Author: Buzzer Editorial

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර තිබේ. ජනමාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මෙම තීරණය ප්‍රකාශ කළේය. “පාර්ලිමේන්තු මැතිවරණ එනවා. මෙම මැතිවරණයේදී අපේ පක්ෂය ජාතික ජන බලවේගයට සහය දීමට තීරණය කර තිබෙනවා. අපේ පක්‍ෂය වෙනම මැතිවරණයට තරග කරන නමුත් ජාතික ජන බලවේගයට සහයෝගය ලබාදී එය කරනවා.” යනුවෙන් වාසුදේව නානායක්කාර එහිදී පැවසුවේය. “අපි මේ මැතිවරණයේදී එකට තරඟ කිරීම සඳහා ජාතික ජන බලවේගය සමඟ සබඳතාවක් ගොඩනඟා ගැනීමට උත්සාහ කළා. ජනාධිපතිවරණයේදීත් අපි එහෙම කරන්න හැදුවත් ප්‍රතිපත්තිමය මතභේද නිසා ඒක හරිගියේ නැහැ.” කෙසේවෙතත් තම පක්‍ෂය වෙනම…

Read More

උඩරට දුම්රිය මාර්ගය ආශ්‍රිතව ඉන්දියානු චිත්‍රපටයක් රූපගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය දින 06ක කාලයකට සිමාකර ඇත. මේ හේතුවෙන් බදුල්ල දක්වා ගමන් කිරීම සඳහා කළින් ප්‍රවේශපත්‍ර වෙන්කරවාගත් මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමුකරමින් ඒ පිළිබඳව දැනුම්දී ඇත්තේ මේ ආකාරයෙනි. ‘2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ද සිනමා පටයක් රුගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහත දිනයන් හිදී පෙ.ව.07.30 සිට ප.ව.17.30 දක්වා කාලසීමාව තුල කොළඹ කොටුව සහ ඇල්ල දුම්රිය ස්ථාන දක්වා පමණක් සිදුකරනු ලබන…

Read More

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය. මෙම නිල නිවස සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දීමට කලින් පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි ද එම යෝජනාව පැවති රජයට ඉදිරිපත් කළේ තමන් විසින් බවද හිටපු අමාත්‍යවරයා කීය. ඒ අනුව මෙම නිල නිවාසය කොළඹ සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයේ කටයුතු සඳහා යොදා ගැනීමට අදාල සියලු ලිපි කටයුතු අවසන් කළ බවත් ඒ අනුව අද (8)දින සිට නිල නිවස සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පැවරෙන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේ. පවතින නීතියට අනුව වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කර දින 14කට වඩා වැඩි කාලයක් පවතින්නේ නම්, ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගත යුතුය. ඉකුත් සැප්තැම්බර් මස 27 වනදා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත් කෙරුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව එම පත්කිරීම සිදුකර කර තිබුණි. වසර 158ක පොලිස් ඉතිහාසය තුළ පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට එක්වී පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලද එකම නිලධාරියා වන්නේ ප්‍රියන්ත වීරසූරිය මහතායි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දීමෙන්…

Read More

තමන් ක්‍රීඩකයන්ට පක්ෂග්‍රාහී නොවන බවත්, කණ්ඩායමට හා රටට හොඳම දේ ලබාදෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත් වූ සනත් ජයසූරිය පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත්වීමෙන් අනතුරුව අද (7) පස්වරුවේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජයසූරිය මේ බව පැවසීය. මෙහිදී විදේශීය පුහුණුකරුවෙකු වෙනුවට දේශීය පුහුණුකරුවෙකු පත්වීමේ වාසිය කුමක්දැයි ජයසූරියගෙන් මාධ්‍යවේදියෙක් විමසා සිටියේය. “ක්‍රීඩකයොත් එක්ක අදහස් බෙදාගන්න ලේසියි. ක්‍රීඩකයින්ගේ අඩුපාඩු තිබෙනවානම් මාත් එක්ක කතා කරන්න කිසිම බාධාවක් නැහැ. ඒ ආත්ම විශ්වාසය තියෙන්න ඕන. ඒ අය දන්නවා මම මොනවගේ ක්‍රිකට් එකක්ද ගහලා තියෙන්නේ කියලා. ඒ වටිනාකම දන්නවා. ඒකත් එක්ක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහයෝගය ඇතිව ඉස්සරහට ලොකු ගමණක් යන්න පුළුවන්.…

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබාදීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු කළේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් මහතා ඊට අත්සන් තැබූහ. මෙම මූල්‍ය පහසුකම ලබා දීම ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ලෝක බැංකුව විසින් දක්වනු ලබන අඛණ්ඩ සහයෝගීතාවය පිළිඹිබු කෙරේ. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත්…

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07) නිල වශයෙන් නිවේදනය කළේය. 2024 ඔක්තෝබර් 01 වනදා සිට 2026 මාර්තු 31 වනදා දක්වා කාලය සඳහා ඔහුව අදාළ තනතුර සඳහා පත්කර තිබේ. පසුගිය ඉන්දීය, එංගලන්ත සහ නවසීලන්ත තරගාවලි වලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අදාළ තීරණය ගෙන ඇති බව දැක්වෙයි. එම තරගාවලි සඳහා වැඩබලන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය කටයුතු කළේය.

Read More

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි. ඔහු පැවසුවේ මෙම කාලය තුළ දී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවය. ඇතැම් මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත් කර තිබේ. ඉදිරියේ දී සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරුන් විසින් පත් කරන බව ඔහු පැවසුවේය. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවන බව රජය මේ වන විට නිවේදනය කර ඇත. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසුවේ නව සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානීන් පත් කිරීම නව අමාත‍්‍යවරුන්ගේ කාර්යභාරයක් බවය.

Read More

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීම අද (07) පෙරවරු 9.30 සිට හෙට පස්වරු 9.30 දක්වා ක්‍රියාත්මක බවයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ඇම්බර් පැහැයෙන් යුතු “අවදානයෙන් සිටින ලෙසට” අනතුරු අඟවා තිබේ. තවද ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත “කහ පැහැයෙන් යුතු” විමසිලිමත් වන්න යන අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Read More

ඊයේ (06) උදෑසන 8.30 සිට අද උදෑසන 7.00 දක්වා කාලසීමාව තුළ දී කොළඹ දිස්ත්‍රික්කයට මිලි මීටර් 162.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊට අමතරව වලල්ලාවිට (මිමී 112.5), හොරණ (මිමී 111.5), නෙළුව (මිමී 109) සහ උඩුගම (මිමී 94.5) යන ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක් වාර්තා වී තිබුණි. මේ අතර අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද…

Read More