Author: Buzzer Editorial
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට එකඟතාව පළකර තිබේ. ඒ සඳහා වන ගිවිසුම හෙට (14) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී අත්සන් කිරීමට නියමිතය. චම්පික රණවක මන්ත්‍රිවරයාගේ පක්ෂයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එම මන්ත්‍රිවරයා මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ සමගි ජන බලවේගයෙනි. ඉන් ඉවත්ව 43 සේනාංකය පිහිටවූ ඔහු පසුව එක්සත් ජනරජ පෙරමුණ ද ඇති කළේ සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස විවේචනය කරමිනි. එමෙන්ම පසුගිය දිනවලදී ඔහු කියා සිටියේ රාජපක්ෂලා නොමැති සන්ධානයකට සහාය ලබාදෙන බවයි. …
ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ඡන්ද සලකුණ පිළිබඳ අවසන් තීරණය අද දිනයේ ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ කමිටුව සඳහා නම් කර ඇති නියෝජිතයින් ඊයේ රාත්‍රීයේ ද ජනාධිපතිවරයා සමඟ ඡන්ද ලකුණ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සිදුකළ බවවෙත වාර්තා විය. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ වනවිටත් දේශපාලන කණ්ඩායම් රැසක් එක්වෙමින් සිටින බවයි එක්සත් ජාතික පක්ෂයේ විධායක අධ්‍යක්‍ෂ ප්‍රසන්න ශ්‍යමල් සෙනරත් පැවසීය. කෙසේවෙතත් ජනාධිපතිවරයා හදවත ලකුණෙන් තරඟ කිරීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. එම සලකුණ මැතිවරණ ලකුණු අතර නොමැති බවයි මැතිවරණ කොමිෂන්…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද (14) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිසම වෙත පැමිණි ඇප මුදල් තැන්පත් කර තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 36ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ (13) දිනයේදී තවත් අපේක්ෂකයින් 4 දෙනෙකු ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ය. එම සියලුම අපේක්ෂකයින්ගේ විස්තර ඇතුළත් කරමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.
තණමල්විල ප්‍රදේශයේදී පාසල් සිසුන් 22 දෙනෙකු විසින් 16 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සිද්ධිය පොලිසියට නොදන්වා වසන්කිරීම හේතුවෙන් දැරිය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයකු සහ ගුරුවරියන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය මීට පෙර පාසල් සිසුන් 22 දෙනෙකුගෙන් 17 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් විජේවර්ධන නිවසට රැගෙන ගොස් තිබෙනවා. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇය මේ වන විට යහපත් තත්ත්වයෙන් පසුවන බවයි සඳහන් වන්නේ.කෙසේ වෙතත්, ඔහු මියගිය බව ඇය දැනගෙන ඇත්තේ ද ඊයේ දිනයේ, ඒ හේතුවෙන් ඇය දැඩි සේ වේදනාවෙන් පසුවෙන බවද තවද මේ මොහොතේ ඇය විෂාදය නැමැති රෝගයෙන් පීඩා විදින බවද සඳහන් වනවා. අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටා තිබූ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ක්ලබ් වසන්ත ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් දියත් කෙරුණා. එහි දී ඔහු ඇතුළු තවත් අයෙකු මිය ගියා. එමෙන් ම ක්ලබ් වසන්තගේ බිරිඳ සහ ජනප්‍රිය ගායන…
ඇත්තම කතාව නම් බ්‍රිතාන්‍යයයේ ඇතැම් සංක්‍රමණිකයන්ට මේ දිනවල යම් ආතතියක් තිබෙනවා. විශේෂයෙන් එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ මේ තත්ත්වය දක්නට ලැබුණා. මෑත කාලයේ සිදුවීම් කිහිපයක් සමග ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තත් මෙය කාලාන්තරයක් තිස්සේ යටපත්ව පැවති ස්වදේශිකයන්ගේ ආවේගයන් එළිපිටට පැමිණීමක්. එහෙම වෙන්න හේතුව සෑම රටකදීම වගේම බ්‍රිතාන්‍යයේදිත් අවශ්‍ය අවස්ථාවේ නිවැරදි දේශපාලන තීරණ නොගැනීමයි. නීති විරෝධී සංක්‍රමණ ඇතුළු සංක්‍රමණ ඉහළ යාමත් සමග පැන නැගී ඇති ගැටළුවලට දියාරු සහගත විසඳුම් පමණයි දක්නට ලැබුණේ. දරාගත නොහැකි විදෙස් සංක්‍රමණ 2023 දී පමණක් මිලියන 1.3 ක් පමණ විදේශිකයන් පිරිසක් බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා. එහි මුළු ශුද්ධ සංක්‍රමණ සංඛ්‍යාව 685,000 ක්. එමෙන්ම සාමාන්‍යයෙන් එංගලන්තයේ සහ වේල්සයේ පමණක් මෑතකාලයේ දරුවන්ගෙන් තුනෙන්…
රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ප්‍රවාහන,මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ බව කීය. 2025 අයවැය මඟින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දී තිබුණ බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරීන්ගේ සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමග සාකච්ඡා කර අදාළ…
ශ්‍රී ලංකා කැඩෙට් නිලධාරි මොහොමඩ් අනීක් එක්සත් රාජධානියේ සැන්ඩ්හර්ස්ට්හි රාජකීය හමුදා ඇකඩමියේ සති 44ක දැඩි පුහුණු වැඩසටහන සාර්ථකව නිම කිරීමෙන් පසු අධිකාරිලත් නිලධාරියකු ලෙස නිල වශයෙන් පත් කර තිබේ. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුව, කැඩෙට් නිලධාරීන් සඳහා වූ දැඩි පුහුණුවේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් ගෞරවනීය සැන්ඩ්හර්ස්ට් සම්ප්‍රදායක් වන Sovereign’s Parade හිදී අධිකාරියට පත් කිරීමේ උත්සවය පැවැත්විණි. මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ කැඩෙට් නිලධාරි අනීක්ට පෞද්ගලිකව සුබ පැතීමට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම සහභාගී වී ඇත. මෙම පෙළපාළියට විවිධ රටවලින් කැඩෙට් නිලධාරීන් 209 දෙනෙකු පත් කරන ලද අතර ඔවුන් සියලු දෙනාම ලෝකයේ වඩාත්ම අභියෝගාත්මක හමුදා පුහුණු වැඩසටහනකට භාජනය…
ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් නව සන්ධානයක් බිහිකර තිබේ.