Author: Buzzer Editorial

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙවර ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 2,299,767ක් හිමිකර ගත්තේය. එය ප්‍රතිශතයක් ලෙස 17.27%කි. මේ අතර නව ජනාධිපතිවරයා පත්වීමත් සමග විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, බලය ඇතත්, නැතත්, තනතුරු ඇතත්, නැතත්, රටේ ජනතාවට තමාගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේදී කිසිදු පැකිලීමකින් තොරව ඉටුකරන බවය.

Read More

ජනාධිපති ධුරයේ වගකීම් භාරගැනීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) දවටගහ පල්ලියට ගොස් එම ආගමික නායකයින් ඇතුළු ප්‍රජාව හමු වී තිබුණි.

Read More

අභිනවයෙන් තේරී පත් වූ වාමාංශික ජනාධිපති අනුර කුමාර දිසානායක කොළඹදී දිවුරුම් දීමත් සමඟ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නේපාලයට ගොස් තිබේ. නේපාලයේ khabarhub පුවත් සේවය මේ බව හෙළිකර ඇත. එම වාර්තාවේ මෙසේ සඳහන් කර තිබේ. 2019 මැතිවරණයේදී සියයට 3ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් ලබාගත් අනුර දිසානායකට මේ වන විට බහුතර බලයක් ලැබී තිබේ. මේ අතර, වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවෙන් පළාගිය රාජපක්ෂ භූතානයේ අගනුවර වන තිම්පු හරහා කත්මණ්ඩු නුවරට පැමිණියේය. කත්මණ්ඩු නුවරදී රාජපක්ෂට සත්කාර කරන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රි විසිනි. ඔහු සඳුදා උදෑසන ගොඩබෑමෙන් පසු ජම්සිඛෙල් හි මිවන්ත හෝටලයේ නැවතී සිටී. 75 හැවිරිදි රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ පැමිණියේ KB 400…

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා සහාය වීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ශ්‍රී ලංකාව සඳහා වූ IMF විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි ඇගයීමේ කාලරාමුව සම්බන්ධයෙන් නව පරිපාලනය සමග අවස්ථාව ලැබුණු වහාම සාකච්ඡා කරන බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය ඉදිරියට ගෙනයාම සඳහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, 2022 වසරේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම…

Read More

වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහු වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කර තිබේ. නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සැප්තැම්බර් 26 වනදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

Read More

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබේ. බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා එහිදී අගරදගුරු හිමි පාණන් බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙහිදී කාදිනල් හිමිපාණන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක්කර තිබේ. එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, “ශ්‍රී ලංකාවේ වැඩිම ජනතාවකගේ කැමැත්තෙන් ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතාට මම සුබ පතනවා. ඒ වගේම මම කල්පනා කරනවා ලංකාව තුළ අවශ්‍යම වෙනසක් ඇති කිරීමේ බාරදුර කටයුත්ත ලංකාවේ ජනතාව එතුමාගේ කර උඩට දැන්…

Read More

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ලසන්ත ඝාතනයේ වගකිව යුත්තන්ට දඩුවම් කොට, යුක්තිය ඉටු කරන්නැයි, ජනපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියි.  ජනාධිපති ධූරය සදහා අනුර කුමාර දිසානායක මහතා පත්වීම සම්බන්ධයෙන් ඈ සිය සුබ පැතුම් ඔහු වෙත පුදකර සිටින්නී ය.  ලසන්ත ඝාතනය වසර පහළොවකට පමණ පෙර දී සිදු වූවක් වුවත්, සිය පියාගේ ඝාතනයට යුක්තිය ඉල්ලා සිදු කරන සටන අත් නොහරින බව අහිම්සා සිය ලිපියේ සදහන් කර තිබේ. එමෙන්ම, ජනාධිපති ධූරයට අනුර කුමාර දිසානායක මහතා පත්වීම යුක්තිය වෙනුවෙන් වූ බලාපොරොත්තු ඉහළ නැංවීමට හේතු වූ බවද ඈ පවසන්නී ය. ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, කීත් නොයාර්ට, පෝද්දල ජයන්තට පහර දීම, කප්පම් ගැනීම සදහා පාසල් සිසුන් 12 දෙනෙකු පැහැරගෙන…

Read More

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය. අනතුරුව ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිවරුන් මුණ ගැසුණේය. එලෙස මහනුවර බලා ගමන් කොට තිබුණේ තමන් මෙතෙක් කල් භාවිත කළ සාමාන්‍ය මෝටර් රථවලින් බව වාර්තා වේ. ඔහු කොළඹ සිට කුරුණැගල හරහා මධ්‍යම අධිවේගී මාර්ගය ඔස්සේ මහනුවර බලාගොස් තිබේ. නව ජනාධිපතිවරයා හෙලිකොප්ටර් භාවිත නොකර මෙලෙස සාමාන්‍ය රථ දෙකක් පමණක් යොදාගනිමින් මහනුවරට පැමිණීම එහි සිටි ජනතාවගේ පැසසුමට ලක්වන අන්දම දැකගත හැකිවිය.

Read More

එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කිරීම සිදුකර තිබේ. ආරක්ෂක ලේකම්වරයා ලෙස මෙතෙක් කටයුතු කරන ලද්දේ විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ය.

Read More