- ජනපති ලබන මස ජර්මනියේ සංචාරයක
- දුමින්ද දිසානායක අත්අඩංගුවට
- Committee appointed to probe Dayasiri’s behaviour in Parliament
- කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්
- මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ 8ක් අත්අඩංගුවට
- අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඩිජිටල්කරණය ගැන වැඩමුළුවක්
- අපේ අනුදි අවසන් 20 අතරට
- ශ්‍රී ලංකාවේ මීළඟ පියවර ගැන IMF මතක් කරයි
Author: Buzzer Editorial
වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන දුර්වලතා හොඳින් අධ්‍යනය කර සිටින එංගලන්ත කණ්ඩායම, තුන්වැනි ටෙස්ට් තරගය සඳහා වඩාත් වේගයෙන් පන්දු යැවිය හැකි, උස ක්‍රීඩකයකු වන ජොස් හල් කැඳවා තිබේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය ලන්ඩන් නුවර ඕවල් පිටියේදී හෙට (සිකුරාදා) ආරම්භ වෙයි. එංගලන්ත සංචාරය ආරම්භ කරමින්, වූස්ටර්හිදී පැවැති සිව්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරා තල්ලු කරගෙන ගිය අඩි 6 යි, අඟල් 7 ක් උස වමත් වේග පන්දු යවන්නා එම තරගයේ ඉනිම දෙකේදී ලකුණු 74 කට කඩුලු 5 ක් දවාගත්තේය. අද ආරම්භ වන තරගයේදී මැතිව් පොට්ස්ගේ ස්ථානය වෙනුවෙන් ජොස් හල් කැඳවීමට එංගලන්තය තීරණය…
අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි බව කියන හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුයායේ පිහිටි නිල නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් සියලු භාන්ඩ සමඟම අදාළ නිවස නුවරඑලිය දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරිය විසින් වතු අධිකාරිවරයාට අද බාර දෙන ලදී. එම නිවස යළි වතු අධිකාරිවරයාට බාර දෙන ලෙස නුවරඑලිය දිසා විනිසුරුවරියගේ නියෝගයකට අනුව අධිකරණ රෙජිස්ටාර්වරිය ඇතුළු පිසිකල් නිලධාරින් ලිදුල පොලිසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවසට පැමිණ එහි තිබු අරවින්ද කුමාර් මහතාට අයත් සියලු භාන්ඩ ලේඛණගත කිරීමෙන් අනතුරුව වතු අධිකාරිවරයාට එලෙස බාර දෙන ලදී. අරවින්ද කුමාර් මහතා 1987 වසරේ ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුයායේ ප්‍රධාන ලිපිකරු…
කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (05) පස්වරුවේ විවෘත කෙරුණි. මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල්වලින් එය සමන්විත වෙයි. මේ සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර ඒ සමග කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, IMF සහ මෙරට විදෙස් ණයහිමියන් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් සංශෝධනය කිරීමට ගියහොත් ඉදිරිය…
බිබිල – අම්පාර මාර්ගයේ ළිඳකුඹුර ප්‍රදේශයේදී ලංගම බසයක් පෞද්ගලික බසයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ඇඟළුම් කම්හල් සේවක සේවිකාවන් සහ මගීන් 47 දෙනකු තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. බිබිල මැදගම ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් පිරිසක් සිය සේවා මුර අවසන් වී නිවෙසක් කරා ප්‍රවාහනය කළ පෞද්ගලික බසයේ එම මාර්ගයේ එකම දිසාවට ධාවනය වූ ලංගම බසය එහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙ. අනතුරින් පසු බසය මීටර් 20 පමණ දුරට ඇති ගොස් ඇති අතර පෞද්ගලික බසයට බරපතල ලෙස හානි සිදුව තිබේ. තුවල කරුවන් අතර ඇඟළුම් කම්හල් සේවක සේවිකාවන් මෙන්ම ලංගම බසයේ මගීන්ද සිටින බව බිබිල පොලිසිය කියයි. තුවාලකරුවන්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්‍ෂ මහතාට සහයෝගය දැක්වීම සඳහා අවබෝධතා ගිවිසුමක් අද (5) අත්සන් තැබීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එහි මහලේකම් සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ යන මහත්වරු එම අවබෝධතා ගිවිසුමට අත්සන් ලැබූහ. ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු විශාල පිරිසක් ද සහභාගි වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(05) නිකුත් කළේය. දයාසිරි ජයසේකර මහතා විත්තිකරු කරමින් වේළු කුමාර මහතා විසින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝගය නිකුත් කළේය. සමගි ජන බලවේගය අකුරැස්සේ සංවිධානය කළ මහජන රැළියකදී දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් පාදක කර ගනිමින් මෙම නඩුව පවරා තිබූ අතර අදාළ අසත්‍ය හා දේවේශ සහගත ප්‍රකාශයෙන් සිදුවූ අගතියට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසද පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා තිබිණි. පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු…
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ICC මාසයේ ක්‍රීඩකයා සම්මානය සඳහා වන පිරිමි සහ කාන්තා අවසන් නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක ඇතුළත් වී තිබේ. ඒ අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ්, බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස් සහ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පිරිමි සම්මානය සඳහා නිර්දේශ වී ඇත. කාන්තා සම්මානය සඳහා ශ්‍රී ලංකා පිතිකාරිනියක වන හර්ෂිතා සමරවික්‍රම, අයර්ලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා Orla Prendergast සහ අයර්ලන්ත ආරම්භක පිතිකරු Gaby Lewis ඇතුළත් වෙති. හර්ෂිතා සමරවික්‍රම ආසියානු කුසලානයේ සිට අයර්ලන්ත සංචාරය දක්වාම දස්කම් දැක්වීමට සමත්වූවාය. විචිත්‍රවත් වමත් පිතිකාරිනියක වන ඇය ඩබ්ලින්හි පැවති T20 තරග දෙකේදී ලකුණු…
රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනකු ජනාධිපතිවරයා විසින් ධුර වලින් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ප්‍රේමලාල් ජයසේකර වරාය සහ ගුවන්සේවා සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද ඉන්දික අනුරුද්ධ විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ සිරිපාල ගම්ලත් මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බලතල යටතේ මෙම තීරණය ගෙන ඇත.
උගන්ඩා කාන්තා මැරතන් ශූරියක් වන රෙබේකා චෙප්ටිගෙයි ව ඇයගේ පෙම්වතා විසින් පෙට්‍රල් ඇඟට දමා ගිනිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඇය පසුගියදා නිමාවූ පැරිස් ඔලිම්පික් තරගාවලියේ මැරතන් තරගයට ද එක්වූවාය. චෙප්ටිගෙයි එම ප්‍රහාරය එල්ලකර තිබුණේ පසුගිය ඉරිදා ය. සිය දියණියන් දෙදෙනා සමග පල්ලියට ගොස් නැවත පැමිණි අවස්ථාවේදී ඇය ඊට ලක්වී තිබූ බව සඳහන් ය. ඇය ජීවත්ව සිටියේ වයඹදිග කෙන්යාවේ මලල ක්‍රීඩා ගම්මානයක් ආසන්නයේ ය. ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් හේතුවෙන් ඇයයේ පෙම්වතා විසින් ඇයට එම ප්‍රහාරය එල්ලකර තිබුණි. චෙප්ටිගෙයි ඝාතනයට ලක්වන විට ඇය කෙන්යාවේ මලල ක්‍රීඩා ගම්මානයේ සිය පුහුණුවීම්හි නිරතව සිට ඇත.
රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා අද (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝකන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න සහ සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ එක්ව එම වෙඩි තැබීම සැලසුම් තිබූ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.