Author: Buzzer Editorial

2024 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ඒ අනුව අද (18) මධ්‍යම රාත්‍රී 12.00 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා කාලය “නිහඬ කාලය” ලෙස ප්‍රකාශ කර තිබේ. 2024 ජනාධිපතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක් පමණි. නාමයෝජනා භාරදුන් දින සිටම අපේක්ෂකයින් සිය ප්‍රධාන ජනරැලි ඇතුළු ප්‍රචාරක කටයුතු ආරම්භ කළ අතර ඒවා දැඩි උද්යෝගී මුහුණුවරක් ගත්තේය. ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි අද පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වෙයි. එම අවසන් ප්‍රචාරක රැලි පැවැත්වෙන කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව හා පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේය. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ…

Read More

ඕනෑම ආකාරයේ ක්‍රිකට් තරගයකදී වුවද, ශතකයක් ලබාගැනීම පිතිකරුවා ප්‍රීණනය කරන්නකි. පිතිකරුවකු නම් ඔහුගේ ඉලක්කය ශතකයක් ලබාගැනීමයි. එහෙත් ටෙස්ට් පිතිකරු කමිඳු මෙන්ඩිස්ට එය ප්‍රමාණවත් නොවේ. කමිඳු කියන්නේ ටෙස්ට් තරගයකදී වුවත් ශතකයක් ලබාගැනීම ප්‍රමාණවත් නොවන බවත් හැකි තරම් දිගු ඉනිමක් ක්‍රීඩා කිරීම තම අපේක්‍ෂාව බවත්ය. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද (18 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී අලංකාර ශතකයක් ලබාගත් කමිඳු මෙන්ඩිස් සවස පැවැති මාධ්‍ය හමුවේදී එසේ කියා සිටියේය. කමිඳු අද ශතකය ලබාගත්තේ අංක 5 ස්ථානයෙන් පන්දුවට පහරදීමට පැමිණෙමිනි. එහෙත් පිතිකරු ලයිස්තුවේ විවිධ ස්ථාන වලින් පැමිණ ශතක ලබාගැනීම කමිඳුට පහසු කාරියකි. “පළමු පෙළ තරග වලදී මම පිතිකරු ලයිස්තුවේ අංක 3 ඉඳන් අංක…

Read More

2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ලම ඇසුරුම් කර ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව, 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වනදාට පෙර එම නිල ඇඳුම් සහ සිවුරු බෙදාහැරීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා, චීන රජයේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව චීන රජය විසින් ප්‍රදානයක් ලෙස මෙය ලබාදී තිබේ. ඒ අනුව මෙම නිල ඇඳුම් 100%ක් නොමිලේ හිමිවන අතර එයින් රජයට ඉතිරි වන මුදල රුපියල් මිලියන 7,000ක් බව එම නිවේදනයේ සඳහන් ය. මෙම නිල ඇඳුම්වල පළමු තොගය නොවැම්බර් මස 13වන දිනත්, දෙවන…

Read More

මැතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ 22 වන ඉරිදා දුරගමන් සේවා දුම්රියන් ක්‍රියාත්මක වන බවත් කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බවත් ය. මේ අතර මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ පිරිස් සඳහා කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර විශේෂ දුම්රියක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ පිළිබඳ විස්තර පහතින්,

Read More

කමිඳු මෙන්ඩිස් තම මුල් ටෙස්ට් තරග හතෙහිම පිතිකරුවෙක් ලකුණු 50 ඉක්මවා ලබා ගැනීමෙන් තබා තිබූ ලෝක ටෙස්ට් වාර්තාව සම කළේය. ඒ අනුව කමිඳු ඔහුගේ පළමු ටෙස්ට් තරගයේ සිට මේ දක්වා සහභාගී වූ සෑම ටෙස්ට් තරගයකදීම ලකුණු 50 ඉක්මවා තිබේ. නවසීලන්තය සමග මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී මෙම දස්කම දැක්වීමට ඔහු සමත් විය. පාකිස්තානයේ සවුද් ෂකීල් මීට පෙට මෙම දස්කම කළ එකම අනෙක් පිතිකරු වේ.

