Author: Buzzer Editorial

වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි. ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (03) උදෑසන නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම සහ…

Read More

විශ්වවිද්‍යාල සිසුවාගේ ඛේදවාචකයෙන් සමාජයේ බැඳීම් අතර කඩා වැටීම ඉස්මතු වෙනවා මැයි 07 ජයග්‍රහණය සාමකාමීව සමරන්න අපේ අලුත් නියෝජිතයින් වැඩකරන්න සූදානම් වෙන්න අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය- මැයි 7 වන දින ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදීව හා සාමකාමීව සමරණ ලෙසත්, වංචාවට විරුද්ධව සමාජය නැගීසිටිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. හෝමාගම, කිරිවන්තුඩුව, දාම්පේ, නාවලමුල්ල, මාගම්මන යන ප්‍රදේශවල මැයි 02 දින පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් ක⁣ළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය. තව වැඩ ගොඩක් තියෙනවා අපිට කරන්න. මූලිකම දේ අපේ අධ්‍යාපනය හරියට හදා ගන්න ඕන. ගුරුවරුන් හරියට පුහුණු කරගන්න අවශ්‍යයි. ගුරු පුරප්පාඩු නිවැරදිව පුරවන්න ඕන. අවුරුදු…

Read More

මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්. ඒ. කළුකපුආරච්චි මහතා පවසයි. ඔහු පවසන්නේ දිවයිනේ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 50කට අධික පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා බව බවය. මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 17,000ක පිරිසක් වාර්තාවී ඇති බවද කොළඹ මහනගර සභාව පවසයි. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය සඳහන් කළේ එම සංඛ්‍යාවෙන් 1,800ක ප්‍රමාණයක් කොළම නගර සභා බලප්‍රදේශයෙන් වර්තා වී ඇති බවය. වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය තවදුරටත් පෙන්වා දෙන්නේ, ඩෙංගු අවදානම සහිත නිවාස 70,000ක් පරීක්ෂ කර ඇති අතර නිවාස…

Read More

පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වී සිටින තවත් අපේක්ෂකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඊයේ (02) පෙරවරු 6 සිට අද (03) පෙරවරු 6 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් ඇතුළු පැමිණිලි සම්බන්ධයෙනි. ගෙවුණු පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලි 08ක් සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම සම්බන්ධ පැමිණිලි 27ක් ලැබී ඇත. එම පැමිණිලිවලට අදාළව අපේක්ෂකයින් 05 දෙනෙකු සහ දේශපාලන පක්ෂ ආධාරකරුවන් 22ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා පොලීසිය විසින් අපේක්ෂකයින් 43 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 233ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය. පොලීසිය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 524ක්…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) රාත්‍රියේ වියට්නාමය බලා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 04 වනදා සිට 06 වනදා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වෙයි. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සැපිරීම සනිටුහන් කරමින් සිදුකෙරෙන ජනාධිපතිවරයාගේ මෙම වියට්නාම් රාජ්‍ය සංචාරය තුළින් දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපතිවරයා, වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමු වීමටත් නියමිතය. තවද හෝ චි මිං නගරයේදී මැයි 06…

Read More

ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබේ. 1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් මියගිය කම්කරුවන් සිහිකරමින් සෑම වසරකම මැයි පළමු දින ලෝක කම්කරු දිනය සමරනු ලැබේ. ඒ අනුව ලොව සෑම රටක්ම මැයි පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලී, රැලි සංවිධානය කරනු දක්නට ලැබේ. මෙවරත් කම්කරු දිනය සැමරීම සදහා මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලී රැස්වීම් සංවිධානය කර ඇත. ඒ අනුව කොළඹ නගරය තුළ මැයි දින රැලි 14ක් සහ පෙළපාලී දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කර තිබේ. ජාතික ජනබලවේගය…

Read More

නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‌යාලය ලබන මැයි 05 සහ 06 යන දෙදින වසා තැබීමට නියමිතව තිබේ. ඒ කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාතමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීම බව සඳහන්ය. ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වෙන මැයි මස 6වනදා සහ ඊට පෙර දින නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි සඳහා වසා තැබෙන බව මහජනතාව වෙත දැනුම් දී තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් රු. බිලියන 274.79ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. අදාළ වර්ෂය තුළ දී පොලී ආදායම්, උපලබ්ධි නොවූ මිල ප්‍රත්‍යාගණනයන්ගේ වාසි සහ මිල වෙනස්වීම්වලින් උපලබ්ධි වාසි ඇතුළුව විදේශීය මූල්‍ය වත්කම්වලින් මහ බැංකුව රු. බිලියන 110.55 ක ආදායමක් වාර්තා කර ඇත. මීට අමතර පොලී ආදායම්, මිල වෙනස්කම් මත උපලබ්ධි ලාභ ඇතුළුව දේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිතව රු. බිලියන 227.25 ක ශුද්ධ ආදායමක්, දේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිතව මහ බැංකුව උපයා ඇත. පසුගිය වර්ෂය තුළ දී මහ බැංකුවේ සේවක මණ්ඩල වියදම් ලෙස, වැටුප සහ වේතන වෙනුවෙන් දරා ඇති වියදම රු. බිලියන 10.51 කි. 2023 වසරේ දී මෙම අගව වාර්තා…

Read More

ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලාගේ X ගිණුමේ සටහනක් උපුටා දක්වමින්ය. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවය. එමෙන්ම ඕනෑම වියදමක් දරා පාකිස්තානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ජාතිය සිය අධිෂ්ඨානය නැවත අවධාරණය කරන බව පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලා වැඩිදුරටත් පැවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික මතභේද මේ වනවිට අවි ගැටුමක් දක්වා තීව්‍ර වී තිබේ. ඊට…

Read More