Author: Buzzer Editorial

සම්බාහන සේවයක් ලබා දෙන බව පවසා මුදල් වංචාවක් සහ කොල්ලකෑමක් සිදුකළ සැකකරුවන් 5ක් දෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ව බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් විසින් සම්බාහන සේවයක් ලබා දෙන බවට පවසා පුද්ගලයෙක් ගෙන්වා ගෙන පහරදී, පිහි පෙන්වා බිය ගන්වා ඔහු ලවා රුපියල් ලක්ෂ 10ක මුදලක් අන්තර්ජාල බැංකු කටයුතු හරහා බැර කරවාගෙන තිබේ. පසුව පසුම්බියේ තිබූ මුදල් රුපියල් 15,000ක් කොල්ලකා ඇති අතර, ඒ සම්බන්ධව බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි. එම පැමිණිල්ල මත විමර්ශන සිදුකර සිද්ධියට සම්බන්ධ සැකකාර යුවළක් අපරාධයට යොදා ගත් ත්‍රිරෝද රථයක්ද, සමඟ පසුගිය 08 වනදා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු…

Read More

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ණයගැතිභාවය නිසා මුහුණ දෙන ගැටලු පිළිබඳව සහ එම කර්මාන්තවලට සහන ලබා දීම පිළිබඳ වූ සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. ඒ මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී. අපොන්සු මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සහභාගී වී තිබේ. ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වර්ධනය කිරීම සඳහා බැංකු අංශයට ලබා දිය හැකි සහායද, මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබා ගෙන ඇති ණය සම්බන්ධවද මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත. එහිදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා…

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය. එමෙන්ම අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ඉවත් කර ගත යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය. “මේ වනවිට අපේක්ෂකයින් ඡන්ද ප්‍රචාරක කාර්යාලවලින් ඡන්ද මධ්‍යස්ථානවලින් පිහිටුවා තිබෙන කාර්යාල මධ්‍යම රාත්‍රියේ සිට සියල්ල ඉවත් කළ යුතුයි. මධ්‍යම රාත්‍රියෙන් පසුව තබාගැනීමට හැකි වෙන්නේ පක්ෂ හා කණ්ඩායම්වල කොට්ඨාසයට එකක් ලෙස පිහිටුවා තිබෙන කාර්යාලය පමණි. ඒ වගේම ඒ…

Read More

ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරු 18 දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. ඖෂධ ගෙන්විම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් එම කැබිනට් මණ්ඩලයේ සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍යවරු වන ටිරාන් අලස්, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, හරින් ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, නිමල් සිරිපාල ඇතුළු 18⁣දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ. ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම…

Read More

වෙළෙඳපොළේ පවතින ඇතැම් සහල් වර්ගවල හිඟය සහ අධික මිල හේතුවෙන් මේ වනවිට සහල් අලෙවිය 50%කින් පමණ පහළ වැටී ඇති බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. එමෙන්ම ඉකුත් සති කිහිපයේ වෙළෙඳපොළේ පාලන මිල ඉක්මවා සහල් මිල ගණන් ඉහළ ගිය අතර නාඩු සහල්වල හිඟයක් ද පැවතුණි. ඒ අනුව ජනාධිපතිවරයා ඔක්තෝබර් 24 වනදා මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් කැඳවා පාලන මිලට සහල් අලෙවිකරන ලෙස දැනුම් දුන් අතර, ඔවුන්ද එහිදී ඊට එකඟතාව පළකළේය. එමෙන්ම රට තුළ පවතින වී සහ සහල් තොග පිළිබඳ දත්ත වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස ජනපතිවරයා දුන් උපදෙස් අනුව පාරිභෝගික අධිකාරිය සැකසූ වාර්තාවද ඉකුත් නොවැම්බර් 06 වනදා ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.…

Read More

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 2025 පෙබරවාරි 24 සහ 25 යන දිනවල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියම කළේය. කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව 08ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම් අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් විරෝධතා ගොනු කිරීම…

Read More

මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ. එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණය පෙත්සම්කාර පාර්ශයට දැනුම් දුන්නේය.

Read More

2024 මහ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙවර යොදාගැනෙන්නේ වම් අතෙහි දබරැඟිල්ල බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පවසයි. අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැහැදිලි කළේය. “පසුගිය ජනාධිපතිවරණයේ දී අපි වම්අතේ සුලැඟිල්ල වර්ණ ගන්වනු ලැබුවා. බොහෝදෙනෙකුගේ ඒ සලකුණු කළ ආකාරය ඒ අයුරින්ම තිබෙනවා. ඒ නිසා මෙවර මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා වම් අතේ දබරැඟිල්ල සලකුණු කිරීම සඳහා භාවිතා කරන්න.” නොවැම්බර් 14 වනදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සියල්ල අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එමෙන්ම මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. තව දින 3කින්…

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් හා ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කිසිම අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙක් දුරකථන, වට්ස්ඇප් හෝ කිසිදු මාධ්‍යයක් භාවිත කරමින් එවැනි මුදල් එකතු කිරීමේ හෝ ඉල්ලා සිටීමේ ක්‍රියාවක නිරත නොවන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය ප්‍රකාශ කළේය. එවැනි වංචා කරුවන්හට හසුවී බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙසත්, එම වංචාකාරීන් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු…

Read More