- Weather advisory issued for heavy rainfall
- කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති නලින්දව අසරණ කළ ප්රශ්නය
- පළාත් පාලන මැතිවරණයේ සභිකයින් නම් කිරීම ගැන අතිවිශේෂ ගැසට් පත්‍රයක්
- චෝදනා එල්ලවූ පාස්පෝට් කාර්යාලයේ සහකාර පාලකවරයා රිමාන්ඩ්
- ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය ගැන ලංකාවේ අවධානය
- අරුගම්බේ බිකිනි කතාව ගැන නියෝජ්‍ය ඇමති කතාකරයි
- මදුරු කීට සහිත ස්ථාන 1,470කට නීතිමය පියවර
- හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගනියි
Author: Buzzer Editorial
නීති විරෝධිව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. කිලෝ 43යි ග්‍රෑම් 600කට ආසන්න බරකින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු ඉතිහාසයේ විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය වැටලීම බව රේගු නිලධාරීන් පවසයි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක මෙම මත්ද්‍රව්‍ය තිබී ඇතැයිද එහි වටිනාකම රුපියල් කෝටි 44කට ආසන්න බවද රේගුව සඳහන් කළේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි අයෙකු වන අතර ඔහු බ්‍රිතාන්‍ය ආරක්ෂක සේවා නිලධාරියෙක් බවද වාර්තා වී තිබේ. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.
මව්බිම ජනතා පක්ෂය මෙරට ශක්තිමත්ම පක්ෂය බවට පත් කිරීම තම අරමුණ බව එහි නව ජාතික සංවිධායක ධුරයට පත් හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස දිලුම් අමුණුගම මහතාව අද (25) පත්කෙරුණු අතර ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතින් ලබාදුනි. මෙහිදී අදහස් දක්වමින් මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, මව්බිම ජනතා පක්ෂයේ වැදගත් සංධිස්ථානයක් බවට අද දිනය පත්වූ බවය. “අපගේ මිත්‍ර දිලුම් අමුණුගම සොහොයුරා අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ අපේ පක්ෂයේ, ජාතික සංවිධායක විදියට.” මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම…
ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. ජනාධිපතිවරයා පත්වුණේ තවත් එක් ජනාධිපතිවරණයකින් නොවන බව තේරුම්ගත යුතුව ඇතැයි කී අග්‍රාමාත්‍යවරිය පැවැති රජයකට එරෙහිව පැවැති අරගලයකින් පසුව පැවැත්වූ ජනාධිපතිවරණයක දී බහුතර ජනතාවකගේ කැමැත්තෙන් ජනාධිපතිවරයා පත් වී තිබෙන බව සඳහන් කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව කීවෙි අග්‍රාමාත්‍ය කර්යාලයීය නිලධාරීන් සමඟ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්‍යලයේ පැවති සාකච්ඡාවක දී ය. ජනතාව තමන්ගේ තීරණය ප්‍රකාශ කළේ පසුගිය වසරවල ලැබුණු අත්දැකීම් හා දුටු දේවල් අනුව බව කී අග්‍රාමාත්‍යවරිය මෙවර පැවැත්වුණු මැතිවරණය පක්ෂවලින් මෙහෙය වූ මැතිවරණයකටත් වඩා ජනතාව විසින් මෙහෙය වු මැතිවරණයක් බව සඳහන් කළාය.…
දේශීය බිත්තර මිල අඩු වීම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නවතා දමා ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය පසුගිය කාලය තුළ දේශීය බිත්තර මිල රුපියල් 55,65 දක්වා ඉහළ යාම හේතුවෙන් සහන මිලකට ජනතාවට බිත්තර ලබා දීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පසුගිය රජය පියවර ගත්තේය. මාසයකට බිත්තර මිලියන 3 බැගින් ආනයනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු පවා අවසන් කර තිබූ බවද වාර්තාවේ. මේ වනවිට දේශීය බිත්තර මිල පහළ යාම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම අවශ්‍ය නැතැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.
වසර 40 කට පමණ පසු චීනය පෙර දැනුම් දීමකින් තොරව, හිටි හැටියේ දිගු දුර අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලුවේය. අනතර් මහද්වීපික බැලැස්ටික මිසයිල යනු එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට කිලෝ මීටර් දහස් ගණනක් දුරට විදිය හැකි මිසයිල වර්ගයකි. චීනය අත්හදා බැලූ මිසයිලය, න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන, කිලෝ මීටර් 5,500 කට වඩා වැඩි දුරකට විදිය හැකි එකකි. ඒ අනුව, චීනයට මෙවැනි මිසයිලයක් යොදා ගනිමින්, ඇමෙරිකාවටත් හවායි දූපත්වලටත් පහසුවෙන් පහර දීමක් කළ හැකිය. මෙම මිසයිල අත්හදා බැලීම සාමාන්‍ය සිදුවීමක් පමණක් බවත්, කිසිම රටකට තර්ජනයක් වීමේ අරමුණින් හෝ කිසිම කෙනකු ඉලක්ක කර ගනීමේ අරමුණින් කළ අත්හදා බැලීමක් නොවන බවත් චීන රජය අවධාරණය…
වෙළෙඳපොළෙහි බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩුවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා පැවසුවේ, පසුගිය කාලය තුළ වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ වන විට රුපියල් 28ත් 35ත් අතර මිලක් ගන්නා බවය. ඒ අනුව එම වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවර ගත යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා සඳහන් කළේය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් දේශපාලන සන්ධානයක් යටතේ තරග වැදීමට නියමිත බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර අද (26) දිනයේත් ඒ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සහ ලකුණ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරිමට නියමිත අතර සන්ධානගත වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. මේ අතර අද පස්වරු…
සංචාරක නවසීලන්ත පිල සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පෙරවරු 10ට ආරම්භ වේ. මේ තරගාවලියේ පළමු තරගය ලකුණු 63කින් ජය ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රාහී මනසකින් අද තරගයට පිවිසෙති. කෙසේ වුවද මේ තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදු කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. තවමත් ටෙස්ට් වරම් ලබා නැති පිට දඟපන්දු යවන නිශාන් පීරිස්ට අද දිනයේ ටෙස්ට් වරම් හිමිවන අතර, තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක යළි කණ්ඩායමට කැඳවා ඇත. ඒ පළමු තරගයට ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස් හා ළහිරු කුමාර වෙනුවටය. 27 හැවිරිදි නිශාන් පීරිස්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දී තිබේ. මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් මහතා පත්කර ඇත. උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් මහතා දිවුරුම්දී ඇත. දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යේෂ්ඨ පාරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා දිවුරුම්දී තිබේ. සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස චම්පා ජානකි මහත්මිය පත්කර ඇත. බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස – හනීෆ් යූසුෆ් මහතා දිවුරුම්දී තිබේ. වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස – තිස්ස කුමාරසිරි මහතා දිවුරුම්දී තිබේ. උතුරුමැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස – වසන්ත කුමාර විමලසිරි මහතා දිවුරුම්දී තිබේ. නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස – ජයන්ත…