- සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි
- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
- ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
Author: Buzzer Editor
2023 වසර අපොස උසස් පෙළ විභාගය සදහා අයැදුම් පත් භාර ගැනීම පසුගිය 7 වෙනිදා සිට මෙම මස 28 වැනිදා දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ට විකිරණ ප්‍රතිකාර කරන ‘ලීනීයර් ඇක්සලරේටර්’ නැමැති විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය සති දෙකක සිට අක්‍රීය වී තිබීම නිසා දරුවන්ට ප්‍රතිකාර කිරීම අත්හිටුවා ඇතැයි එම රෝහලේ වෛද්‍යවරු පවසති. පිළිකාවට රෝගයට ගොදුරු වූ දරුවන් 15 කට පමණ දිනකට එම යන්ත්‍රයෙන් ප්‍රතිකාර දෙන බවත් ඊට අමතරව දින දීමෙන් පසුව පැමිණෙන දරුවන් 10 ට පමණ ද දිනකට ප්‍රතිකාර කරන බවත් වෛද්‍යවරු කියති. (දිවයින)
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත හා උසස් විශ්ලේෂණ මධ්‍යස්ථානය (Data and Advanced Analytics Centre of Excellence) වන OCTAVE සහ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශය අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මෙම අවබෝධතා ගිවිසුම, මෙරට තුළ දත්ත හා උසස් විශ්ලේෂණ හැකියාවන් වර්ධනය කරමින් එම ක්ෂේත්‍රය තුළ දක්ෂ වෘත්තිකයන් පිරිසක් බිහි කිරීමට මහෝපකාරී වනු ඇත. ශ්‍රී ලංකාවේ දත්ත විශ්ලේෂණය සම්බන්ධ ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් වශයෙන්, මේ ආකාරයට රටේ උසස් අධ්‍යාපන ආයතන සමග සමීප සම්බන්ධතා ගොඩ නංවා ගැනීම අතිශයින් වැදගත් බව OCTAVE විශ්වාස කරයි. මෙම ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙසේ පැවසී ය. “තාක්ෂණයේ…
ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 243 ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක්, දුෂාන් හේමන්ත කඩුලු 2 ක්, දිල්ෂාන් මදුෂංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී බටහිර ඉන්දීය…
ස්වීඩනය ‘නේටෝ’ සාමාජිකයකු වීම දැකගන්න තමන් නොඉවසිල්ලෙන් බලා සිටින බව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ධවල මන්දිරයට ආ ස්වීඩන අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටෝර්සන් හමුවී ඔහු සමඟ සාකච්ඡා කරද්දීය. ස්වීඩනය යුරෝපා රාජ්‍යයකි. ස්වීඩනය මෙන්ම ෆින්ලන්තය ද මේ වනවිට ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය වෙනුවෙන් ඇයදුම්පත් යොමු කර තිබේ. ස්වීඩනය සහ ෆින්ලන්තය මෙසේ ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා ඇත්තේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් බිය පළ කරමිණි. ‘නේටෝ’ යනු රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින්, ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් එක් වී පිහිටුවා ගත් යුද සන්ධානයයි. ෆින්ලන්තයට මෙන් නොව, ස්වීඩනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා ගැනීමේ දී ගැටලුවක්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.
සිංහල සිනමාවේ ජ්‍යේෂ්ඨතම රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහත්මිය 86 හැවිරිදි වියේ පසුවිය. නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. සුරංගනී චිත්‍රපටය හරහා රංගනයට පිවිසි කාන්ති ගුණතුංග මහත්මිය දොස්තර, දුප්පතාගේ දුක, සුරසේන, සූරයා, සංදේශය, වන මෝහිණී චිත්‍රපට සඳහා රංගනයෙන් එක්විය. (දිවයින) Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගා කිරීමේ බලය ලැබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කරනවා. නීතිමය ප්‍රතිපාදන නොමැතිව කංසා වගා කළහොත් සිරගත වීමට සිදුවිය හැකි බවත්, ඉදිරිපත් කරන නව පනත සම්මත වන දිනය අනුව මෙහි කාල රාමුව තීරණය වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව ආයුර්වේද කොමසාරිස් විසින් ඒ සඳහා වන රෙගුලාසි පැනවිය යුතු බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි වැඩි දුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ස්ථිර හා සක්‍රිය සේවයේ නියුතු සෑම ග්‍රාම නිලධාරියකුම සාමදාන විනිශ්චයකරුවන් ලෙස පත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවටයි මාධ්‍ය වාර්තාවන්ගේ සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
Mark Zuckerberg ගේ Meta සමාගම විසින් නිමවන ලද නවතම සමාජ මාධ්‍ය ජාලය වන Threads අද (06) එළිදැක්වීම සිදුකර තිබෙනවා. මෙම නව සමාජ මාධ්‍ය ජාලය එළිදක්වා පළමු පැය 4 තුළ මිලියන 5 ක පිරිසක් මේ සඳහා ලියාපදිංචි වී ඇති බවයි Meta ප්‍රධානී Mark Zuckerberg සඳහන් කරන්නේ. අලුතින් දියත් කළ ත්‍රෙඩ්ස් (Threads) යෙදුම Twitter අභිබවා යාම ප්‍රධාන අරමුණ බවයි Meta ප්‍රධානී Mark Zuckerberg වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.