Author: Buzzer Editorial

මියන්මාර ජාතිකයින් 100කට අධික පිරිසක් රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව මුලතිව්, නාවික නිලධාරීන් හා පොලීසිය පවසයි. ඔවුන් සරණාගතයින් ලෙස මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට බහුදින යාත්‍රාවකින් රැගෙන යමින් සිටියදී එලෙස මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව සඳහන් ය. අදාළ ධීවර යාත්‍රාවේ ගමන්ගත් පිරිසට ආහාර හා ජලය හිඟවීම මත එය මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව වාර්තා වෙයි. යාත්‍රාවේ සිටින පිරිසට අවශ්‍ය ආහාර හා ජලය ලබාදීම නාවික හමුදාව විසින් සිදුකරන බවත්, ඔවුන්ට කුමක් සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලන බවත් ආරක්ෂක බලධාරීන් පැවසීය. එම යාත්‍රාවේ කුඩා දරුවන් 25කට ආසන්න පිරිසක් සිටින බවට දැනට අනාවරණය වී ඇතැයි…

Read More

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පාකිස්තානයෙන් උසස් ජානමය හැකියාවක් සහිත ගවයන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. උසස් තත්ත්වයේ ජාන හැකියාවක් සහිත ගවයන් ලබා ගැනීම සඳහා 2023 හා 2024 වර්ෂ දෙකෙහිම රුපියල් මිලියන 100 බැගින් වෙන් කර තිබුණ ද, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සම්බන්ධයෙන් පැන නැගී තිබූ ගැටලු හේතුවෙන් අවශ්‍ය ගවයන් සපයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව රජය පවසයි. එබැවින්, සෘජුවම රජයන් දෙකක් අතර සිදුකරනු ලබන ගනුදෙනුවක් වශයෙන් සුදුසු ගවයන් මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් රටවල් කිහිපයකින් තොරතුරු විමසා ඇති අතර, පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීම යටතේ පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය විසින් සහිවාල් හා නිලිරවි…

Read More

රජයට අයත් වාණිජමය නොවන ආයතන සමාලෝචනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊයේ (18) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයීම, ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය රැකීම, විවිධ නියාමන කටයුතු, භාණ්ඩ හා සේවා සැපයීමට අදාළ වෙළෙඳපොළ කටයුතුවලට මැදිහත්වීම, සම්පත් සාධාරණව බෙදාහැරීම, ආපදා කළමනාකරණය සහ සමාජ සුබසාධනය වැනි ප්‍රධාන කාර්යයක් රජය වෙත පැවරී ඇත. එම කාර්යයන් ක්‍රියාත්මක කිරීම් සඳහා ආරක්ෂක අංශ සහ පොලීසිය හැරුණු විට දෙපාර්තමේන්තු 86ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යයල 25ක් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 339ක්, රජයට අයත් ව්‍යාපාර 340ක් සහ වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115ක් යම් වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. …

Read More

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව සංශෝධනය කිරීමට නියමිතය. එම තීරණය හේතුවෙන් මේ වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට විශ්‍රාම යෑමට නියමිතව සිටි අයට අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවස්ථාව හිමිවේ. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරු, සියලුම ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ දන්ත සෛල වෛද්‍ය නිලධාරීන්, සියලුම දන්ත සෛල දෛව්‍ය නිලධාරීන්, සියලුම පරිපාලන ශ්‍රේණී වෛද්‍ය නිලධාරීන් හා රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දිර්ඝ කෙරේ. මීට පෙර තිබූ අවුරුදු 65 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස 2022 වසරේ දී එවකට ආණ්ඩුව විසින්…

Read More

අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව 2025 වසරේ ජනවාරි මස 31 හෝ ඊට පෙර ලංකාවට ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එම ලුණු තොගය සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයින් මඟින් වෙළෙඳපොළට සැපයීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය රටේ ගෘහ හා කාර්මික අවශ්‍යතා සඳහා පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් වන අතර, ලුණු අස්වැන්න කාලගුණික තත්ත්වයන් මත රඳා පවතී. රට තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය වෙළෙඳපොළේ ගෘහ සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා වන ලුණු සැපයීමේ හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වී තිබේ. ඒ සඳහා…

Read More

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අවසන් කළේය. ඒ අනුව එහි තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය. යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් පුරා දින තුනක් තිස්සේ විභාගයට ගැණුනි. ඒ අනුව පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයේ සියලුම නීතිඥවරුන්ගේ වාචික දේශන ඉදිරිපත් කිරීම අද සවස අවසන් විය. ඉන් අනතුරුව ලිඛිත දේශන තිබේනම් ඒවා හෙට (19) පෙ.ව.…

Read More

2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පැවසීය. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ වාහන ආනයනයට පනවා ඇති සීමා ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි. “එයත් එක්ක ගොඩනැගුන කර්මාන්තයක් තියෙනවා. ව්‍යවසායකයින් ඉන්නවා. ඒ නිසා දීර්ඝ කාලයක් මෙම වාහන වෙළෙඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නෑ.” ඒ අනුව කාණ්ඩ තුනකින් වාහන ආනයනයට අවසර දීමට රජය සැලසුම් කර ඇති බව ජනපතිවරයා පැවසීය. “මගී ප්‍රවාහන බස් සහ විශේෂ කාර්යයන් සඳහා භාවිත කරන වාහන ගෙන්වීමට 2024.12.14 සිට විවෘත කරලා තියෙන්නේ. භාණ්ඩ ප්‍රවාහනය…

Read More

උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය. “තුන්වෙනි සමාලෝචනය පටන් ගන්නකොට අපේ යෝජනාවන් වුණේ වෘත්තීයවේදීන් මත පනවා තිබූ උපයනවිට ගෙවන බද්ද පිළිබඳව. “අපි නැවත සාකච්ඡා ආරම්භ කළා. බද්ද පනවන සීමාව ලක්ෂයකට උඩ. අපි එය 150,000 දක්වා වැඩි කරගන්න සමත් වුණා.” “ඒ වගේම 6%ක බද්දකට යටත් වනපරිදි පුද්ගලික ආදායම් බද්දේ 1 වන කාණ්ඩය රු 500,000 සිට රු ලක්ෂ 10 දක්වා සංශෝධනය ලබාගන්න අපි සමත් වුණා.” “ඒ අනුව 150,000ක් මාසෙකට වැටුපක් ගන්න කෙනෙකුගේ බදු 100%ක් නිදහස්. රු 200,000ක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද…

Read More

ආණ්ඩුවේ හොරකම් නැති නිසා විපක්ෂය අධ්‍යාපන සුදුසුකම් හොයන්න අරගෙන. වත්මන් රජයේ හොරකම් නැති බැවින් විපක්ෂය අධ්‍යාපන සුදුසුකම් සෙවීමේ පටු දේශපාලන අරමුණක නිරත වෙමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැවති ආර්ථීක අර්බුධය හේතුවෙන් පාසල් ළමුන්ගෙන් 55% ක ම අධ්‍යාපනය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවෙලා තිබෙනවා. එයිනුත් ග්‍රාමීය හා වතු ආශ්‍රිත දරුවන්ට වැඩි බලපෑමක් ඇතිවෙලා. බලපෑමට ලක් වූ ළමුන්…

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඊයේ (16) නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන බැවින් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ කලාපීය බලශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින්, ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සමඟින් ඉදිරියටයාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසා කරන බවය.

Read More