Author: Buzzer Editorial

දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන හෙට (03) දිනයේ වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇත. ඒ හෙටට යෙදෙන ලෝක අමද්‍යප දිනයට සමගාමීවය. එමෙන්ම එදින සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සඳහා විවෘතව තැබෙනු ඇති බවටයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බව තහවුරු කර ඇති බැවින් ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පනවා, එයින් මාස 6ක් අත්හිටුවා ඇත. ජයවික්‍රම ICCනීති සංග්‍රහය යටතේ පහත සඳහන් විධිවිධාන කඩකළ බව සඳහන් වේ. 2.4.7 වගන්තිය – දූෂණ විරෝධී සංග්රහය යටතේ දූෂිත හැසිරීම් පිළිබඳ සාක්ෂි සොයාගැනීමේදී, විමර්ශනයට අදාළ විය හැකි සහ/හෝ සාක්ෂි විය හැකි හෝ හේතු විය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු වසන් කිරීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව සිදුකළ හැකි ඕනෑම පරීක්ෂණයකට බාධාකිරීම හෝ ප්‍රමාද කිරීම. මෙම චෝදනා අන්තර්ජාතික ක්‍රිකට් සහ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සම්බන්ධව එල්ලවී තිබේ.

Read More

ශ්‍රී ලංකාව සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පරාජය වීමත් සමගම නවසීලන්ත නායක ටීම් සවූති නායකත්වයෙන් අස්වීමට තීරණය කර තිබේ. සවූති පවසන්නේ කණ්ඩායමේ යහපත වෙනුවෙන් ඔහු එම තීරණය ගන්නා බවයි. නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ටොම් ලේතම් පත්කිරීමට නියමිතය. 2022 වසරේදී කේන් විලියම්සන් ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වුණු අතර පසුව නායකත්වය ටීම් සවුති ට පැවරිණි. ඔහු ටෙස්ට් තරග 14කදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 6ක් ජයගෙන 6ක් පරාජය විය. තරග 2ක් ජයපරාජයෙන් තොරව අවසන් වුණි. ශ්‍රී ලංකාව සමග ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් පරාජය වූ නවසීලන්ත කණ්ඩායම දෙවැනි තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් පරාජය විය.

Read More

ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හිටපු මන්ත්‍රීවරුන් ඉදිරි මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් හෝ වෙනත් පොදු ලකුණකින් තරග කිරීමට සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ගෑස් සිලින්ඩරය ලකුණ ලබා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ මතය විමසා ඇති අතර එහි තීන්දුව ලැබීමෙන් පසු අවසන් තීරණයකට එළැඹෙන බව වාර්තා වෙයි. අදාළ හිටපු මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින සලකුණ සහ සන්ධානය පිළිබඳ අවසන් එකඟතාවකට එළැඹීමට අද (02) පස්වරුවේ කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට රැස්වී තිබුණි. ගෑස් සිලින්ඩරය ලබාගැනීමට නොහැකි වුවහොත් බොහෝ දුරට අලියා ලකුණ යටතේ හෝ වෙනත් පොදු ලකුණකින් ඔවුන් තරග කරනු ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Read More

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් එළඹෙන 4 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරෙන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පළමු හමුව මෙය බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Read More

කුමන හෝ කටයුත්තක් සඳහා ඊශ්‍රායලයට යෑමට සූදානමින් සිටින පුද්ගයෙකු සිටී නම් තාවකාලිකව එම විදෙස්ගතවීම නවතා දමන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ වර්තමානයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය සම්බන්ධයෙන් අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා මේ බව පැහැදිලි කළේය. ඔහු පැවසුවේ යුදමය තත්ත්වය නිරීක්ෂණය කර අවශ්‍ය කටයුතු සිදුකිරීමට යොමු වන ලෙසය. තවද ඊශ්‍රායලය, ලේබනනය සහ සිරියාව යන රටවල් වෙත යාමට අවශ්‍ය කෙනෙකු වේ නම් ඔවුන් පූර්ණ ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධ විය යුතු බවද ඒ මහතා පැවසීය. මීට අමතරව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයෙකුට…

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා පූර්ණ සහාය ලබාදීමට සහතික වන බව ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවක දී බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. එහිදී ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත තානාපතිවරයා සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනමා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා චීනය අඛණ්ඩව සහාය දක්වන බවත්, ශ්‍රී ලංකාව සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් චීන රජය අඛණ්ඩව කැපවී සිටින බවත් තානාපතිවරයා ප්‍රකාශ කර ඇත. ශ්‍රී…

Read More

දුෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතර හමුව අද (02) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ‍ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ ජපාන තානාපතිවරයා, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට ජපාන රජය කැපවී සිටින බව ද සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් සඳහා ජපන්…

Read More

පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසල එම වාහන නවතා තිබූ පරිශ්‍රයේදී සිදු කෙරුණි. ඒ අනුව අද (01) වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කෙරුණු අතර එයින් වාහන 15ක් පමණ පූර්ව දැනුම්දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් අද දිනම රැගෙන ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 01 බැගින් සම්පූර්ණ වාහන 15ක් අද දින මෙලෙස ආදළ ආයතනවලට නැවත ලබාදීම…

Read More

ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඒ අනුව සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂාවන ස්ථානවල රඳවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙත ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එහි දැක්වෙන්නේ ඊශ්‍රායලයේ සිටින සියලු දෙනාට නැවත දන්වන තුරු ආරක්ෂාවක් ලැබිය හැකි ස්ථානයක් ආසන්නයේ සිටින ලෙසය. අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළැකි තම ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය හා PIBA ආයතනය විසින් නිකුත් කර ඇති උපදෙස් නිරන්තරයෙන් පිළිපදින්න ලෙසද දැනුම් දී ඇත. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ජලය ළඟ තබා ගන්නා ලෙසද වැඩිදුරටත් දැනුම්…

Read More