- ජනපති ලබන මස ජර්මනියේ සංචාරයක
- දුමින්ද දිසානායක අත්අඩංගුවට
- Committee appointed to probe Dayasiri’s behaviour in Parliament
- කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්
- මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ 8ක් අත්අඩංගුවට
- අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඩිජිටල්කරණය ගැන වැඩමුළුවක්
- අපේ අනුදි අවසන් 20 අතරට
- ශ්‍රී ලංකාවේ මීළඟ පියවර ගැන IMF මතක් කරයි
Author: Buzzer Editorial
දින දෙකක සංචාරයක් සදහා මෙරටට පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනාධිපති අපේක්ෂකයින් කිහිප දෙනෙකු සහ දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබේ. ඉන්දියාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨතම තනතුරක් වන ජාතික ආරක්ෂක උපදේශක තනතුරට පැවරෙන ප්‍රධාන වගකීමක් වන්නේ අගමැතිවරයාට ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති හා විදෙස් කටයුතු පිළිබඳව උපදෙස් ලබාදීමයි. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ඊයේ පස්වරුවේ උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවිය . මෙම හමුවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය වෙනුවෙන් එම්.ඒ සුමන්දිරන්, එස්.ශ්‍රී ධරන් සමග ටෙලෝ සංවිධානයේ සෙල්වම් අඩෙයිකලනාදන්, ප්ලොට් සංවිධානයේ ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාසා ගජෙන්ද්‍රන් යන මන්ත්‍රීවරුන් සහභාගීවී සිටියේ ය. මේ…
නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා සඳහන් කළේ , දීප ව්‍යාප්තව නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. මේ අතර, පොලීසියේ 54,000ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා යොදවන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා පැවසුවේ ය.
නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පැවසුවේ ඒ වෙනුවෙන් නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එය සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාව වෙත පවරන බවය. අද (30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” ජාතික තරුණ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. දියුණු වන තාක්ෂණික ලෝකයත් සමග ඉදිරියට යාමට අවශ්‍ය ඩිජිටල් දැනුම සහ පන්නරය තරුණ පරපුර වෙත ලබා දීමට තමන් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය. එමෙන්ම ඩිජිටල් අලෙවිකරණය, සේවාදායකයින්ට නිදහස් සේවාවන් සැපයීම, විද්‍යුත් වාණිජ කාර්යයන්…
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ බෙල්ලන්විල දී මැලේසියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණි. 24 හැවිරිදි ඇය සතුව තිබී කොකේන් කිලෝ 3ක් ද හමුවී තිබේ. එහි දළ වටිනාකම රුපියල් කෝටි 11ක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත එම කාන්තාවගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන බව වාර්තා වේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සහ අධ්‍යක්ෂවරයා එහි පරීක්ෂණ කටයුතු අධීක්ෂණය කරයි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (30 වැනිදා) එංගලන්ත කණ්ඩායම ලකුණු 427 කට දැවී ගියේය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ නමුත් එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් (143) සහ ගස් ඇට්කින්සන් (118) ශතක ලබාගනිද්දී අසිත ප්‍රනාන්දු ලකුණු 102 කට කඩුලු 5 ක් දවාගත්තේය. ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයදී කඩුලු 5 ක් දවාගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා අසිත ප්‍රනාන්දුය. එවන් දස්කමක් කළ පළමුවැනි ශ්‍රී ලාංකිකයා වූයේ 1991 දී ලකුණු 69 කට කඩුලු 5 ක් දවාගත් රුමේෂ් රත්නායකය. මිඞ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන ගස් ඇට්කින්සන් කණ්ඩායමට එක්වූයේ වේග පන්දු යවන්නකු…
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගබඩාවේ භාණ්ඩ භාරකාරවරයා ලබන 04 දින දක්වා රහස් පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය. අධිකරණ භාරයේ තිබූ හෙරොයින් පාර්සල් දෙකක් අස්ථානගත කිරීම තුළින් රජයේ දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.
දෙහිඅත්තකණ්ඩිය, සේරුපිටිය ප්‍රදේශයේ තරුණයෙකුට තියුණු ආයුධයකින් පහර දී අද (30) උදෑසන ඝාතනය කර තිබේ. තරුණයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර කාන්තාවකට තුවාල සිදුකර රෝහල් ගත කර ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 24 හැවිරිදි සේරුපිටිය, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියා විසින් තම පුතා සහ ලේලියට තියුණු ආයුධයකින් පහරදී මෙම අපරාධය සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පොළොන්නරුව රෝහලට යොමු කර…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය දැවැන්ත පහළ යෑමක් වාර්තා කර තිබේ. ඒ අනුව 2024 ජූලි මාසයේ දී වාර්තා වූ 2.4% සිට අගෝස්තු මාසයේ දී 0.5%ක් දක්වා පහළ වැටී ඇත. මෙහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජුලි මාසයේ පැවති 1.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 0.8%ක් දක්වා පහළ ගොස් තිබේ. ආහාර නොවන උද්ධමනය පූර්ව මාසයේ දී පැවති 2.8% මට්ටමේ සිට 2024 අගෝස්තු මාසයේ දී 0.4%ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් ඇත.
කාන්තා ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කරන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට එරෙහිව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පරීක්ෂණයක් ආරම්භකර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවල සඳහන් වන්නේ සමරවීර ට එරෙහිව “ක්‍රීඩිකාවකට බරපතළ විෂමාචාරයක්” සිදුකළ බවට චෝදනා එල්ලවී තිබුණි. එය අතීතයේ සිදුවී ඇති සිද්ධියක් බවද සඳහන් ය. 1993 – 95 කාලසීමාවේදී සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 7ක් සහ එක්දින තරග 5ක් ක්‍රීඩා කළේය. දැනට 52 හැවිරිදි වියේ පසුවන ඔහු වසර 10ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරයි. ඔහු වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කළේය. ඉන්දීය කාන්තා ‘A’ කණ්ඩායම සමග පැවැත්වීමට…
කාසියේ වාසිය දිනාගත් ධනංජය ද සිල්වා ලෝඩ්ස් පිටියම මවිත කරමින් පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් පළමු හෝරාවේදීම තම අරමුණ සාක්ෂාත් කරගත්තේය. එතැනින් නොනැවතුණු ශ්‍රී ලංකා නායකයා දිවා ආහාරයට පෙර යැවුණු ඕවර 24 කදී ලකුණු 97 කට එංගලන්තයේ කඩුලු 3 ක් බිම දමාගෙන තිබුණද, සිය පිතිහරඹ සංදර්ශනය නතර නොකළ ජෝ රූට් ශ්‍රී ලංකාවට එරෙහිව පස්වැනි ටෙස්ට් ශතකයත් සම්පූර්ණ කළේය. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (29 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 358 ක් ලබා සිටියේය. එංගලන්ත ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ ජෝ රූට්, අද…