Author: Buzzer Editorial
අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වෙන ජනරැළියේදී ජනාධිපති රනිල් විග්රමසිංහ මහතා සිදුකළ සම්පූර්ණ කතාව
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ජාතික ජන බලවේගය මාතර දී සංවිධානය කළ ජන රැළිය.
මේ, අද වෙද්දී හැම කාර්යාලයකම, හැම ගෙදරකම, හැම කඩපොළකම, හැම හන්දියකම කතාවෙන එකම මාතෘකාවය.බස් එකක ගියත්, කෝච්චියක ගියත්,වාහනයක ගියත්, ට්‍රිප් එකක් ගියත්,අඩියක් පුඩියක් ගැහුවත් බයිට් එකට ගන්නා කතාවය. ( ‘සජිත් තමයි ඉස්සරහින් ඉන්නේ.බලන්නකො ගම්වල පවා තියෙන රැස්වීම්වලට පුදුම සෙනඟක්නෙ එන්නේ.දවසින් දවස සජිත්ට එකතු වෙන කණ්ඩායම බලන්නකෝ. එතැන හොරු නෑ.නියම දක්ෂයෝ ටිකක් තමයි ඉන්නේ.අනෙක හැම මත විමසුමකින්ම සජිත් ඉස්සරහින් ඉන්නවා කියන්නේ…’මේ, සජබ පාක්ෂිකයන් ඒ ප්‍රශ්නයට දෙන උත්තරයය. ‘ඔය රනිල්ටත් එකතු වෙන්නේ. දැන් පොහොට්ටුවේ සෙට් එකම ඉන්නෙ එතැන.සජබ, මුස්ලිම් කොංග්‍රස්, රිෂාඩ්ගෙ වගේ හැම පක්ෂයකම අයත් එතැන ඉන්නවා.මිනිහත් ගේම අතහරින එකක් නෑ…’මේ, රනිල්ට සපෝට් කරන පොහොට්ටු පාක්ෂිකයන් කියන කතාවය. ‘අනුරත් ගේමක් ගහයි. රැස්වීම්වලට එන සෙනඟ බලන්නකෝ. අහන අහන කෙනා කියන්නේ අනුරට දෙනවා කියලානේ. ඔය කවුදෝ කෙනෙක් කරපු මත විමසුමකින්…
ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදෙන දවසේ සජිත්, රනිල්ට අතට අත නොදී දෙඅත් නැමැද ආචාර කිරීම යූ.ඇන්.පී.සෝෂල් මීඩියාවලට හොඳටම රිදිලා තියෙන බවක් පෙනෙන්නට තිබේ. 2015ජනාධිපතිවරණයේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාලට අතට අත දෙන්න යද්දී මෛත්‍රිපාලත් දෙඅත් නැමැද ආචාර කළේය. මෛත්‍රී පසුව වේදිකාවේ කීවේ තමා මහින්දට අතට අත නොදුන්නෙ මහින්ද අතට අත දී තමාගේ අතට හූනියම් කරයි කියන බයට කියාය. මෛත්‍රී කීවේ ඒ තරම් වෛරයක් තමා ගැන මහින්දට තිබුණ බව තමා දැන සිටි බවය. සජිත්, රනිල්ට අතට අත නොදුන්නේ ඇයිද යන්න දන්නේ සජිත්ය. හැබැයි එදා මහින්ද මෛත්‍රි එක්ක තිබුණු වෛරයට සමාන වෛරයක් රනිල්ට තමා ගැන තිබෙන බව සජිත් නොදන්නවා යැයි කියන්න බැරිය. රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවේත්, අගමැති වූවේත්, ජනාධිපති…
මියන්මාර වහල් කඳවුරුවල තවදුරටත් සිරවී සිටින සිසුන් 34 දෙනා මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සිය ප්‍රයත්නයන් වේගවත් කර ඇති බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය පවසයි. මියන්මාර වහල් කඳවුරුවල සිරවී සිටි සිසුන් 20 දෙනෙකු සාර්ථකව මෙරටට ගෙන්වා ගැනීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී රාජ්‍ය ඇමැති බාලසූරිය අවධාරණය කළේ සිසුන් 20 දෙනා බේරා ගැනීම සුවිශේෂී ජයග්‍රහණයක් වුවද, ඉතිරි 34 දෙනා නිදහස් කර ගැනීම කෙරෙහි දැන් අවධානය යොමු වී ඇති බවයි. දැනට පවතින ප්‍රශ්නය පිළිබඳ කණස්සල්ල පළ කළ ඔහු නිල නොවන මාර්ග හරහා මියන්මාරයේ රැකියා සඳහා යෑම අධෛර්යමත් කිරීමෙන් අනාගතයේ මෙවැනි…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් අනුරාධපුර සල්ගාදු පිටියේ දී පැවැත්වෙන ජනරැළිය සජීවීව නරඹන්න https://www.facebook.com/share/v/XAwqf7HYDv3HMT8A/?mibextid=WC7FNe
ඉදිරි පැය 24ක කාලය සඳහා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. අද (17) පස්වරු 1.00ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට (18) පස්වරු 1.00 දක්වා වලංගුව බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුරව, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසටයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුර අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලනවා. මේ අතර ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින…
වරක් හදිසි සෞඛ්‍ය තත්ත්ව දර්ශකයෙන් ඉවත් කර තිබූ ‘එම්පොක්ස්’ හෙවත් ‘මන්කිපොක්ස්’ රෝගය ජාත්‍යන්තර වශයෙන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නැවත නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පියවර ගෙන තිබේ. බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන කොංගෝ රාජ්‍යයේ ශීඝ්‍රයෙන් පැතිර ගොස් පසුව තවත් අප්‍රිකානු රටවල් රැසකට පැතිර ගොස් ඇති එම්පොක්ස් රෝගයෙන් මේ වන විට 450 දෙනකු පමණ මියයෑමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම පියවර ගෙන තිබේ.ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී කොංගෝ රාජ්‍යයේ පැතිරීම ඇරැඹි එම්පොක්ස් රෝගයේ නව වෛරස් ප්‍රභේදය ඉතාමත් වේගයෙන් පැතිරීමත් ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ඉහළ යෑමත් හේතුවෙන් එය සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙසේ එම රෝගය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්…
ඉන්දියාවේ 78 වන නිදහස් දිනය අගෝස්තු 15දිනට යෙදී තිබුණි. ඊට මෙරට දේශපාලනඥයින් සිය X ගිණුම් හරහා සුබ පැතුම් එක් කර තිබූ අතර ඉන් කිහිපයකට ඉන්දියාවේ මෙරට මහකොමසාරිස් සන්තෝෂ් ජාහ් පිළිතුරු ලබා දී තිබුණි. අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතාගේ සුබ පැතුමට මහකොමසාරිස්වරයා සිය ස්තූතිය පළ කර තිබුණි. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ද ඉන්දීයාවේ 78 වන නිදහස් දිනය සඳහා සුබ පැතුම් එක් කිරීමටයි කටයුතු කර තිබුණි. ඊට ද සන්තෝෂ් ජාහ් සිය ස්තූතිය ප්‍රකාශ කර තිබුණි. එමෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට සුබ පැතුමට ද ඔහු සිය ස්තූතිය පළ කර ඇත. මෙම සුබ පැතුම් සියල්ලට ස්තූතිය…
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය අද (17) දිනයේදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවල අද දිනයේදීත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…