී වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමුදු හේවගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායිකාව රූපලාවන්‍ය ආලේපන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන…
රැකියා විරහිත උපාධිධාරීන් මේ වනවිට පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක නිරතවෙමින් සිටී. විරෝධතාව හේතුවෙන් උපාධිධාරීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරීපත්ව තිබේ. ඒ අනුව 41 හැවිරිදි කොවෙන්ට්‍රි සැලකෙන්නේ වසර 130ක (1894 සිට) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසය තුළ සභාපති තනතුරට තේරීපත් වූ පළමු කාන්තාව ලෙසයි. එමෙන්ම ඇයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10වන සභාපති, එම තනතුරට පත් පළමු අප්‍රිකානු ජාතිකයා මෙන්ම එම තනතුරට පත් වූ ළාබාලම තැනැත්තා වැනි ගෞරවයන් රැසක් හිමිය. එළැඹෙන කාල වකවානුව වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද (20) ග්‍රීසියේදී පැවැත්විණි. එහිදී ඇය පළමු වටයේදීම බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මෙම ධුරයට පත්වීම විශේෂත්වයක්ය. අභිනව සභාපතිනිය එළැඹෙන ජුනි මාසයේදී සිය ධුරයේ වගකීම්…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ. කටුනායක සිට ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන් ය. එම යානයේ නියමුවන් දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බව ගුවන් හමුදාව පවසයි. යානය පොල්වගා භූමියක් වෙත කඩා වැටී ඇති අතර, එය සම්පූර්ණයෙන්ම ගිනිගෙන තිබේ.
වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඊයේ (19) දිනයේ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි. ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබුණි. අදාළ නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ පස්වරුවේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තිබුණි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවනු ලැබු…
පළාත් පාලන මැතිවරණ මැයි මස 06 වනදා පැවැත්වීමට දින නියම කර තිබේ.