- දකුණු කොරියාවේ නව ජනපතිට සුබ පතමින් මෝදි කළ ඇරයුම
- කුච්චවේලි මුහුදේදී නාවික හමුදාව සහ සංවිධානාත්මක කණ්ඩායමක් අතර උණුසුම් තත්ත්වයක්
- ජෝන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට ගැනේ
- පහේ ශිෂ්‍යත්වය අහෝසි ද ? රජයේ ස්ථාවරය
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු 2025 IPL කිරුළ තමන් සතු කරගනී
- A330 – 200 අලුත්ම ගුවන්යානය දිවයිනට
- කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ජුනි 16
- 2025 මැයි මාසයේ දී ඉතිහාසගත සංචාරක පැමිණීමක්
Author: Buzzer Editorial
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් අතුරින් අයදුම්පත් 21,160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා සඳහන් කළේ තැපැල් ඡන්ද අයදුම්පත් 759,210ක් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී තිබූ බවය. තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු මේ වනවිට අවසන් වී තිබේ. මහ මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අදහස් පළකළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා, “මේ වනවිට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන්වෙලා තියෙන්නේ. මුළු තැපැල් ඡන්ද අයදුම්පත් 759,210ක් ලැබී තිබුණා. එයින් 738,050ක් පිළිගෙන තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයට වඩා තැපැල් ඡන්ද 25,731ක වැඩිවීමක් තිබෙනවා මේ ඡන්ද විමසීම සඳහා. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත්කිරීම මේ…
ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා එක්වීමට තීරණය කර තිබේ. අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ, සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව එම තීරණයට එළැඹි බවය. සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් තමා ඉවත් වෙන බවත් ඒ සඳහා උපකාර කළ සියලුදෙනාට ස්තූතිය පිරි නමන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. දමිතා අබේරත්න එළැඹෙන මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් රත්නපුරය දිස්ත්‍රික්කය සඳහා තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටියද ඇයගේ නම නාමයෝජනා පත්‍රයේ සඳහන් නොවුණි. ඇය ඒ සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ට චෝදනා කළාය.
හලාවත සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් නිවසේ මියගොස් සිටි එකම පවුලේ තිදෙනාගෙන් මව සහ දියණිය ගෙල කපා ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ. එහිදී අනාවරණ වී ඇත්තේ මව පසුගිය 19 වෙනිදා පෙරවරුවේත් දියණිය එදින රාත්‍රියේත් ඝාතනයට ලක්ව ඇති බවය. ඝාතනයේ සැකය දියණියගේ පියා දෙසට එල්ලවන නමුත් ඒ බව මෙතෙක් තහවුරු කරගෙන නැහැ. හලාවත, සිංහපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක හටගත් ගින්නක් පිළිබඳ හලාවත පොලිසියට ඊයේ (20) ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවේදී නිවස තුළ තිබී තිදෙනෙකුගේ මළසිරුරු සොයාගැනුණි. මියගොස් තිබුණේ 51 හැවිරිදි එස්.ජී. සේනාරත්න ,ඔහුගේ බිරිඳ වන 44 හැවිරිදි මංජුලා නිරෝෂනි නම් කාන්තාව සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය වන නෙත්මි නිමේෂායි. මෙම…
ජල සැපයුම් නල මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්තික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව වත්තල, මාබෝල, ජා ඇල සහ කටුනායක-සීදුව නගර සභා ප්‍රදේශ සහ වත්තල, බියගම, මහර, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා කලාප සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙයි. උස ස්ථානවල ජලය සැපයුමට බාධා එල්ලවෙතැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පැවසීය. මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන බවත් ජල සැපයුම හෙට දහවල් 12ට පමණ යථා තත්ත්වයට පත්කිරීමට හැකිවෙතැයි සඳහන් ය. එබැවින් ජලය අරපරිස්සමින් පාවිච්චි කරන ලෙස පාරිභෝගිකයින්ට දැනුම්දෙයි.
පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර තිබේ. පෙත්සම්කරු කියා සිටින්නේ, පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වනදා සිට ඔක්තෝබර් මස 11 වන දා දක්වා දින නියම කළ බවය. මැතිවරණ පනත ප්‍රකාරව නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට…
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. අගෝස්තු මාසයේ දී එය සටහන් වූයේ 1.1%ක් ලෙසය. 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් දක්වා අඩු වී ඇත. එමෙන්ම, 2024 අගෝස්තු මාසයේ දී 0.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක් දක්වා අඩු වී ඇත.
සුරියවැව, වැවේගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ගිනි අවි නිෂ්පාදනය කිරීමේ කම්හලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බළකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (20) දිනයේ මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී මෙරට නිෂ්පාදිත T කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් සාදා නිම කරන ලද ගිනි අවියක කොටස් හා තවත් අවි කොටස් ඇතුළු උපකරණ හමු වු බව පොලීසිය පවසයි. සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව සූරියවැව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබාදෙන ලෙස සිදුකළ දැනුම්දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. ආරක්ෂක අමාත්‍යංශය මගින් ජීවිත ආරක්ෂාව සදහා ලබා දී ඇති සියලුම ගිනිඅවි පිළිබඳව සමාලෝචනයක් සිදුකිරීමෙන් පසු නැවත ලබා දීමට යටත්ව තාවකාලික පදනම මත මෙම තීරණය ගනු ලැබීය. ඒ අනුව අදාළ ගිනිඅවි සහ පතරොම් නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත නොවැම්බර් මස 07වන දිනට පෙර භාර දෙන ලෙස සියලු බලපත්‍රලාභීන් වෙත ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබුණි. මෙම තත්ත්වය තුළ මේ වන විට ගිනිඅවි 50කට ආසන්න සංඛ්‍යාවක් යළි භාර දී…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ වනවිට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වයි. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරන බව ගම්මන්පිල මහතා පැවසීය. අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති අවසන් මහ තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කළ නවසීලන්ත ක්‍රීඩිකාවෝ, මෙවර කාන්තා විස්සයි-20 ලෝකු කුසලාන තමන් සතුකර ගත්හ. මින් පෙර 2009 සහ 2010 වසරවලදී විස්සයි-20 අනු ශූරියන් බවට පත්වූ නවසීලන්ත ක්‍රීඩිකාවෝ විස්සයි-20 ලෝක ශූරියන් බවට පත්වූ පළමු අවස්ථාව මෙය විය. මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග පිට පිටම දෙවැනි වරටත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට අනු ශුරතාවෙන් සැහීමකට පත්වීමට සිදුවූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කාත්නා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 129 ක් පමණි.…