- ජනපති ලබන මස ජර්මනියේ සංචාරයක
- දුමින්ද දිසානායක අත්අඩංගුවට
- Committee appointed to probe Dayasiri’s behaviour in Parliament
- කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්
- මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ 8ක් අත්අඩංගුවට
- අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඩිජිටල්කරණය ගැන වැඩමුළුවක්
- අපේ අනුදි අවසන් 20 අතරට
- ශ්‍රී ලංකාවේ මීළඟ පියවර ගැන IMF මතක් කරයි
Author: Buzzer Editorial
වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක් බවත්, එවන් දැන්වීම් අලවා තිබෙන වාහන පරීක්ෂාකර ගලවා ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. වාහනවල දේශපාලන ප්‍රචාරණ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට පොලිසිය දැනුම්වත් කර ඇති බවද හෙතෙම පැවසීය. මෙහිදී නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියේ, පොලිසිය විසින් දැන්වීම් ගලවා ඉවත්කිරීමේදී එම දැන්වීම් තදින් අලවා තිබුණහොත් වාහනයට වුවද හානි සිදුවිය හැකි බවය. එනිසා පොලීසිය මැදිහත්ව එම කටයුත්ත සිදුකිරීමට පෙර වාහන හිමිකරුවන්ම ඒවා ඉවත්කරගන්නා ලෙසද ඔහු දන්වා සිටියේය. “අපි ප්‍රථමයෙන්ම කරන්නේ ගලවා ඉවත් කිරීම.…
කොළඹ වරායේ යු ටි සි අංගනය වෙත පැමිණි කන්ටේනරයක එන්ජින් කොටසේ එහි සහායකයා හිටිහැටියේ මියගොස් ඇතැයි වෙරළ බඩ පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ අංගොඩ ප්‍රදේශයේ පදිංචි බි පි අරුණ පුෂ්පකුමාර (57) නැමැති අයයි. මියගිය පුද්ගලයා සිය සහෝදරයා සමග ඉකුත් සෙනසුරාදා (31 ) භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා පැමිණ අනෙකුත් කන්ටේනර සමග එක පෙළට නවතා තිබී ඇති අතර සහෝදරයා පෙරේදා (1) නිවස කරා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම ස්ථානයේ නවතා තිබූ කන්ටේනර් රථ පහක් එම ස්ථානයෙන් භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පිටව ගියද මෙම කන්ටේනර් රථය එම ස්ථානයේම නවතා තැබීම සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියකු සොයා බැලීමේදී මෙම පුද්ගලයා රියදුරු…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අනතුරුව යළි නාමයෝජනා කැඳවීම සඳහා ද අවශ්‍ය පියවර ගැනීමට නියමිතය. අද (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේය
මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නියෝජනය කළ සමිත දුලාන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්ව තිබේ. ඒ F 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙනි. සමිත දුලාන් එහිදී මීටර් 67.03ක දක්ෂතාවක් වාර්තා කරමින් රිදී පදක්කම හිමිකර ගත් අතර එය F 44 කාණ්ඩයේ ඔහු විසින් තබා තිබූ ලෝක වාර්තාව යළි අලුත් කිරීමක් වේ. මෙම තරගයේ දී ඉන්දියාව රන් පදක්කම හිමිකර ගත් අතර ඔස්ට්‍රේලියාව ලෝකඩ පදක්කම හිමිකරනු ලැබීය. සමිත දුලාන් මීට පෙර 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී එෆ් 44 කාණ්ඩයෙන් හෙල්ල විසි කිරීමේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වුණි.
රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය අද (02) පස්වරුවේ කළ නිවේදනයේ මෙසේ දැක්වේ. 2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළට ඒ අනුව 2025 ජනවාරි…
යකඩ පොල්ලකින් පහරදී බිරිඳ ඝාතනය කළබවට චෝදනා ලැබූ පුද්ගලයෙකුට ඌව පළාත් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය. බදුල්ල ,කැන්දගොල්ල ගම්මානයේදී 2010 ජුනි මස 19 වැනිදා දිසානායක මුදියන්සේලාගේ චන්ද්‍රාවතී (35) නමැත්තිය ඝාතනය කළේ යැයි ඇගේ පුරුෂයා වන සුලෙයිමාන් ධර්මදාස නමැත්තාට විරුද්ධව බදුල්ල පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබිණ. සැකකරු හා මරණකාරිය අතර කලක් තිස්සේ පවුල් ආරවුල් තිබූ බවත් මරණකාරියට වෙනත් සබදතාවක් ඇති බවට තහවුරුවීමෙන් පසු දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරව සැකකරු විසින් බිරිඳට යකඩ පොල්ලකින් ඇගේ පාදයකට පහරදී ඇති බවත් නඩු විභාගයේදි අනාවරණය විය.
ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකුට අයත් එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබේ. ඊට අමතරව එක් එක් පෙත්සම්කරුට රුපියල් 10,000/- ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන් වුණි. ආර්.එස්. ජමිල් ඇතුළු 42 දෙනෙකු විසින් 2020 වසරේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස එවක මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි. පෙත්සම්කරුවන් කියා…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන මුරුගේසු චන්ද්‍රකුමාර මහතා එළැඹෙන ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. හිටපු කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම සමත්තුව පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරන ඒ මහතා 1994-2000 කාලයේ සහ 2010-2015 කාලයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කර ඇති ඔහු අඛණ්ඩව වසර 10ක් පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස ද කටයුතු කළ අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි.
ඊශ්‍රායලයේ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇති බව වාර්තා වෙයි. ඊට 500,000ක පමණ ජනකායක් එක්වී සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට කටයුතු කරන ලෙස එරට රජයට බලකරමිනි. පසුගියදා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙක් ව හමාස් සංවිධානය විසින් රෆා හි උමඟක දී ඝාතනය කර තිබුණි. ඒ අතර කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි 4 දෙනෙක් විය. තවත් ප්‍රාණ ඇපකරුවන් 100ක් පමණ හමාස් භාරයේ සිටින බවත් ඉන් 30 දෙනෙක් පමණ මියගොස් ඇති බවත් සඳහන් ය. ටෙල් අවීව්, ජෙරුසලම් සහ අනෙක් ප්‍රධාන නගර වල එම උද්ඝෝෂණ පැවැත්වුණි.
2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රයපැවැත්වේ. එම විභාගය විභාග මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇතැයි ද අදාළ නිවේදනයේ දැක්වේ. මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic පිවිසීමෙන් ලේඛනය බාගත හැකිය. එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් එය අද (02) දින සිට සැප්තැම්බර් 9 දක්වා මාර්ගගත සංශෝධනය කිරීමටත් පහසුකම් සලසා ඇත. දුරකථන අංක – 0112 784 208/ 278…