Author: Buzzer Editorial

එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිත තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය අද (21) ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 3.30 ට ආරම්භ වන අතර, ඊයේ පැවතී මාධ්‍ය හමුවේදී, ශ්‍රී ලංකා නායක දනංජය ද සිල්වා, පලමු තරඟයේ සූදානම පිළිබඳව අදහස් දැක්වූ අතර අද තරඟයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම ද පසුව නිවේදනය කළා.සංචිතයේ සිටින නවක ක්‍රීඩක මිලාන් රත්නායකට හෙට දිනයේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිවන අතර කණ්ඩායමේ කඩුලු රැකීමේ කාර්යය දිනේශ් චන්දිමාල් හට පැවරී තිබීම විශේශත්වයක්. ආබාධ තත්ත්වය හේතුවෙන් කාලයක් ටෙස්ට් ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක, මෙම සංචිතයට කැදවූ නමුත්, පලමු තරඟයට ඔහු කම්කර නෑ. ඒ අනුව, පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට නියමිත…

Read More

සත්කාරක අයර්ලන්තය සමග පැවති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 8ක පහසු ජයක් ලබා ගත්තේය. තරගයේ පළමුවෙන්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3ම, ලකුණු 10කදී දවා ගැනීමට අචිනි කෞශල්‍යා සමත් විය. අයර්ලන්ත මුල් පෙළ කඩුලු 5 බිඳ වැටු⁣ණේ ලකුණු 28කදී ය. ආලීන් කෙලී ලකුණු 35යි. අචිනි කෞශල්‍යා සහ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අතර කඩුලු 3 බැගින් බෙදී ගියේය. ඒ අනුවඅයර්ලන්තය පන්දුවාර 42යි පන්දු 3කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 122කි. ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ දෙවැනි කඩුල්ලට චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවීක්‍රම ලකුණු 62ක සබඳතාවක් ගොඩනැගුවේය. චමරි අතපත්තු ලකුණු 48යි. හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු…

Read More

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරම් සහ වේලු කුමාර් පුද්ගලික රූපවාහිනී නාලිකාවකසජීවී දේශපාලන විවාදයකට සහභාගී වෙමින් සිටියදී ගුටිබැට හුවමාරුවක නිරත වන අයුරු කැමරාවේ සටහන් වී තිබේ.මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා එකිනෙකාට අවමන් සහගත ලෙස. කතා කරමින් ගුටිබැට හුවමාරුවක් සිදු කරන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.පසුව තත්ත්වය පාලනය කිරීමේ උත්සාහයක් ලෙස රූපවාහිනී කාර්ය මණ්ඩලය විසින් මන්ත්‍රීවරුන් වෙන් කරන ලදී.TPA පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා එළඹෙන. ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට පසුගියදා ප්‍රතිඥා දී තිබුණි.මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා සහ. TPA නායක මනෝ ගනේෂන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මැතිවරණයේදී සහාය පළ කර තිබේ.

Read More

කොළඹ ජාතික රෝහලේ ස්කෑන් යන්ත්‍ර 02ක් සහ MRI යන්ත්‍ර 02ක් කාර්මික දෝෂවලට ලක්ව මාස දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතැයි වාර්තා වේ. මෙතෙක් එම යන්ත්‍ර අලුත්වැඩියා කර නොමැති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ ය. බාහිර රෝගී අංශයේ සහ ප්‍රධාන විකිරණ අංශයේ ස්කෑන් යන්ත්‍ර එලෙස දෝෂවලට ලක්ව තිබේ. ඊට අමතරව බාහිර රෝගී අංශයේ සහ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ එම් ආර් අයි යන්ත්‍ර එක බැගින් දෝෂවලට ලක්ව ඇතැයි, චානක ධර්මවික්‍රම මහතා පවසයි. ඒ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගින්ගේ සැත්කම් හා ප්‍රතිකාර සේවා අඩාල වි ඇති බව ඔහු සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ…

Read More

ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා අද (20) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය. පැෆ්රල් සංවිධානය විසින් ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයින් 6 දෙනෙකු පමණක් තෝරා ගනිමින්, සිදු කරන සංවාදය සාධාරණ නොවන බව ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙයි. මැතිවරණ වියදම් සම්බන්ධයෙන් ස්වාධීන ජනාධිපති අපේක්ෂක හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළේ ය.

