Author: Buzzer Editorial
පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය ු කළ බහාලුම් 03ක තිබූ පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 75,000ක් ප්‍රති අපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව ආනයනකරුවන්ට දැනුම්දී තිබේ. එලෙස ආනයනය කරන ලද බහාලුම් දෙකක සහල්වල ගුල්ලන් සිට ඇතැයි අනාවරණවී ඇති අතර අනෙක් බහාලුමේ තිබු සහල් උරවල කල් ඉකුත්වීමට ආසන්න දින සහිත පැරණි ලේබලය මතම නව ලේබලයක් අලවා ඇතැයි හෙළිවීම ඊට හේතුවය. මෙරට සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට රජය ඉකුත් 04 වැනිදා සිට අවසර ලබාදුනි. ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් සහල් ආනයනය කෙරෙමින් පවතින අතර පසුගිය 4 වැනිදා සිට ඊයේ (13) දහවල් දක්වා පෞද්ගලික ආනයනකරුවන් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 2300ක්…
කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් මේ බව ලිඛිතව පාර්ලිමේන්තු මහලේකම්වරියට දන්වා යවා ඇතැයිද සඳහන් වේ. කථානායක අශෝක රංවල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි. ඒ තමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව සමාජව තුළ මතු කරනු ලැබූ ගැටළුවක් හේතුවෙන් තමාට මේ මොහොතේ එම සුදුසුකම් සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් බව දන්වමිනි. එහෙත් තමන් තමාගේ සුදුසුකම් සම්බන්ධව සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් ඔහු සිය ලිපිය මගින් දන්වා තිබුණි. මේ අතර කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර…
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් මෙරට ඔලිම්පික් කමිටුවට ලබාදෙන අරමුදල් අත්හිටුවීමට තීරණය කර තිබේ. කෙසේවෙතත් ඔලිම්පික් ශිෂ්‍යත්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුකරන සෘජු ගෙවීම් එලෙසම ක්‍රියාත්මක කෙරෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාතික ඔලිම්පික් කමිටුව වෙත ඊමේල් පණිවුඩයකින් දන්වා ඇත. ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටු විශේෂ මහ සභා රැස්වීමක් ඊයේ (13)පැවති අතර එහිදී තීරණය කළේ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බවය. කෙසේවෙතත් කමිටුවේ වත්මන් නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2026 අප්‍රේල් මාසයේදීය. ඊයේ රැස්වූ විශේෂ මහ සභා රැස්වීමේදී ඉක්මනින් නිලවරණයක් පැවැත්වීමේ යෝජනාව තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වී තිබේ. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශ ලබාගැනීමෙන් පසුව ජාතික ඔලිම්පික් කමිටුවේ…
දකුණු කොරියානු විපක්ෂය විසින් එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෙවන වරට ගෙන ආ දෝෂාභියෝගය සම්මත වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඊට අදාළ ඡන්ද විමසීම අද පෙරවරුවේ එරටදී පවත්වා තිබුණි. දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 3 වනදා රාත්‍රියේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමිනි. කෙසේ වුවද පළමු වරට ගෙනආ දෝෂාභියෝගයේදී ජනාධිපති නියෝජනය කරන පාලක පීපල් පවර් පක්ෂය ඡන්ද විමසීම වර්ජනය කිරීමෙන් දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්විය. ජනාධිපතිවරයාට එරෙහිව දෙවන වරටත් දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂය ඊයේ (13) පියවර ගත්තේ ඒ අනුව ය. එහිදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සිය…
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (12) දිනයේ දී ඒකක 14,000 සීමාව ගියේය. අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 150.72 කින් ඉහළ ගිය අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,035.81 ක් ලෙසින් වාර්තා විය. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 42.80 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 4,186.09 ක් ලෙසින් දැක්වුණි. අද දින රු. බිලියන 7.35 ක කැපීපෙනෙන ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.
රාජකීය ඕස්ට්‍රෙිලියානු ගුවන් හමුදාව විසින් ඕස්ට්‍රේලියානු සෛවරී දේශසීමා බලකාය වෙත ලබාදී තිබූ Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පිරිනැමීම කොළඹදී සිදුවිය. මෙමඟින් සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ තර්ජන මැඩලීම සඳහා ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සහ කැපවීම නව තලයකට රැගෙන යයි. ඔක්තෝම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නීත්‍යානුකූලව භාර දුන් නවීන ද්විත්ව එන්ජිමක් සහිත ටර්බෝප්‍රොප් ගුවන් යානය මිනිස් ජාවාරම ඇතුළු ජාත්‍යන්තර අපරාධ රැසකට එරෙහිව සටන් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ගුවන් සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන් සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ. මෙම තිළිණය ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා දෙරටේ අන්‍යෝන්‍ය උත්සහයන් මැනවින් ප්‍රදර්ශනය කරන…
විලියම් සහ කේට් යුවළට ඔවුන් සිතුවාට වඩා බොහෝ ඉක්මණින් බ්‍රිතාන්‍ය රජකම බාර ගැනීමට සිදුවනු ඇති බවත් ඔවුන් ඒ සඳහා සූදානම් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති බවත් රාජකීය චරිතාපදාන ලේඛිකාවක් වන සැලී බෙඩ්ල් ස්මිත් පැවැසුවාය. දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවයත් සමග 2022 වසරේ තෙවැනි චාල්ස් රජු බ්‍රිතාන්‍ය රජකම බාරගත් අතර එහිදී විලියම් කුමරු රජකමට මීළඟ සුදුස්සා විය. තෙවැනි චාල්ස් රජු හෙළි නොකළ පිළිකා රෝගයකට ප්‍රතිකාර ලබන අතර ඒ හේතුවෙන් ඔහුට යම් මොහොතක රාජකීය කටයුතුවලින් ඉවත් වීමට සිදුවනු ඇතැයි පැවැසෙයි. කැමිලා බිසවද මෑතකදී නිව්මෝනියා රෝගයට ගොදුරු වීම හේතුවෙන් ඇයට රාජකීය කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට සිදුවිය. කේට් කුමරිය මේ වනවිට පිළිකා රෝගයෙන් සුවය ලබා සිටින…
සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කර තිබේ. ඒ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් යන අය ඊට ඇතුළත් ය.
රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් තලාතුඔය ප්‍රදේශයේ කාන්තාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කඩවත, ගෝනහේණ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඇයව මහනුවර, බෝගම්බර ක්‍රීඩාපිටිය ඉදිරිපිට ඇති වාහන රථගාලේ දී අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිමැටියවත්ත යන ඉඩම පැමිණිලිකරුට වගා කටයුතු සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා ලබාගැනීමට අවශ්‍ය රජයේ කටයුතු සිදුකරදීම වෙනුවෙන් අතරමැදියකු ලෙස කටයුතු කරමින් අදාළ කාන්තාව රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබුණි. අත්අඩංගුවට ගත් සැකකාරිය මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය අතරතුර තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු විසින් මෙම තුවාල සිදුකළ බවට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ තලංගම පොලීසිය මගිනි. එසේ තිබියදී, අධිකරණයේ එදින පෙනී සිටි නිලධාරියා මෙවැනි කරුණු දැක්වීමක් සිදුකළා ද යන්න පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද දැනුම්දෙයි. ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පසුගිය 2 වනදා බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී තියුණු ආයුධයකින්…