Author: Buzzer Editor

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 21 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 48 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 213 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා පන්දු 111 කින් ලකුණු 93 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත් වූයේය. ඊට අමතරව දිමුත් කරුණාරත්න ලකුණු 33 ක්, මහීෂ් තීක්ෂණ ලකුණු…

Read More

අගහරු හෙවත් රතු ග්‍රහයා ගවේෂණය කරන ඇමෙරිකාවේ නාසා ආයතනයේ රොබෝ රෝවර් යානය ‘පර්සිවරන්ස්’ ට අමුතු අපූරු දෙයක් දකින්න ලැබී ඇත. මේ අමුතු අපූරු අත්භූත දේ ඩෝනට් හැඩය ගත් පාෂාණයකි. අගහරු මතුපිට මෙවැනි ඩෝනට් හැඩයේ පාෂාණ විද්‍යාඥයන්ට දකින්න ලැබී නැති බැවින් මෙම සොයා ගැනීම ප්‍රහේලිකාවක් වී අවසන්ය. පර්සිවරන්ස් රොබෝ යානය මෙම අමුතු පාෂාණ වස්තුව දැක ඇත්තේ පසුගිය ජූනි 23 වැනිදා යැයි ද පැවැසෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද (01) දින සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශකර සිටිනවා. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවට එම දෙපාර්තමේන්තුව නිකුත් සඳහන් වනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන සරවල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තව දුරටත් ප්‍රකාශ සිටියා.

Read More

කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු වෙත යද්දී රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා සැලසුම් කර තිබේ. ජනාධිපති ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ කමිටු වල සභාපතිවරුන්ගෙන් ලද පැමිණිලි හා ඊට අදාලව කළ නිදහසට කරුණු විමසීමේදි නිලධාරීන් දුන් පිළිතුරු සැලකිල්ලට ගැනීමෙන් පසුවය. කෝප් සහ කෝපා යන කමිටු වලින් ජනපති ලේකම් සමන් ඒකනායක මහතාට පැමිණිලි ලැබී ඇත්තේ මෙම කමිටුවලට පැමිණෙන නිලධාරීන්ගෙන් බොහෝ දෙනකු ඊට නිසි සුදානමින් නොපැමිණෙන බව කියමිනි. අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ප්‍රධාන ලේකම්වරුන් අදාල ආයතනය වල විගණන කමිටුවට සහභාගී නොවී විගණකාධිපතිගේ දැනුම්දීම් ගැන අධ්‍යයනයකින් තොරව පාර්ලිමේන්තු කාරක සභාවෙත පැමිණ පිළිතුරු දෙන…

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ සහ වැඩි වූ මිල සහ නව මිල ගණන් පහතින් දැක්වෙනවා. ඉහළ දැමූ ඉන්ධන පහළ දැමූ ඉන්ධන

Read More

The Jeep Club of Sri Lanka (JCSL) විසින් සංවිධානය කරන ලද “Call of the Wild” ගවේෂණ චාරිකාව පසුගියදා ඉතා සාර්ථක ලෙස නිමාවට පත්විය. JCSL සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සහ ඔවුන්ගේ පවුල්වලින් යුත් කණ්ඩායමක් මෙම ගවේෂණ චාරිකාවකට සහභාගී විය. මෙම ගවේෂණ චාරිකාවේ පළමු දිනය යාල 5 වැනි කොටස සහ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ලෙසින් ප්‍රසිද්ධියට පත් යාල 6 වැනි කොටස ගවේෂණය කිරීමෙන් ගතවූ අතර ගවේෂණ චාරිකාවේ දෙවන දිනය වෘක්ෂලතා සහ සත්ත්ව විශේෂ වලින් බහුල ප්‍රදේශයක් වන යාල 1 වැනි කොටස තුළ ගතකළ ඔවුන්ට වනජීවී අධිකාරිය සහ JCSL හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් විසින් ස්වභාවධර්මයට අවම බාධාවක් වන පරිදි වගකීමෙන් රිය පැදවීම උදෙසා කළ යුතු සහ…

Read More

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඊයේ (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට පත්වී තිබෙනවා. අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ. මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවටයි වැඩිදුරටත් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (30) පැවැත්වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතව තිබෙනවා. සිම්බාබ්බේ බුලවායෝ හිදී පැවැත්වෙන එම තරගය සුපිරි 6 දෙනාගේ වටය යටතේ පැවැත්වෙන දෙවැනි තරගය වේ. තරග දෙකකට පමණක් ක්‍රීඩා කර ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සුපිරි 6 දෙනාගේ වටය යටතේ තරග සඳහා යොදා ගන්නා බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක මීට පෙර ප්‍රකාශ කර තිබුණද ඊයේ හවස වාර්තා වී තිබුණේ ආබාධය මත දුෂ්මන්ත…

Read More

ලොව විශාලතම මගී ප්‍රවාහන නෞකාව වන “අයිකන් ඔෆ් ද සීස්” ඉකුත් ජූනි මස 22 වැනිදා ෆින්ලන්තයේදි සිදු කළ පර්යේෂණ ගමනින් පසුව ප්‍රථම වරට නිල වශයෙන් විවෘත මුහුදේ යාත්‍රා කර ඇත. රෝයල් කැරබියන් ඉන්ටර්නැෂනල් සමාගමට අයත් “අයිකන් ඔෆ් ද සීස්” නෞකාව දිගින් මීටර් 365 ක් වන අතර බර ටොන් 250,800 බව පුරෝකථනය කර තිබේ. මෙම නෞකාවේ මගීන් 5610 දෙනකුට ගමන් කිරීමට පහසුකම් තිබෙන අතර කාර්ය මණ්ඩලය 2350 වන බව පැවැසෙයි. විශේෂඥයන් 450කට අධික පිරිසක් දින හතරක කාලයක් නෞකාවේ ප්‍රධාන එන්ජිම, බඳ සහ ප්‍රචාලක පිළිබඳ මූලික පරීක්ෂණ සිදු කර ඇති අතර ශබ්දය සහ කම්පන මට්ටම් පිළිබඳවද පරීක්ෂා කර ඇත. මූලික පරීක්ෂණ වලින්…

Read More

අද (30) දින සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශකර සිටිනවා. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවට එම දෙපාර්තමේන්තුව නිකුත් සඳහන් වනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන සරවල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තව දුරටත් ප්‍රකාශ සිටියා.

Read More