- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
- නාවිකයන් සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ
- ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
Author: Buzzer Editorial
චීනය සහ ඉන්දියාව විසින් දෙරට අතර පවතින දේශසීමා ගැටළුව පිළිබඳ එකඟතාවයකට එළඹ ඇතැයි වාර්තා වෙයි.චීන විදේශ අමාත්‍යය ප්‍රකාශක ලින් ජියෑන් මහතා මේ බව ප්‍රකාශ කළේ බෙයිජිං හි දී පැවැත්වූ නිත්‍යය මාධ්‍ය හමුවේ දීය. රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂක අංශ ඔස්සේ මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කළ චීනය හා ඉන්දියාව ඉදිරියේ දී එක්ව එකඟතාවය විධිමත්ව අනුගමනය කිරීමට ද කටයුතු කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර රුසියාවේ කසාන් හි පැවති BRICS සමුළුව අතරතුරදීද මෙම අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. චීනය සමඟ ආරක්ෂක ගිවිසුමකට ඉන්දියාව එළඹී ඇති බවත්,ථ හමුදා දෙක අතර වසර 04ක් පුරා පැවති සන්නද්ධ…
යාපනය ශික්‍ෂණ රෝහලේ අක්‍ෂි අංශය, යුධ හමුදා මුලික රෝහල – පලාලි සමඟ එක්ව 2024 ඔක්තොම්බර් 14 සිට 25 දක්වා යාපනය ශික්‍ෂණ රෝහලේදී ඇසේ සුද ඉවත් කිරීමේ සුවිශේෂී සැත්කම් වැඩසටහනක් සාර්ථකව සිදුකරන ලදි. යුධ හමුදා මාධ්‍යවලට අනුව, වෛද්‍ය එම්. මලරාවන් ප්‍රමුඛ විශේෂඥ අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම කාර්යය සිදුකර ඇති අතර, ඔවුන් විසින් උතුරු පළාතේ දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 2,000 කට අධික ප්‍රමාණයක් නොමිලේ සිදුකරන ලදි. මෙම වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, යාපනය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ, යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ හා ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයින් පිරිසක් ද…
McDonald’s Corporation සහ International Restaurant Systems (පුද්) සමාගම අතර පැවති මෙරට නිල නියෝජිතත්වය පිළිබඳ එකඟතාවය නිල වශයෙන් අවසන් කර ඇති බව නිවේදනය කර සිටී. මෙම සමාගම් දෙක අන්‍යෝන්‍ය වශයෙන් නීතිමය එකඟතාවයකට පැමිණීමෙන් මෙරට නියෝජිතත්වය සම්බන්ධයෙන් මෙතෙක් පැවති ආරවුල් තත්ත්වය පිළිබඳව සමතයකට පැමිණ ඇත. ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, McDonald’s Corporation සහ International Restaurant Systems යන සමාගම් දෙකම මේ දක්වා මෙරට ජනතාවගෙන් ලද සහාය සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කර තිබේ. McDonald’s සමාගම මින් අනතුරුව මෙරට දේශීය ව්‍යාපාර කටයුතු සඳහා වෙනත් ආයතනයක් සමඟ සම්බන්ධ වන්නේද නැද්ද පිළිබඳව මෙතෙක් අනාවරණය කර නැත.
පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද සීමාවන්ට යටත්ව පමණක් වත්මන් රජය ණය ලබාගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඉදිරි පාර්ලිමේන්තුව තුළ දී එම සීමාවන් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවය. රූපවාහිනී වැඩසටහන සමග එක්වෙමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළේය. ප්‍රශ්නය – ජනාධිපතිවරයා පත්වුණ දවසේ ඉඳලා භාණ්ඩාගාර නිකුතු පහකින් බිලියන 569යි. ඒ වගේම බැඳුම්කර නිකුතු දෙකක් වුණා. බිලියන 127යි. ඔක්කෝම බිලියන 697ක් ණය ගන්නට සිද්ද වුණා. එ් අනුව මේ ණය ගැනීම එක පාරම නවත්තලා දාන්න පුළුවන් කියලා, මේක අධ්‍යයනය කරද්දි තේරෙන්නේ නෑ. ඉදිරියට තව ණය ගන්නේ නැතුව බදුත් අඩුකරලා පාලනය…
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පසුගිය 25 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් උණ රෝගය, සූකර අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය ආසාදිත හා අවදානම් ප්‍රදේශයට සීමා කිරීම හා පැතිරීමට ඉඩකඩ වැළැක්වීම සඳහා අවශ්‍ය වන පහත සඳහන් කටයුතු තහනම් කර තිබේ. සියලුම අවදානම් සහිත ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය…
මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද හෙට දිනයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවය. හෙට දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. ඊට අමතරව නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව මැතිවරණ කොමිෂන්…
වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව එම සමාගම පවසයි. ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කළේ, බෙදාහැරීමේ කටයුතුවල පැවති ගැටලුවක් හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහියපක ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවය. මැදපෙරදිග රටවල පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොග දිවයිනට පැමිණීම ප්‍රමාද වීම සහ ලාෆ්ස් සමාගමේ ප්‍රධාන පර්යන්තය ජලයෙන් යටවීම මෙම තත්ත්වයට හේතුවූ බව ඔහු සඳහන් කළේය. කෙසේවෙතත් ඊයේ (28) දිනයේ ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබේ. ඒ අනුව ඉදිරි දින දෙක තුන…
කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවැනි ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා (25) පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේදී පැවැත්විණි. කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මේ අවස්ථාව සමගින් ආදී ආනන්දීය, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, ආදී ආනන්දීය ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර, කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක යන මහත්වරුන්ද සහභාගී වූහ. මෙහිදී පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා එහි කාර්යභාරය පිළිබඳව සිසුන් දැනුවත් කරමින්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පුර්ණ පැහැදිලි කිරීමක් සිදු කළාය. මෙහිදී කොළඹ…
මහව සහ ඕමන්තේ දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට පළවන වාර්තා සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ඇතැම් වෘත්තිය සමිති විසින් වරින්වර එම දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට අදහස් පළකර තිබූ බවය. කෙසේ නමුත් දුම්රිය ධාවනයේදී දුම්රිය මගීන්ගෙත් හරස් මාර්ග හරහා ගමන් ගන්නා වාහන සහ පදිකයින්ගේත් ආරක්ෂාව සඳහා කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දුම්රිය ධාවනයට පෙර අවස්ථා කිහිපයකදීම අදාළ වෘත්තිය සමිති සහභාගී කරගනිමින් පරීක්ෂණ ධාවන වාර කිහිපයක් සිදුකළ බවත් එහිදී ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ ගැටළු සම්බන්ධව එකඟ වූ පරිදි කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ. එම සම්පූර්ණ නිවේදනය…
ඉන්දු – ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීමක් හෙට (29) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. හෙට පෙරවරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ධීවර අමාත්‍යංශයේ ලේකම් එම්. පී. එම්. එම් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ඉන්දු – ලංකා ඒකබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ 06වන රැස්වීම මෙය වන අතර මේ සඳහා නිලධාරී මට්ටමේ සාමාජිකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධුරයට පත්වීමෙන් අනතුරුව ඉන්දීය ධීවරයින් විසින් සිදුකරන ‘බොටම් ට්‍රෝලින්’ ක්‍රමය මඟින් මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ඉන්දීය තානාපති කාර්යාලය…