Read More

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ. ඒ, කිරුලපන හා නාරාහේන්පිට අතරදී දුම්රිය මාර්ග නඩත්තු හා භාණ්ඩ ප්‍රවාහන රථයක් පීලී පැනීම හේතුවෙනි. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කෙසේ වෙතත් වග සිට නුගේගොඩ දක්වා දුම්රියක් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි. පීලි පැනීමට ලක් වූ රථය පීලිගත කිරීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Read More

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා වෙනුවෙන් ඡන්දය ලකුණු කර ඇත්නම් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බව මැතිවරණ කොමිසම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පැවසුවේ, අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා මියයාමෙන් පසු ඔහු වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු නම් කරන ලෙසට අදාළ අපේක්ෂකයා යෝජනා කළ තැනැත්තාට දැනුම් දුන් බවයි. කෙසේ වෙතත් එම දැනුම් දීමට ඔහු ප්‍රතිචාර දක්වා නොමැත . ඒ අනුව, අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතාගේ නම ඡන්ද විමසීමට අදාළ ලේඛණ වලින් මෙන්ම ඡන්ද පත්‍රිකාවෙන් ද ඉවත් කරනු ලැබු බව සලකන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

Read More

ජනාධිපතිවරණය සඳහාවූ සියලුම ප්‍රචාරක රැස්වීම් අද (18) රාත්‍රි 12.00 ට අවසන් කළයුතු අතර එම රැස්වීම් පිළිබඳව වාර්තා සමාජ මාධ්‍ය ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් විකාශය කිරීම හෙට (19) දහවල් 12.00 න් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරන ලද මාධ්‍ය උපමානයන්ට අනුව අදින් අවසන් කෙරෙන ප්‍රචාරක රැස්වීම්වලට අදාල දර්ශන ,ඡායාරූප සහ විස්තර අද දින රාත්‍රි සහ හෙට දහවල් 12.00 ප්‍රවෘත්ති විකාශවල මෙන්ම හෙට දින උදෑසන ප්‍රවෘත්ති පත්‍රවල පමණක් විකාශය කිරීම හා පළකිරීම කළ හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඒ අනුව හෙට දහවල් 12.00 න් පසුව ජනාධිපතිවරණ ප්‍රචාරක…

Read More

සංචාරක නවසීලන්ත පිල සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග දෙකකින් සමන්විත මේ තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය දෙපිලටම වැදගත් බැවින් ගාලු තණතිල්ලට අනුව උපක්‍රම රැසක් ක්‍රියාත්මක කිරීම සැලසුම වේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් වන මේ තරගාවලියට එක්වන නවසීලන්ත පිල ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති එකම ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා ශ්‍රී ලංකාවට පැමිණි අතර, ශ්‍රී ලංකාව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස නිමාකොට මේ තරගාවලියට මුහුණ දේ. එංගලන්ත සංචාරයට එක්ව සිටි ශ්‍රී ලංකා සංචිතයේ ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක, මඳ වේග පන්දු යවන කසුන් රාජිත හා නිසල තාරක මෙවර සංචිතයෙන් ඉවත් කොට…

Read More

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ඊයේ (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණි. දකුණු ආසියාවේ දැවැන්ත වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාවක් වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 27කි. මෙම කර්මාන්තශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය. ගෝලීය මෝටර් රථ විශේෂඥයින් විසින් නිර්මාණය කර ඇති ඉහළම මට්ටමේ ජාත්‍යන්තර යන්ත්‍රෝපකරණවලින් සමන්විත මෙම කර්මාන්තශාලාව මඟින් තරුණ තරුණියන්ට සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරෙන…

Read More