- නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට
- මාලනීගේ වියෝව ගැන ජනපති තැබූ සටහන
- උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට අත්පත්කර ගැනීමේ කිසිදු අරමුණක් නැහැ.
- ජනපති ලබන මස ජර්මනියේ සංචාරයක
- දුමින්ද දිසානායක අත්අඩංගුවට
- Committee appointed to probe Dayasiri’s behaviour in Parliament
- කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්
- මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ 8ක් අත්අඩංගුවට
Author: Buzzer Editorial
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු කරන ලද මැතිවරණ පූර්ව ප්‍රචාරක රැස්වීම්වලට අදාල අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට (18) කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව අපේක්‍ෂකයන් සහභාගි වන අවසන් රැස්වීම් සඳහා ආරක්‍ෂාව ලබාදීමට එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ස්ථානය වල රථ වාහන තද බදය අවම කර ගැනීම සඳහා පහත පරිදි රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ICC කාන්තා T20 ලෝක කුසලානය 2024 තරගාවලියේ දී ක්‍රීඩිකාවන්ටද ක්‍රීඩකයන් හා සමාන ත්‍යාග මුදල් පිරිනැමීමට තීරණය කිරීම නිසා ක්‍රීඩා ඉතිහාසයේ සැළකිව යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට නියමිතව තිබේ. 2023 ජූලි මාසයේදී ICC වාර්ෂික සමුළුවේදී මෙම තීරණය ගනු ලැබිණි. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව පිරිමි සහ කාන්තා ලෝක කුසලාන ඉසව් සඳහා සමාන ත්‍යාග මුදල් පිරිනමන එකම ප්‍රධාන පෙළේ කණ්ඩායම් ක්‍රීඩාව බවට පත් වේ. මේ යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම තරඟාවලියේ ජයග්‍රාහිකාවන්ට අමෙරිකානු ඩොලර් මිලියන 2.34ක් ලැබෙනු ඇත. එය 2023 දී දකුණු අප්‍රිකාවේදී ඕස්ට්‍රේලියාව ජය ලැබූ අවස්ථාවේ ඕස්ට්‍රේලියාවට ප්‍රදානය කරන ලද ඩොලර් මිලියනයක මුදලට වඩා සියයට 134ක වැඩිවීමකි. අනුශූරියන්ට ඩොලර් මිලියන 1.17ක්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නමැත්තාව ඔහුගේ නිවසේදී ඝාතනය කර තිබේ. මීගොඩ පොලීසිය පැවසුවේ ඔහු පදිංචිව සිටි හෝමාගම පනාගොඩ සමගි මාවතේ නිවසේදී මෙම අපරාධය සිදුකර ඇති බවය. පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අනියම් සම්බන්ධයක් පිළිබඳව ද කරුණු අනාවරණය වී ඇති බවය. ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මුගුරකින් හිසට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙන අතර එහිදී බරපතළ තුවාල ලැබූ සම්පත් ගමගේ නමැත්තා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. ඝාතනය සිදු කළ සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැත. මියගිය පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු…
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධි දෙකක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන රජයේ ගුරුවරයෙකු සිය අනුමාන ප්‍රශ්න පත්‍රය තුළ මෙවර ශිෂ්‍යත්ව විභාගයට බොහෝ දුරට සමාන ප්‍රශ්න සහිතව ලබා දී ඇති අතර ඔහු සිය සමාජ ජාල, සමූහයක ද එය පළ කර විභාගය පැවති 15 වන දින අලුයම මකා දමා ඇති බව මව්පියන් පිරිසක් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. ඊට අමතරව, තවත් මව්පියන් පිරිසක් චෝදනා කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල්වල අනුමාන ප්‍රශ්න පත්‍රයක ද එම ප්‍රශ්න අඩංගුව තිබූ බව ය. විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් මේ ආකාරයට…
ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා ගුවන් යානා සපයන්නේ සම්මත ක්‍රියා පටිපාටිවලට අනුකූලව ගෙවීම් පදනම මත පමණක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැහැදිලි කර ඇත. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා අවභාවිත කළ බවට පළ වූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර වශයෙන් ඔවුන් මෙම ප්‍රකාශය සිදු කෙරේ. 2024 ජනාධිපතිවරණයේදී පොදු සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පසුගියදා සැළකිව යුතු කණස්සල්ලක් පළ කළේය. ඔවුන් චෝදනා කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ජනාධිපති අපේක්ෂකයන් විසින් ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇති බවටයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පැවසුවේ ප්‍රමුඛ පෙළේ ජනාධිපති…
දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල විටින් විට සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි. එවැනි වීඩියෝ පට පළ කරන්නන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. පොලීසිය එහි සඳහන් කර ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයින් විසින් පරීක්ෂා කිරීම, ඇඳිරිනීතිය පනවන ලද අවස්ථාවලදී ලබා ගන්නා ලද වීඩියෝ දර්ශන ආදී වීඩියෝපට මේ දිනවල හුවමාරු වෙමින් පවතින බවයි. මෙවැනි වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් වැරදි මතයක් සමාජ ගතවන බවත් අදාළ වීඩියෝ පට…
මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ජෝසප් ඇන්ටෝ අතිරම්පුසා, අධ්‍යක්ෂවරුන් වන නාරායනන් මහේෂ් සහ සී. වී. සාරති මේ වසරේ නොවැම්බර් මාසයේදී සුපිරි මලයාලම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ රූගත කිරීමට සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙ සකච්ඡා කිරීමට මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සහ ප්‍රමුඛ පෙළේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් 2024.09.15 දින අරලියගහ මන්දිරයේදී අගමැතිය දිනේෂ් ගුණවර්ධන හමුව තිබේ. මලයාලම් සිනමාවේ සුපිරි තරු දෙපළක් වන මමූති (Mammootty) සහ මෝහන්ලාල් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන අතර ස්ථානීය රූගත කිරීම් දින 30ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇති බව ඔවුන් පවසා තිබේ. ඉතිරි රූගත කිරීම් කේරළ, දිල්ලි සහ ලන්ඩන් යන ප්‍රදේශවල සිදු කිරීමට නියමිතය. “වසර 20 කට පසු…
ජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යොදවන බව පොලිසිය පවසයි. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන ඇතුළු කටයුතුවල ආරක්ෂාව සඳහා එම පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි. මේ අතර ආර්ථික මරමස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවන බව පොලිසිය ප්‍රකාශ කරයි. පොලිසියේ සහායට සිවිල් ආරක්ෂක භටයන් 10,000ක් යෙදවීමට නියමිත බව පැවැසේ. ජංගම සංචාර සඳහා පොලිස් විශේෂකාර්ය බලකාය අනියුක්ත කිරීමට නියමිතය. මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්ද මධ්‍යස්ථානවල කිසියම් පුද්ගලයකු කලහකාරිව කටයුතු කළ හොත් උපරිම බලය යෙදවීමට පොලිසියට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සනහන් කර ඇත.
මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද (17) සාකච්ඡාවක් පැවැත්වේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායම ඇතුළු විදේශීය නිරීක්ෂණ කාණ්ඩායම් එම සාකච්ඡාවට සහභාගි වන බවයි. ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අසියානු රටවල නිරීක්ෂණ කණ්ඩායම් හෙට (18) දිවයිනට පැමිණීමට නියමිතයි. කණ්ඩායම් 10ක් මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර ජනාධිපතිවරණයට අදාළ වෛරී ප්‍රකාශ සහ අපේක්ෂකයින්ගේ චරිතයට අපහාස වන ප්‍රකාශ සහ දර්ශන අන්තර්ජලය ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් ඇතැයි මැතිවරණ නීරික්ෂණ සංවිධාන පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා…
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පවසයි. එම වෙඩි තැබීම සදහා යොදා ගත් උණ්ඩවල කේපීඅයි KPI ලෙස සටහන් කිරීම සහ මෝටර් රථයකින් සැකකරුවන් රැදී සිටි අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයට ගොස් එම සැකකරුවන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බවද පොලිසිය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අළුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි වෙළද සැලක අත් උදව්කරුවකු ලෙස කටයුතු කල අයෙකි.