Author: Buzzer Editorial

අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. මි.ලී 750 අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 900-1000 අතර මුදලකින් සහ මි.ලී 175 ප්‍රමාණයේ කාලෙ බෝතලයක මිල රුපියල 200කින් පමණ අඩුවනු ඇති බවටයි පසුගිය දින කිහිපයේම පුවත් පැතිර ගියේ. නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසා සිටියේ අතිවිශේෂ මත්පැන් මිල පහළ දමන්නැයි තමන් පසුගියදා සිදුකළ ඉල්ලීම මත්පැන් නිෂ්පාදන ආයතන ප්‍රතික්ෂේප කළ බවයි.

Read More

ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලික තොරතුරු සොයන, මැතිවරණ කොමිසමට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පිළිබඳ මැතිවරණ කොමිසමට වාර්තා වී තිබේ. ඒ අනුව ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මැතිවරණ කොමිසම පොලිස් සයිබර් අපරාධ අංශයේ සහාය ලබා ගැනීමට නියමිතය. අදාළ වෙබ් අඩවිය පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) විසින් දැනටමත් සොයා ගෙන ඇති අතර ඊට සත්කාරකත්වය සපයනු ලබන්නේ එක්සත් ජනපදය පදනම් කරගත් Google සේවාදායකයක් විසින් බව පැවසේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර ඇත්තේ ගූගල් වෙතින් තොරතුරු ලබාගෙන එම වෙබ් අඩවියේ නිර්මාතෘවරයා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලිස් සයිබර් අපරාධ කොට්ඨාසය වෙත ඉල්ලීමක් කිරීමට නියමිත බවයි. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින්…

Read More

ජනාධිපතිවරණ නාමයෝජනා කැඳවන ලබන බ්‍රහස්පතින්දා දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව සහ ඒ අවට ආරක්ෂක මෙහෙයුම් සඳහා ඩ්‍රෝන කැමරා, ස්නයිපර් සහ පොලිස් නිලධාරීන් 4,500කට වැඩි පිරිසක් යොදවනු ඇති බව වාර්තා වේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පැවති රැස්වීමකදී සවිස්තරාත්මක ආරක්ෂක සැලසුම් සාකච්ඡා කර තිබේ. මෙම රැස්වීමට මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන පිරිස සහභාගි වූහ. අපේක්ෂකයන්, ඔවුන් සමඟ එන අය සහ පක්ෂ ආධාරකරුවන් කෙරෙහි ආරක්ෂක සැලසුම මගින් අවධානය යොමු කරන බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමිෂන් සභා ගොඩනැගිල්ලේ…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 2020 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා ⁣පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.Sri Lanka LatestNews කීර්තිමත් දේශපාලනඥයකු වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජණය කළ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳ වන ඇය නියෝජ්‍ය අමාත්‍ය ධුර රැසක්ම දරා ඇති අතර පසුගිය රජය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේද කටයුතු කරන ලදී.

Read More

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 7ක් එකඟතාව පළ කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස එළැඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බව කී ජනාධිපතිවරයා එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට ද තමන් සූදානම් බව පැවසීය. වතු කම්කරුවන්ට හිමි වසර ගණනාවක් ගෙවීම් අතපසු කර ඇති සේවක අර්ථ සාධක අරමුදල් ද ලබන වසරේ සිට ගෙවීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් අද (10) මහනුවර කරළිය…

Read More

සර්ව ජනබලයෙහි ජනාධිපතිධුර අපේක්ෂක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ඉන් ඉවත් වන බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ලිපිය ව්‍යාජ ලිපියක් බව එම පක්ෂය පවසනවා. අදාළ ලිපිය ඊයේ (09) පස්වරුවේ සිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ අතර ඒ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව විවිධ මත පළ කරමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු සහ සිවිල් සමාජ සන්ධානගත වී පසුගියදා සිය ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර මහතා බවට දැනුම්දීමටයි කටයුතු කළේ. ඒ අනුව මේ වනවිට මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලබනවා. එවන් පසුබිමක මෙම ලිපිය සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් විශේෂත්වයක්.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අද (10) පෙවරුවේ සුමන්දිරන් මහතාගේ නිවසේදී මෙම හමුව පවත්වා තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද එක්ව සිටියා. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි. මේ අතර නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ඉදිරියේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි සමඟ සාකච්ඡා කිරීමේ සූදානමකින් පසුවන බව සඳහන්.

Read More

2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව පැවසුවා. පෙරේදා (08) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමේ වැඩසටහනට එක්වන පිරිසට මන්ත්‍රී අසංක නවරත්න මහතාද එක්වන බව පවසා තිබුණ ද අවසන් මොහොතේ දී පවා මන්ත්‍රීවරයා හෝ ඔහුගේ දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කිසිවෙකුත් ඊට එක්ව සිටියේ නැති බව වාර්තා වනවා. පසුව මාධ්‍ය කළ විමසුමක දී ඔහු සඳහන් කර තිබුණේ ඔවුන් එම වැඩසටහනට එක්වන බවක් නොපැවසූ බවයි.

Read More

පුද්ගලයන් 61 දෙනෙකු සමඟින් ගමන් ගත් මගී ගුවන් යානයක් ඊයේ (09) බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගිනිගෙන කඩා වැටීමෙන් එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Voepass ගුවන් සේවය මුලින් යානයේ 62 දෙනෙකු සිටි බව වාර්තා කළ නමුත් පසුව එම සංඛ්‍යාව 61 දක්වා සංශෝධනය කරන ලද අතර යානයේ සිටි මගීන් 57 සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනාම ඒ අනුව ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Voepass Linhas Aéreas ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන ATR-72 ගුවන් යානය, Parana ප්‍රාන්තයේ Cascavel සිට Sao Paulo Guarulhos දක්වා ගමන්

Read More

විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිත රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට ඊයේ (09) දැනුම් දී තිබෙනවා. ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේදී සැප්තැම්බර් දීමනාව ද සමග වාරික දෙකම එකට ගෙවන ලෙසයි දැනුම් දී ඇත්තේ. මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිය නියෝගය නොතකා එම දීමනාව ගෙවන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබන 12 වැනිදාට පෙර කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙසයි.

Read More