Author: Buzzer Editorial

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. අනුර කුමාර දිසානායක මහතා ශ්‍රි ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ වතිකාන තානාපතිවරයා, කතෝලික සභාවේ ප්‍රධානී සහ ස්වෛරී වතිකාන රාජ්‍යයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හෘදයාංගම සුබපැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී. නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සාර්ථකත්වය සහ සෞභාග්‍ය කරා ගෙන යාමට හැකිවනු ඇති බව පැවසූ වතිකානු තානාපති උඩෙයිග්වේ හිමිපාණන් ඒ වෙනුවෙන් තමන් හදවතින්ම සුබ පතන බවද ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව මෙහිදී සුබවාදීව අදහස් පළ කළ…

Read More

ඒ සිය නව දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන්හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා මෙවර මහ මැතිවරණය සඳහා තරග වැදීමට නියමිතයි. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය අද (09) නිල වශයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එළිදැක්වීය. මෙම පක්ෂය මයික්‍රෆෝනය ලකුණින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්වන අතර පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු ක්‍රිකට් නායක ටී.එම්.ඩිල්ෂාන් මහතා පත්ව සිටින අතර එහි සාමාජිකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ මහතා ද එක්ව සිටියි. ටී.එම්.ඩිල්ෂාන් පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දුන් අතර වඩිවෙල් සුරේෂ් පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදුන්නේය.

Read More

ඔක්තෝබර් මස 10 වන දිනට යෙදි ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදා⁣වේ 75 සංවත්සර දිනය නිමිත්තෙන් රට ජාතිය වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කල යුද්ධ හමුදා රණවිරුවන් සිහිකිරිම ඊයේ(07) දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී සිදු කරන ලදී. යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ මෙම සැමරුමේ ප්‍රධාන අරාධිතයා ලෙස සහභාගි වු අතර, එහිදි ජාතික ගීය ගායනා කිරිමෙන් අනතුරුව රට ජාතිය ආරක්ෂා කිරිම සදහා ජිවිත පරිත්‍යාග කළ රණවිරුවන් සිහිකිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්ධතාවයක් පවත්වා උපහාර දක්වන ලදි.අනතුරුව යුද්ධ හමුදාපතිතුමන් සමරු ස්මාරකයට පුෂ්පෝපාහාර දක්වා අනුස්මරණ කරන ලදි. යුධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් රෙජිමේන්තු අධිපතිවරුන් මියගිය රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපාහාර දැක්වු අතර මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාවේ…

Read More

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය අක්‍රමිකා සම්බන්ධයෙන් පැමිණිලිවල ඉහළ යාමක් වාර්තාවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, වසරේ ගතවූ කාලසීමාව තුළ මූල්‍ය චංචා පිළිබඳ පැමිණිලි 340කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවය. “සැප්තැම්බර් මාසය වනවිට අන්තර්ජාල සම්බන්ධයෙන් පැමිණිලි 7,210ක් වාර්තා වෙලා තියෙනවා. මේ අතරින් වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය සම්බන්ධ සිදුවීම්. ඍජුවම අන්තර්ජාල සිදුවීම් ගත්තහම 20%ක් වැනි ප්‍රමාණයක් අන්තර්ජාල වංචාවලට හසුවූ පුද්ගලයින්ගෙන් ලැබුණු පැමිණිලි. මේ අතරින් කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන්නේ අන්තර්ජාලය ඔස්සේ බැංකුකරණයේ යෙදෙන පරිශීලකයින් ඉලක්ක කරගනිමින් සිදුවන අන්තර්ජාල වංචා. බොහෝ වෙලාවට අන්තර්ජාලය ඔස්සේ බැංකුකරණයේ යෙදෙන පරිශීලකයින් බැංකු ගිණුමට පිවිසෙන මුරපදය, තාවකාලික…

Read More

බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි චීන ජාතිකයින් 20 දෙනෙක් පානදුර උතුර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයින් සතුව තිබී ලැප්ටොප් 5ක්, ජංගම දුරකථන 437ක්, තරාදියක්, USB කේබල් 332ක්, ජංගම දුරකථන චාජර් 133ක්, USB වයර් කෝඩ් 21ක්, රවුටර් 17ක් ,අයි ෆෝන් 2ක් සහ තවත් උපාංග කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ලැගුම්ගෙන සිටි හෝටලයෙන් ආහාර ලබාගෙන ඇති අතර මාසිකව ලක්ෂ විස්සක කුලී පදනම මත එම හෝටලයේ ඔවුන් රැඳී සිටි බව පොලීසිය ප්‍රකාශ කළේය. මොවුන් සියලුදෙනා අද (09) පානදුර මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඔවුන් මූල්‍ය අපරාධය සිදුකර ඇත්ද යන්න සොයාබැලීම සඳහා…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ. තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබුණි. තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 10) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එය දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය. ඒ අනුව, තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනයේ දී එනම්, 2024 ඔක්තෝබර් මස 10 දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර එම අයදුම්පත්‍ර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතුය. අයදුම්පත්‍ර ලැබීමේ දී සිදු විය හැකි…

Read More

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත. මේ බව අනාවරණය කළේ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් පර්යේෂකයන් කණ්ඩායමකි. එම විද්‍යාඥයන්ට අනුව, එවරස්ට් ශිඛරය මීටර් 15ත් 50ත් අතර ප්‍රමාණයකින් උසින් වැඩි වී තිබේ. වසර මිලියන 40-50කට පෙර ඉන්දීය සහ යුරේසියා භූ තැටි ඝට්ටනය වීමෙන් ඇති වූ පීඩනය හේතුවෙන් හිමාල කඳු වැටිය නිර්මාණය වී ඇති අතර පෘථිවි පෘෂ්ඨයේ ව්‍යුහයට බලපාන මහා පරිමාණ ක්‍රියාවලි එහි අඛණ්ඩ වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙයි. එවරස්ට් ශිඛරය චීන සහ නේපාල දේශසීමා මායිමේ පිහිටා ඇති අතර එහි උතුරු කොටස…

Read More

රයට රථ වාහන ආනයනය සඳහා වූ අවශ්‍ය නිර්දේශ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට ලබා දී තිබේ. වසර 2022දී ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුනි. එම අවස්ථාවේ එවක පැවති රජය භාණ්ඩ දෙදහසකට අධික ප්‍රමාණයකට ආනයන සීමා පැනවීය. නමුත් ක්‍රමිකව එම සීමා ලිහිල් කිරීමක් ද සිදු කරනු ලැබීය. ඒ අනුව අවසාන ලිහිල් කිරීම ලෙස සිදු කළ යුත්තේ සීමා කිරීමකින් තොරව රථ වාහන ගෙන්වීමට ඉඩ දීමය. ලබන වසරේ පෙබරවාරි මාසයේදී රථ වාහන ආනයනය සඳහා මුළුමනින්ම ඉඩ ලබාදීම කෙරෙහි පසුගිය රජය අවධානය යොමු කොට තිබිණි. එම තීරණයෙහි වෙනසක් ඉදිරියේදී සිදු කෙරෙන්නේදැයි ඉකුත්දා ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදී…

Read More

මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව (Chinese People’s Liberation Army Navy Sail Training Warship) නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 08) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Sail Training Vessel වර්ගයට අයත් ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව, දිගින් මීටර් 86 ක්සහා නැව් මුළුව පුහුණු වන නිලධාරීන් 35 දෙනෙකු ඇතුළුව 130කගෙන් සමන්විත වේ. මෙම නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Ma Wenyong සහබටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් අද දින (2024 ඔක්තෝබර් 08) බටහිර නාවිකවිධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා එම නෞකාවේ නැව් මුළුව සහභාගී වීමටද නියමිතව ඇත. එමෙන්ම, මෙම පුහුණු රුවල් නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාවතුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නෞකාවේමෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන්…

Read More