- ජනපති ලබන මස ජර්මනියේ සංචාරයක
- දුමින්ද දිසානායක අත්අඩංගුවට
- Committee appointed to probe Dayasiri’s behaviour in Parliament
- කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්
- මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ 8ක් අත්අඩංගුවට
- අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඩිජිටල්කරණය ගැන වැඩමුළුවක්
- අපේ අනුදි අවසන් 20 අතරට
- ශ්‍රී ලංකාවේ මීළඟ පියවර ගැන IMF මතක් කරයි
Author: Buzzer Editorial
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වී ඇති බව හෙළි වී ඇත. මහාධිකරණ නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු මෙම හෙරොයින් තොගය රජයේ රස පරීක්‍ෂවරයාට ඉදිරිපත් කිරීමට බව පවසා රහස් පොලිසස් නිලධාරියකු වශයෙන් පෙනී සිටි පුද්ගලයකු විසින් රැගෙන ගොස් ඇති බව හෙළි වීම නිසා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියේ අධක්‍ෂවරයාට අද නියම කළේය. රහස් පොලිසියෙන් යැයි පවසමින් අදළ හෙරොයින් තොගය රැගෙන ගිය බව කියන ‘තරිඳු යෝෂිත’ නමැත්තා…
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වීමට නියමිතව තිබේ. අද පෙරවරුවේ කොළඹ දී විශේෂ උත්සවයක් පවත්වමින් එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතය. එම අවස්ථාව සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට එක්ව සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බව වාර්තා වේ. මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද අද දිනයේ එළිදැක්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පළමුව මහනායක හිමිවරුන් වෙත පිළිගැන්වීමට සැලසුම් කර ඇති බවය.
‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධියට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ පානදුර පින්වත්ත ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශ වල පදිංචිව 29 සහ 32 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලීසිය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.
උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අද දින ඇහැලියගොඩ දී පැවති ජන රැලිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “තව ප්‍රශ්නයක් තමයි උපයන විට ගෙවන බද්ද. ඒකත් විශාල ප්‍රශ්නයක්. IMF සංවිධානයයි අපියි එකඟ වෙලා තියෙනවා, ඒක සංශෝධනය කරන්න වුවමනායි කියලා. මූලික තීරණය අරගෙන ඉවරයි. අපි එක යෝජනාවක් දාලා තියෙනවා. ඒ අය තව යෝජනාවක් දාලා තියෙනවා. ඉතිං…
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අලි සහිර් මවුලානා මහතාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (28) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ මහලේකම් වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. අලි සහිර් මවුලානා මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කළේය. මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ මහලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරුන්ට එරෙහිවය. එම වාරණ නියෝගය එළැඹෙන 11 වනදා දක්වා බලපැවැත් වෙයි. පැමිණිලිකරු කියා සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහාය දක්වන්නේද ? යන්න තීන්දු කිරීම සඳහා ශ්‍රී…
මේ වනවිට පුරප්පාඩුවී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ. ඒ, සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ය. සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පසුගිය අගෝස්තු 21 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය. පාර්ලිමේන්තුවේ දී සංවේදී කතාවක් සිදුකරමින් ඇය සඳහන් කර සිටියේ, එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම පිළිබඳව තමාගේ කැමැත්තක් නොමැති බවයි. තලතා අතුකෝරල, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් වූ අභාවප්‍රාප්ත ගාමිණි අතුකෝරල මහතාගේ සහෝදරිය වෙයි. ඇය 2004 වසරේදී පළමුවෙන් පාර්ලිමේන්තුවට…
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයින් තිදෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ප්‍රජාතාන්ත්‍රීය, ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසයි. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ අතර ඉන් එක් අපේක්ෂකයෙක් පසුගිය දා අභාවප්‍රාප්ත වුණි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මංජුල ගජනායක මහතා, “අභාවප්‍රාප්ත වූ පුද්ගලයා වෙනුවට තවමත් නම් කර නැහැ. ඒ නම් නොකිරීම තුළ මම යම් දුර්වලතාවයක් දකිනවා. සංවිධිතව මේ ක්‍රියාවලියට දායක වුණා නම් අදේශකයක් තිබිය යුතුයි. පෑලෑන් A සහ පෑලෑන් B නැති එකත් යම් ආකාරයකට මම විශ්වාස කරන්න වංකවීමක් ලෙස. මේ 38 දෙනාගෙන් 15 දෙනෙක් පමණයි යටත් පිරිසෙන් අඩුම තරමේ පුද්ගලයින් 10 දෙනෙකු හෝ රැස්කර…
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන ජංගම දුරකථන 650ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2024 අගෝස්තු 27 වැනි දින පුත්තලම කරඹ ප්‍රදේශයේ මාර්ග බාධකයක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නිහි නාවික හමුදා සාමාජිකයන් විසින් නොරොච්චෝලේ පොලිසියේ සහයෝගය ඇතිව මෙම මෙහෙයුම සිදුකර තිබේ. ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ කණ්ඩායම කරඹ මාර්ග බාධකයේ සිදුකළ සෝදිසියකදී කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ජංගම දුරකථන මෙලෙස සොයාගෙන ඇත. සැකකරු කැකිරාව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහු සතු එම ජංගම දුරකථන…
යුක්රේනයට යුධ ආධාර ලබාදී රුසියාවට පහර දීමට ඉඩ සැලසීමෙන්, තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ විය හැකි බවට රුසියාව, අමෙරිකාවට අනතුරු අඟවා තිබේ. රුසියාව ප්‍රකාශ කළේ, එසේ වුවහොත් එය යුරෝපයට පමණක් සීමා නොවනු ඇති බවයි. යුක්රේනය පසුගිය 06 වැනිදා රුසියාවේ බටහිර කර්ස්ක් ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර ආක්‍රමණයක් දියත් කළේ ය. දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාවට එල්ල වූ විශාලතම ආක්‍රමණය එයයි. රුසියානු ජනපති ව්ලැඩිමියර් පුටින් ප්‍රකාශ කළේ, එම ආක්‍රමණයට සුදුසු ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි. මේ අතර රුසියාව විසින් දෙවන දිනටත් යුක්‍රේනයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 6කි.
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. තවත් පිරිසක් ඉදිරි සති කිහිපය ඇතුළත දිවයිනට පැමිණිමට නියමිතයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂකයින් පිරිසක් ද ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මේ වනවිට දිවයිනට පැමිණ තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ඔවුන් මැතිවරණය නිරීක්ෂණයට කළ ඉල්ලීමට තමන් අවසර ලබා දුන් බවයි. මීට අමතරව ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයින් ද ඉදිරි සති කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිතය.