- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
- නාවිකයන් සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ
- ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
- ප්‍රදේශ කිහිපයකට වැසි
- පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද යළි වර්ජනයක
- රටවල් 12 ක පුරවැසියන්ට අමෙරිකාව පැනවූ තහනම
Author: Buzzer Editorial
ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එසේම රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා ඇත. ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින්, රන්ජන් රාමනායක, ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර ඇත.
මාතර පොලිස් වසමේ පාලටුව ප්‍රදේශයේදී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිපදවනු ලබන ස්ථානයන් වටලා තිබේ. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත. පොලීසිය සඳහන් කළේ එහිදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 05ක්, වෙල්ඩින් ප්ලාන්ට් 01ක් සහ උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63ක් වන පාලටුව, මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙලෙස නිපදවූ ගිනිඅවි 02ක් මුදලට අලෙවි කර ඇති බවට අනාවරණය වී ඇත. පසුව අහංගම පොලිස් වසමේදී මෙලෙස විකුණන ලද ගිනිඅවි 02 සමග අවි මුදලට ගත් සැකකරුවන් දෙදෙනා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 55,643ක් සුදුසුකම් ලබා ඇති අතර 2018 වර්ෂයේ ඡන්දදායක ලියාපදිංචි කිරීමේ නාමලේඛනයට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ හෙට (26) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම සිදුවන අතර ඊට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යොදවා ඇති බවය. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හේට්ටිආරච්චි මහතා සඳහන් කළේ ඇල්පිටිය…
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. මේ අතර මෙරට සිටින ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට බුද්ධි තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු සංචාරකයින් ගැවසෙන කලාප ආශ්‍රිතව දැඩි ආරක්ෂාවක් සලසා තිබේ.
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ , දැනට පවතින මිල සූත්‍රය අනුව එම යොජනාවලිය සකස් කළ බවයි. මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි බිල අඩු කිරිමේ ප්‍රතිශතයන්ට ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. මේ අතර, බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිසම සඳහා නව සාමාජිකයින් නම් කිරීමට ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බවයි. විදුලි බිල අඩු කිරීම සඳහා විදුලි බල මණ්ඩලය මේ වසරේ යෝජනාවලියක් ඉදිරිපත් කරන තුන් වැනි අවස්ථාව මෙය වෙයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40ක 45ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය…
ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණදුන් අමෙරිකානු ප්‍රවීන රංගන ශිල්පී රොන් එලී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට රොන් එලී 86 වැනි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටාසන් කතාංගය ප්‍රථම වරට රූපවාහිනිය ඔස්සේ 1966 වසරේ සිට විකාශය වූ අතර එහි ටාසන්ගේ චරිතය වෙනුවෙන් රොන් එලී රංගනයෙන් දායක වුණි. එම රූගත කිරීම් අතරතුර ඔහු සතුන්ගේ ප්‍රහාරවලට මෙන්ම විවිධ අනතුරුවලට ද ලක්වු බව වාර්තා වේ. ටාසන් කතාංගය ඇතුළු චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ රොන් එලී 2001 වසරේ දී සිය රංගන දිවියෙන් විශ්‍රාම ගත් අතර පසුව ඔහු කතුවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ. රොන් එලී සිය ජීවිත කාලය පුරා නළුවෙක්, ලේඛකයෙක්,…
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණේ ඉන්දීය බුද්ධි අංශ විසිනි. අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයකි. එම ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයන් ද වැඩි වශයෙන් ගැවසෙන කලාපයකි. එවන් පසුබිමක ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ පසුගිය දිනක මෙරට ආරක්ෂක අංශ දැනුම්ත් කර ඇත. අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවට ඉන්දීය…
ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (23) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. මෙම හමුවේ දී දෙරට අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි තහවුරු කෙරුණු අතර විවිධ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු විය. ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීමට කැනඩාව කැපවෙන බව මහ කොමසාරිස් වොල්ෂ් අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාන්තා ව්‍යවසායකත්වය වර්ධනය කිරීම සහ රටේ ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය නගා සිටුවීමේ වැදගත්කම ඇතුළු ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍ර රැසක් කෙරෙහි මෙහිදී අවධානය යොමු විය. රටේ සංවර්ධනය සඳහා අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, ජාතිය එක්සත් කිරීම මගින් ශ්‍රී…
ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නන් හමුවේ පහරදීමට තමන් සතු පිතිකරු තාක්‍ෂණය ප්‍රමාණවත් නැතැයි නැවත වතාවක් ඔප්පු කර පෙන්වූ කොදෙව්වෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 5 ක පරාජයකට මුහුණ දුන්හ. ඕවර 36 කදී ලකුණු 189 කට දැවී ගිය කොදෙව් පිල පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවශ්‍ය වූයේ ඕවර 38.2 ක් පමණි. වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් ප්‍රමාද වී ආරම්භ වූ තරගය ඕවර 44 කට සීමා කරන ලදි. අද දිනයේ ලබාගත් ජයත් සමගින්, තරගයක් ඉතිරිව තිබියදීම, එක්දින තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. චිත්තාකර්ශනීය පිතිහරඹයක නිරත වූ නායක චරිත් අසලංක (නොදැවී 62) පිට පිටම…