Read More

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ගැන නීතිපති උපදෙස් ඉල්ලා තිබේ. අදාළ තීන්දුව ප්‍රකාරව ගතහැකි සියලු ක්‍රියාමාර්ග මේවන විට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා පැවසුවේ ය. තවදුරටත් පැහැදිලි කරගත යුතු කාරණා සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටි බව ලේකම්වරයා සඳහන් කරන ලදී. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් ඉදිරි දිනක පැවැත්වීමට නියමිතව ඇති බව වියානි ගුණතිලක මහතා පැවසුවේ ය. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේය. ඇති වී තිබෙන යම් යම් ගැටලු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මගින් කරුණු වාර්තා කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. විද්‍යුත් වීසා සේවාවන් සැපයීමේ කටයුතු…

Read More

කල්ඉකුත්වීමේ දිනයක් නොමැති බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කර නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ලබන වසරේ ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (20) පැවසීය. එම රියදුරු බලපත්‍ර ගැනීම සඳහා සාධාරකණ කාලයක් දෙන බවත් නව රියදුරු බලපත්‍රය ගැනීමට පැරණි රියදුරු බලපත්‍රය සහ වෛද්‍ය සහතිකය පමණක් ප්‍රමාණවත් බවත් වීරසිංහ මහතා කීය. කල්ඉකුත්වීමේ දිනය සඳහන් නොමැති බර වාහන රියදුරු බලපත්‍ර ලක්‍ෂ 11ක් පමණ සහ සාමන්‍ය රියදුරු බලපත්‍ර ලක්‍ෂ 12කට ආසන්න ප්‍රමාණයක් ඇති බව කී අනුරුද්ධ වීරසිංහ මහතා කල්ඉකුත්වන දිනයක් සඳහන්ව නොමැති රියදුරු බලපත්‍රයකට නව රියදුරු බලපත්‍රයක් ගැනීමට මාස හයක පමණ කාලයක් දීමට බලාපොරොත්තු වන බව ද…

Read More

ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයකුට ඡන්දදායකයකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවැසීය. ඒ අනුව 2023 අංක 03 දරන මැතිවරණ වියදම් පනතට අනුව මෙම මුදල් සීමාව සඳහන් කරමින් ගැසට් නිවේදනය ඊයේ (19දා) රාත්‍රියේ නිකුත් කෙරිණ. මේ සම්බන්ධයෙන් ජනාධිපති අපේක්‍ෂකයන් සහ දේශපාලන පක්‍ෂවල නියෝජිතයන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පසුගියදා කැඳවා අදහස් විමසීමක් සිදුකළ බව රත්නායක මහතා ප්‍රකාශ කළේය. පසුගිය සතියේ ඊට අදාළව පැවැති සාකච්ඡාවලදී වියදම් සීමා පිළිබඳව අපේක්‍ෂකයන් ඉල්ලීම් ඉදිරිපත් කළ බව මැතිවරණ කොමිසමේ සභාපති රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව එක්කෝටි හැත්තෑ එක්ලක්‍ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරක් වූ සමස්ත ඡන්දදායකයන් වෙනුවෙන් එක්…

Read More

බ්‍රිතාන්‍යයේ කීර්තිමත් සැන්ඩ්හර්ස්ට් හමුදා ඇකඩමියෙන් පසුගිය සතියේ අධිකාරිය ලත් ශ්‍රී ලාංකික කැඩෙට් නිලධාරියා අතුරුදන්ව ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. සති 44ක දැඩි පුහුණුවකින් පසු විසිර ගිය නිලධාරීන් 209 දෙනා අතර ශ්‍රී ලාංකික මොහොමඩ් අනීක් ද විය. විසිර යාමේ පෙළපාළියෙන් පසු ඔහුට මේ සතියේ ආපසු නිවසට පැමිණීමට නියමිතව තිබූ නමුත් නියමිත ගුවන් ගමන මඟහැර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පසුගිය සෙනසුරාදා ඔහුගේ නියමිත ගුවන් ගමන සඳහා ගුවන් තොටුපළ වෙත ප්‍රවාහනය සංවිධානය කිරීමට ඉදිරිපත් වූ විට ඔහු තමා විසින්ම එය සපයා ගන්නා බව පවසමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු සිකුරාදා ඇකඩමියෙන් ඉවත් වී තිබිණි. එක්සත් රාජධානියේ…

Read More