Author: Buzzer Editorial

යුද්ධ හමුදා බුද්ධි අංශයේ බුද්ධි තොරතුරක් මත නොච්චියාගම පොලිසියේ නිලධාරින් සමග එක්ව සිදුකල වැටලීමකදි මිලියන 1.6 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා නීති විරෝධීව සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (26) දින මහබුලන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලිසිය සමත් විය. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා සතුව කේරල ගංජා කිලෝග්‍රෑම් 5.5 ක් විකිණීම සඳහා ඔහු සතුව තබාගෙන සිට ඇති අතර මොහු දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස නීති විරෝධීව මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත. වයස අවුරුදු 43 ක් වන අනුරාධපුර, විජේපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට පත් වී ඇති අතර ඉදිරි නීතිමය කටයුතු නොච්චියාගම පොලිසිය විසින් සිදු කරයි..

Read More

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා අද (27) තවදුරටත් තීව්‍ර වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන්, උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය. ඊට අමතරව බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි වේ. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකියි. නැවත දැනුම් දෙනතුරු තවදුරටත් මුහුදු යාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි. එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අද (27) සහ හෙට (28)…

Read More

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් 2017 වසරේ දියත් කරන ලද කොළඹ සහ මෙල්බර්න් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කර වසර 7 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදි. මෙල්බර්න් හී සිට කොළඹ දක්වා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාව වෙත හා ඉන් ඔබ්බට සංචාරය කිරීමට මෙන්ම ඔස්ට්‍රේලියාව සහ දකුණු ආසියාව අතර සංස්කෘතික හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය මහඟු මෙහෙවරක් ඉටුකර තිබේ. විශේෂයෙන් මෙම මෙල්බර්න් – කොළඹ සෘජු ගුවන් වාරය සිය නිවාඩුව ගත කිරීම සඳහා දිවයිනට පැමිණෙන ශ්‍රීලංකිකයන් අතර මෙන්ම ඉන්දියානු සංචාරකයින් අතර ද බෙහෙවින් ජනප්‍රිය වී ඇත. “ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීම, සංචාරක ප්‍රවර්ධනය සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ…

Read More

මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිඩක වෙන්දේසියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 06 දෙනෙකු මිලදී ගෙන ඇති අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මතීෂ පතිරණ තම කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර ඇත. එහිදී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් පෙරේදා දිනයේ මිලදී ගනු ලැබීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙඩාහි පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ඊයේ (25) දිනයේ තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙකු මෙවර IPL තරගාවලිය සඳහා කණ්ඩායම් විසින් මිලදීගෙන තිබේ. නුවන් තුෂාර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදීගෙන ඇති අතර කමිඳු මෙන්ඩිස් සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.…

Read More

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව පළවන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, 2014 – 2022 කාලයේ දී ණය ගැනීමට සිදුවුයේ, ලංවිම වියදම් අනුමත කළද , ඊට ගැලපෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනයට නියාමක නිලධාරීන් කටයුතු නොකළ නිසා බවය. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පැවති ක්‍රමවේදයට අනුකූලව, 2024 අවසන් කාර්තුවේ පුරෝකතනය කළ වියදම්ද, දෙවන හා තුන්වන කාර්තුවල ආදායම් ද, 2014 – 2022 වකවානුවේ ගත් ණය යළි ගෙවීම් ද සළකා, 6% සිට 11% දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය 2024.10.24 දින ඉදිරිපත් කළ යෝජනාව විදුලිබල ක්ෂේත්‍ර නියාමක විසින්…

Read More

ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව කම්කරු අමාත්, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (26) පැහැදිලි කිරීමක් කළේය. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැහැදිලි කළේය. “කාණ්ඩ කිහිපයක් යටතේ තමයි අවසර ලබාදෙන්නේ. විශේෂයෙන් වාණිජ මට්ටමේ තියෙන වාහන. නමුත් එය විදේශ විනිමය සීමාවන්ට යටත්ව තමයි කරන්නේ. නමුත් ඒ තියෙන ප්‍රශ්නයේදී දැනටම සැලකිල්ලට භාජනය කරලා තියෙනවා කොපමණ සංචිත ප්‍රමාණයක් තියෙනවාද කියලා. ඒ වගේම මහ බැංකුව යම් ආකාරයක අවශ්‍යකරන අතිරේක බෆර් රිසව් හදලා තියෙනවා. ඒ සීමාවට යටත්ව තමයි ඒ ප්‍රමුඛතා මත ඒ අවස්ථාව ලබාදෙන්නේ පළවෙනි අධියරයේදී. අවස්ථා තුනකදී තමයි මේ අවස්ථාවන් ටික ලැබෙන්නේ. මොකද ක්‍රමිකව මේ…

Read More

නව අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශවල විෂයපථයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. ඒ අනුව ගැසට් නිවේදනය මෙසෙයි. ගැසට් නිවේදනය 

Read More

ඉතා තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙනි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, උතුර, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 200 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය. ඊයේ (25) උදෑසන 8.30 සිට අද අලුයම 4.15 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතයන වාර්තා වන්නේ, අම්පාර ලාහුගල ප්‍රදේශයෙනි. එම අගය මිලිමීටර් 191 කි. අම්පාර, මහඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 149.5ක වර්ෂාපතනයක් වාර්තා විය. මිලිමීටර් 147ක වර්ෂාපතනයක් වාර්තා වන්නේ, අම්පාර දමන ප්‍රදේශයෙනි. මේ අතර අධික වැසි සමග මාදුරුඔය මහා ගංවතුර මට්ටමට ළඟා වී තිබේ. අධික වැසි සමග දිස්ත්‍රික්ක 9කට නායයෑම්…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් මාසයේ තෙවැනි සතියේ පමණ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා යාමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. එම සංචාරයේ දින වකවානු තවමත් තීරණය කර නොමැති බව වෛද්‍ය ජයතිස්ස මහතා පැවසීය. මේ අතර චීනයේ සංචාරයක් සඳහා ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ආරාධනයක් ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. චීන සංචාරය සඳහා මෙරට සිටින චීන තානාපති කාර්යාලය හරහා ආරාධනය ලැබී තිබුණි.

Read More

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය. ඒ ඔහු විසින් 2021 වර්ෂයේදී බේස්ලයින් පාරේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට පහරදිමේ සිද්ධියකට අදාළ නඩුවක් අද කැඳවු අවස්ථාවේදී ය. පසුගිය 21 වනදා අභිනව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී විපක්ෂ නායක අසුනේ වාඩිවී ඉන් ඉවත්වීමට ප්‍රතික්ෂේප කිරීමත් එම සිදුවීම ෆේස්බුක් ඔස්සේ විකාශය කිරීමත් හේතුවෙන් ඔහු ගැන වැඩි අවධානයක් යොමුවිය. එම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (25) ආරම්භ වූ වැඩසටහනක් අතරතුරදී ඔහු සිය කනගාටුව ප්‍රකාශ කළේය.

Read More