- සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි
- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
- ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
Author: Buzzer Editor
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අද (03) දිනයේ බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 150 වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං…
ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා අයවැය සහ සුබසාධන ආධාර වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් ඊයේ අනුමත කළ බව නියෝජිතායතන වාර්තා කළේය. අරමුදල්වලින් ඩොලර් මිලියන 500 ක් පමණ අයවැය ආධාර සඳහා වෙන් කරනු ලබන අතර ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 200 අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූවන් සඳහා වෙන් කර ඇති සුභසාධන ආධාර සඳහා වේ.
අධි ඇසළ පොහොය අදට (03) යෙදී තිබෙනවා. සාමාන්‍ය වශයෙන් වසරකට පුර පසළොස්වක පොහොය දොළහක් වන අතර ‘අධි පසළොස්වක’ යනු, ඊට අමතරව ඇතැම් වර්ෂවලදී යෙදෙන පොහොය යි. ඒ අනුව ඓතිහාසික ශාසනික කිසි සිදුවීමකට මෙම අධි පසළොස්වක පොහොය සම්බන්ධ නොවන බවයි සඳහන් වන්නේ.
ඊශ්‍රායලය සිට ශ්‍රී ලංකාව අතර ප්‍රථම වරට සෘජු මගී ගුවන් සේවා ආරම්භ කිරීමට දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ පියවර ගෙන තිබේ. ඒ අනුව ලබන ඔක්තෝබර් මස සිට ඊශ්‍රායලයේ “ආකියා” ගුවන් සේවයට අයත් ගුවන්යානා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පැවසීය. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඒ අනුව නව ගුවන් සේවාව ආරම්භ කිරීම පිළිබඳව පවතින ගැටලු නිරාකරණය කරගනිමින් එකඟතාවයක් සඳහා පැමිණිමට දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ අතර අවබෝධතා ගිවිසුමක් නුදුරේදී අත්සන් කිරීමට නියමිතය බවත් සිවිල් ගුවන්සේවා අධිකාරිය පැවසීය. (ලංකාදීප)
ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (02) පැවැත්වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතව තිබෙනවා. මේ අතර ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ලහිරු කුමාර වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතය සදහා ආදේශ කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ. එය තරමක් පුදුම සහගත වන්නේ චාමික…
රුසියන් ප්‍රහාරවලින් විනාශ වුණු යුක්රේනයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ලෝක බැංකුව ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබා දීමට තීරණය කර ඇත. මෙම මුදල් යුක්රේන රජයට ලබා දීම සිදුවන්නේ ජපානයේ මැදිහත් වීමෙනි. ජපානය ඇපකරුවකු ලෙස කටයුතු කරයි. සමාජීය ආරක්ෂාව තහවුරු කරමින්, ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට මෙම මුදල් භාවිතා කරන බව යුක්රේන රජය පවසා ඇත. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද දින (02) සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු…
ශ්‍රී ලංකාවට කිලෝමීටර 1260 ක් ගිණිකොන දිග මුහුදේ, ඊයේ (01) භූ කම්පනයක් සිදු වී තිබෙන බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය තොරතුරු හෙළිදරව් කරමින් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව රිප්‍ටර් මාපක 5.8ක අගයකින් එම භූකම්පනය වාර්තාවී ඇති බවයි සඳහන් වන්නේ. මෙම භූකම්පනය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවට තොරතුරු වාර්තා වන නමුත් එමගින් ලංකාවට බලපෑමක් නොමැති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ.
තේ මිල අනපේක්ෂිත ලෙස, විශාල වශයෙන් අඩු වී ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පවසයි. රුපියලේ අගය ඉහළ යාමත් ,තේ සැපයුම වැඩිවීම සහ නිෂ්පාදන මිල ගණන් ඉහළ යාමත් ඊට බලපා ඇතැයි ඔහු කීවේය. සාමාන්‍ය තේ කිලෝවක් මිල රුපියල් 1,500ක් පමණ වුවද එය මේ වන විට රුපියල් 1000 පමණ දක්වා අඩු වී ඇතැයි ද හෙතෙම කීවේය. තේ කර්මාන්තය පවත්වාගෙන යාමට එය බරපතළ ගැටලුවක් වී ඇතැයි කියති. රුපියල් 250 ,260, 270 ආදි වශයෙන් පැවැති අමු තේ දළු කිලෝවක මිල මේ වන විට රුපියල් 165ක් පමණ දක්වා අඩුවී ඇත. (ලංකාදීප)
අද සිට ක්‍රියාත්මක වන පරිදි කාණ්ඩ හතරක් යටතේ දුම්වැටි මිල ඉහළ දමා තිබේ. නිෂ්පාදන බද්ද ඉහළ දැමීමත් සමඟ මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක කර ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසා සිටිනවා. ඒ අනුව දුම්වැටි මිල රු. 5/-, රු. 15/-, රු. 20/-, සහ රු. 25/ ක් ලෙස ඉහළ දමා තිබේ.